Posts

Showing posts from July, 2022

බටහිරට IMF එකට ගැති වී ආර්ථිකය බංකොලොත් කළ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය. ආර්ථිකය නැවත ගොඩ නැගීමට හැකි Monetary System Change එකක් කරමු.

Image
මු දල් මණ්ඩලය විසින් පසුගිය 6 දින මහ බැංකු පොලී අනුපාතයන් 1% කින් ඉහළ දමන ලදි ,  එනම් නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතය 14.5% සහ නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතය 15.5% දක්වා. මෙසේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම 2021 අගෝස්තු මස 19 දින ඇරඹුන අතර ඒ අනුව මේ දක්වා මහ බැංකු පොලී අනුපාතයන් 4.5% සහ 5.5% සිට අවස්ථා 5 ක දී මුළු වශයෙන් 10% කින් ඉහළ දමා ඇත . එසේම ,  ව්‍යවස්ථා සංචිත අනුපාතය ද 2% කින් 2021 අගෝස්තු මස 19 දින ඉහළ දැමීම තුළින් රුපියල් බිලියන 120 ක් පමණ ද ,  වරින් වර මහ බැංකු ප්‍රති මිල දී ගැනීම් සහ රාජ්‍ය සුරැකුම්පත් විකුණුම් ද   හරහා මහ බැංකුව විසින් බැංකු පද්ධතියෙන් අරමුදල් අවශෝෂණය කර ගෙන ඇත. මෙසේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ අරමුණ වනුයේ බැංකු ණය සහ මුදල් සැපයුමේ වර්ධනය පහළ දැමීම තුළින් ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුමේ වර්ධනය පහළ හෙළා උද්ධමන වේගය පහළ දැමීම යි.  ඊට හේතුව ,  මුදල් ප්‍රමාණ වාදී සංකල්පය අනුව උද්ධමනය ඉහළ යාමට (එනම් ,  ආර්ථිකයේ පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම) හේතුව ලෙස ණය සහ මුදල් සැපයුම ප්‍රසාරණය වීම තුළින් ආර්ථිකයේ සමස්ත සැපයුමට වඩා සමස්ත ඉල්ලුම ඉහළ යාම තුළින් අතිර