Posts

Showing posts from April, 2023

වයස 72 දී ආර්ථිකය සමඟ ඝාතනය වන මහ බැංකුව - පරීක්ෂණයක් නැත් ද?

Image
මෙම ලිපියේ අරමුණ වන්නේ දැනට පාර්ලිමේන්තුවේ ඇති නව මහ බැංකු පනත මගින්  ආර්ථිකය සමඟ  මහ බැංකුව ද ඝාතනය වීමට ඇති අවදානම ඉදිරිපත් කිරීම යි.  ඊට හේතුව, ආර්ථික අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස ආර්ථිකයක මුදල් ක්‍රමය/අංශය නියාමනයට මහ බැංකුව අසමත් වන විට, ආර්ථිකයේ මූර්ත අංශය හෙවත් නිෂ්පාදන අංශය ද අර්බුදයට ලක් වන බැවිනි. වත්මන් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සහ ආර්ථික පදනම  වත්මන් ශ්‍රී ලංකා මහ මහ බැංකුව 1950 අගෝස්තු මස දී පිහිටු වන ලද්දේ, 1949 මුදල් නීති පනත මගිනි. එම පනත මගින් ශ්‍රී ලංකාවේ මුදල් වටිනාකම් ඒකකය ලෙස රුපියලත්, නෛතික ගෙවුම් මාධ්‍යය ලෙස රුපියල් කාසි සහ නෝට්ටු සහ රුපියල් ඉල්ලුම් තැන්පතුත් මත පදනම් වූ දේශීය මුදල් ක්‍රමය ස්ථාපිත කොට, එය දේශීය ආර්ථිකයට යෝග්‍ය ලෙස පාලනය කිරීම සඳහා මහ බැංකුව පිහිටු වන ලදි. එසේම, මහ බැංකුවේ පාලනය මුදල් මණ්ඩලයට පවරන ලදි. ඒ අනුව ස්ථාපිත කරන ලද මුදල් ක්‍රමය මුදල්, ණය සහ වාණිජ බැංකුවලින් යුක්ත වන අතර මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු අධීක්ෂණය හරහා එය පාලනය කිරීමේ වගකීම මහ බැංකුවට පැවරිණ. මෙහි දී, ආර්ථිකයේ මුදල් පරිමාව, ණය ව්‍යාප්තිය සහ ප්‍රසාරණය සහ විදේශ විනිමය ගනුදෙනු සහ විනිමය

රාජ්‍ය ණයට දේව සාපයක් ද? ණය ප්‍රතිසැකසුම තවත් සාපයක් ද?

Image
මේ දිනවල මහ බැංකු අධිපති විසින් රාජ්‍ය ණය ප්‍රතිසැකසීම පිළිබඳ ව කෙරෙන නිර්භීත අදහස් ඇසෙන විට, මට හැඟෙන්නේ රාජ්‍ය ණයට දෙවියන්ගේ සාපය වැදුනා ද? යන්නය. ඊට හේතුව, පසුගිය දශක එක හමාරක පමණ කාලයක් පුරා, මහ බැංකුවේ විදේශ සංචිතය ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වා ගැනීම රාජ්‍ය ණය හරහා කිරීමත්, භාණ්ඩාගාර නිලධාරීන් විසින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මහ බැංකුව සපයා දෙන මුදල් භාවිතා කිරීමත් යන අමානුෂික වැරදි ය. එය "බල්ලන් මරා හෝ මුදල් ලැබෙනව නම් කමක් නැත" යන උපමාවට ගැලපෙයි. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, මහ බැංකුව විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නීති විරෝධී ලෙස රාජ්‍ය ණය කළමනාකරණය කිරීම තුළින් වත්මන් රාජ්‍ය ණය පැහැර හැරීමේ අර්බුදය හට ගත් බවට තාක්ෂණික අදහසක් ඉදිරිපත් කිරීම යි. මහ බැංකු රාජ්‍ය   ණය ක්‍රමෝපාය  ස්වෛරිත්ව බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුව නිකුත් කරනු ලැබුවේ, රාජ්‍ය ණය විනය සහ උපයෝජන කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කරමින් නොව, පොලී අනුපාතයන් සහ විනිමය අනුපාතයන් මහ බැංකුවට රිසි ලෙස පාලනය කිරීම සඳහා වූ මූල්‍ය ප්‍රත