මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.
මේ දිනවල මහ බැංකුවේ 70% ක පමණ අධික වැටුප් වර්ධකයක් ලබා දීමේ සාධාරණත්වය පිළිබඳ ව පාර්ලිමේන්තුවේ සහ සමාජයේ දැඩි කථිකාවතක් හට ගෙන ඇත. එය පරික්ෂා කිරීම සඳහා මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරියේ දී කැඳවන බව මුදල් රාජ්‍ය ඇමතිවරයෙකු පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කරන ලදි. එබැවින්, මෙම ලිපියේ අරමුණ එම වැටුප් වර්ධකය පිළිබඳ ව රජයට හෝ පාර්ලිමේන්තුවට කළ හැකි දෙයක් නොමැති බව සනාථ කිරීම යි. ඊට හේතුව, එය 2023 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු පනතින් ලබා දී ඇති ස්වාධීනත්වය සහ වගකීම් අනුව ඉටු කිරීමත්, මහ බැංකු ක්‍රියාකාරකම්වලට මැදිහත් වීමට එම පනත තුළ පාර්ලිමේන්තුවට හෝ රජයට විශේෂ ප්‍රතිපාදන නොමැති වීමත් ය. වැටුප් වර්ධකය පිළිබඳ ව මහ බැංකු පුවත් නිවේදනය එහි හරය මෙසේ ය. එම පුවත් නිවේදනය පහත දැක්වෙයි. මෙය 2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැටුප් සංශෝධනය බව. ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 (2) (ආ) වගන්තිය ප්‍රකාර ව පාර්ලිමේන්තුව කමිටුවක් හරහා පාර්ලිමේන්...
Comments
Post a Comment