Posts

Showing posts from September, 2021

සාර්ව ආර්ථික අසමතුලිතතාවන් නිරාකරණයට සාර්ව ආර්ථික කළමනාකරණය - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - II කොටස

Image
  මෙ හි පසුගිය සැප්තැම්බර් මස 14 වෙනි දින පළවූ පළමු ලිපියෙන් සාර්ව ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරයත් , එහි සමතුලිත සහ අසමතුලිතතාවන් හඳුනා ගන්නා ආකාරයත් පැහැදිලි කෙරින. එහිදී , ආර්ථිකයක් යනු වෙළෙඳපොළවල් රාශියක එකතුවක් බවත් , එම වෙළෙඳපොළ සාධක වෙනස් වීම හේතු කොට ආර්ථිකයේ සමාහාර සැපයුම සහ සමාහාර ඉල්ලුම අතර තුලනය බිඳී යාමෙන් සාර්ව ආර්ථික අසමතුලිතතාවන් හට ගන්නා බවත් දැක්විණ. මීට හොඳම උදාහරණය 2020 වර්ෂය ආරම්භයේ සිට ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට ගෝලීය ආර්ථිකය තුළ සියළු රටවල විවිධ ප්‍රමාණයෙන් සාර්ව ආර්ථික අසමතුලිතතාවන් පැවතීම යි. එහි අයහපත් ප්‍රතිඵලයන් ආර්ථික සහ ආදායම් වර්ධනය පහළ යාම , උද්ධමනය ඉහළ යාම සහ සේවා වියුක්තිය ඉහළ යාම වැනි සාර්ව ආර්ථික දර්ශකයන් තුළින් මනාව විදහා දැක්වෙයි. එනම් , පොදු මහජනයාගේ ජීවන තත්ත්වය පහළ යාම යි. සෑම රටකම කලින් කලට විවිධ අභ්‍යන්තර සහ බාහිර සාධක හේතු කොට මෙවැනි සාර්ව ආර්ථික අසමතුලිතතාවන් හට ගැනීම තුළින් ජීවත් වීමේ ගැටළුවලට මහජනයා මුහුණ දෙන බව රහසක් නොවේ . සාර්ව ආර්ථික කළමනාකරණය සාර්ව ආර්ථිකයක් කළමනාකරණය යනු ආර්ථික අසමතුලිතතාවන් අවම කිරීම හෙවත් ආර්ථික ස්ථායීකරනය පව