Posts

Showing posts from January, 2022

පොදුජන ආර්ථිකය බංකොලොත් කළ ස්වෛරීත්ව බැඳුම්කර (ISB) උගුලෙන් ගොඩ ඒමට හැකි ද?

Image
  මේ දිනවල දැඩි දේශපාලනික වාද විවාදවලට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ ඉදිරියේ දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (International Sovereign Bonds) ආපසු ගෙවීමට රජය විසින් මුහුණ දෙන මුදල් හිඟය යි. එය දෙයාකාර වෙයි. එනම් , මහ බැංකුව සතු විදේශ සංචිතය හීන වීම හේතු කොට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත නොමැති වීමත් , ඩොලර් කෙසේ හෝ සංචිතයට සපයා ගත්ත ද, ඒ සඳහා ගෙවීමට රජයට රුපියල් අරමුදල් හිඟ වීමත් ය.  එබැවින්, පසුගිය ජනවාරි මස 18 දින අඛණ්ඩ රාජ්‍ය ණය ගෙවීමේ මානසික වාර්තාව පවත්වා ගැනීම සඳහා ඉතා අමාරුවෙන් ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවා දැමීම තුළින් පොදුජන ආර්ථිකය බංකොලොත් භාවයට දැමූ බව නොරහසකි. ආර්ථිකයේ හුස්ම පවත්වා ගැනීම සඳහා එය ජාත්‍යන්තර සම්මතයන් අනුව ප්‍රතිව්‍යුහගත කරන ලෙස ආර්ථික වියතුන් විසින් ඉල්ලා සිටිය ද, රාජ්‍ය ණය කළමනාකරු සහ නිල මූල්‍ය උපදේශක වන මහ බැංකුව විසින් එය නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරන ලදි.  තවත් ඩොලර් මිලියන 1,000 ක බැඳුම්කරයක් පොලිය සමඟ එන ජූලි මාසයේ දී ගෙවීමට නියමිතය. මෙහිදී, අඛණ්ඩ රාජ්‍ය ණය ගෙවීමේ මානසික වාර්තාව බිඳීමට සිදු වන බව නොරහසකි

ශ්‍රී ලංකා සංවර්ධනය නොදුටු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (Sri Lanka Development Bonds)

Image
  ශ්‍ රී ලංකා  සංවර්ධන බැඳුම්කර  යනු දේශීය වෙළෙඳපොළෙන් ඩොලර් මුදලින් ණය ගැනීම සඳහා නිකුත් කෙරෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ගයක් වෙයි. මහ බැංකුවේ පුවත් පත් දැන්වීම් අනුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යනු ඇමෙරිකන් ඩොලර් වටිනාකමින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර (Treasury bonds denominated in US Dollar) වෙයි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරෙන්නේ ලියා පදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත (Registered Stocks and Securities Ordinance) යටතේ ය. මෙම ණය ඩොලර් මුදලින් රැස් කළ ද, එය දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් රැස් කෙරෙන බැවින් දේශීය රාජ්‍ය ණය යටතේ වාර්තා කෙරේ. ශ්‍රී ලංකා  සංවර්ධන බැඳුම්කර 2001 වර්ෂයේ දී රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් මහ බැංකුව විසින් හඳුන්වා දුන් අතර මෙම බැඳුම්කර හරහා ලබා ගෙන ගෙවීමට නියමිත ණය ප්‍රමාණය 2021 සැප්තැම්බර් මාසය අවසානයේ දී   මුළු රාජ්‍ය ණයවලින් 2.7% ක් පමණ විය.  එය 2010 වර්ෂයේ දී 3.5% සිට 2015 දී 7.9% දක්වා ඉහළ ගිය අතර ඊට පසුව අඛණ්ඩව 2021 දී 2.7% දක්වා පහළ ගොස් ඇත.  එබැවින් , එය රාජ්‍ය ණය මූලයක් වශයෙන් එතරම් සැලකිය යුතු වැදගත්කමක් නොවීය. ශ්‍රී ලංකා  සංවර්ධන බැඳුම්කර හඳුන්වා දීමේ අරමුණ වූය

රජයන් දෙදරුම් කවන මහජනතාව මත පෙරලෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury bonds)

Image
ප සුගිය ලිපියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම තුළින් රජය ණය ලබා ගන්නා ආකාරයත් ,  මහජනතාවට එහි මුදල් ආයෝජනය කළ හැකි ආකාරයත් , පසුගිය වර්ෂ දෙක තුළ භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ පැවති ප්‍රවණතාවන් පිළිබඳවත් ඉදිරිපත් කෙරින. භාණ්ඩාගාර බිල්පත් යනු දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වර්ෂයකට නොවැඩි කාලයක් තුළ ආපසු ගෙවීම සඳහා මහජනතාවගෙන් ණය ගැනීම පිණිස මහ බැංකුව විසින් වෙන්දේසි මගින් නිකුත් කෙරෙන වෙළෙඳාම් කළ හැකි රාජ්‍ය පොරොන්දු පත්‍ර  හෝ වගකීම්  වෙයි. එහෙත් , භාණ්ඩාගාර බැඳුම්කර යනු වර්ෂ 60 ක් නොඉක්මවන කාලයක් සඳහා රජයට ණය ගැනීම පිණිස ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ  මහ බැංකුව විසින් වෙන්දේසි මගින් නිකුත් කෙරෙන වෙළෙඳාම් කළ හැකි රාජ්‍ය පොරොන්දු පත්‍ර වෙයි.  මෙම පොරොන්දු පත්‍රයන් රජයට ණය ලබා දෙන ආයෝජකයන්ට ලැබෙන අතර ඒවා ඔවුන්ගේ වත්කම් වෙයි. එම වත්කම් ආයෝජකයන්ට අභිමත පරිදි ද්විතීය වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කළ හැකිය. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මුදල් මණ්ඩලයේ අනුමැතිය මත මහ බැංකුව විසින් 1997 මාර්තු මස රුපියල් මිලියන 500 බැගින් වූ වෙන්දේසි දෙකක් හරහා ආරම්භ කෙරින. එතෙක් , මැදි හා දිගු කා