Posts

Showing posts from October, 2023

ඉදිරි මැතිවරණයට නව ආර්ථික කළමනාකරණ පොරොන්දුවක් දෙමු - රට ජාතිය ආර්ථික ගාසා තීරයකින් මුදවමු

Image
ලිපියේ පසුබිම  1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ රාශියක් සහභාගි වී ඇත. එසේම, රාජ්‍ය පාලනය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අනුගමනය කළ පක්ෂ හෝ මහජන සංවිධානයන් ද විය. මෙම සියළු පක්ෂ විසින් රටේ ජනතාව විවිධාකාරයේ විෂමතාවන් මත වෙන් කොට, පක්ෂ නායකයන්ට කැමැත්ත සහ ඡන්දය ලබා ගැනීම සඳහා සංවිධානය කිරීම දැකිය හැකිය.  මෙහි දී, ආගම, ගෝත්‍රය, කුලය, නිජ ප්‍රදේශය, අතීත උරුමය, පළාත, ජීවන වෘත්තීය, ආර්ථික සංකල්ප, ගෝලීය භූදේශපාලනය වැනි නොයෙකුත් කරුණු මත ජනයා බෙදා ගැනීම සිදු වෙයි. ඒ මගින් රට තුළ විවිධ සමාජ ආරවුල් සහ අර්බුදයන් ඇති කෙරෙන බවත්, නූතන මානව සංවර්ධනය මහජනතාවගෙන් වැලැක්වෙන බවත් රහසක් නොවේ. ඒ බව, සියවස් ගණනක් තුළ ගොඩ නගා ගත් රටවල් සහ සමාජයන් එවැනි ගැටුම් හේතු කොට දින ගණනකින් විනාශ යාමෙන් සනාථ වෙයි. ඒ සියල්ල දේශපාලන නායකයන්ගේ පොරොන්දුවල ඇති ගැටුම් හරහා සිදු වන අතර බෙදීමට ලක් කෙරෙන බහුතර මහජනයා ඒවායේ ප්‍රාණ ඇපකරුවන් ලෙස භාවිතා කෙරේ. එහෙත්, වරින්වර ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය සතු වී ඇත්තේ පක්ෂ දෙකකට ය. එම පක්ෂ දෙක 1950 ගණ

ශ්‍රී ලංකාව ආර්ථික ගාසා තීරයක IMF ප්‍රාණ ඇපකරුවකු කළ Soft Default

Image
ලිපියේ පසුබිම  වත්මන් මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් 2022 අප්‍රේල් මස 7 දින තම තනතුරු භාර ගත් විගස, ආර්ථිකය සහ මහජනයා බංකොලොත් කිරීමේ ප්‍රතිපත්ති කිහිපයක් ගන්නා ලදි. එනම්, අප්‍රේල් 8 දින මහ බැංකු පොලී අනුපාතය 7% කින් ඉහළ දැමීම. අප්‍රේල් 12 දින විදේශ ණය සේවාකරණය අත්හිටුවීම. මෙය මෘදු ණය පැහැර හැරීම ( soft default ) ලෙස හුවා දැක්විණ. අප්‍රේල් 18-24 කාලයේ IMF ණය වැඩසටහනක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීම පිණිස IMF-ලෝක බැංකු වාර්ෂික රැස්වීමට සහභාගී වීම. මෙම ප්‍රතිපත්ති තුනම බද්ධ මෙවලම් තුනකි. ඊට හේතුව, ඒවා ඉදිරියේ දී රටෙහි ආර්ථික අර්බුදයක් හට ගැනීම වැලැක්වීම පිණිස IMF ණය වැඩසටහනක් ලබා ගැනීමේ අරමුණින්  ක්‍රියාත්මක කිරීම යි.  ඊට අමතරව, මහ බැංකු අධිපති විසින් අප්‍රේල් 11 දින පැවැත් වූ විදේශ ණය පැහැර හැරීමේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු ඊළඟ දින ලෝකවාසී පරිත්‍යාග ශීලීන්ගෙන් විදේශ මුදල් ආධාර ඉල්ලා සිටීමේ නිවේදනයක් නිකුත් කරන ලදි. එමගින්, අර්බුදයට පත් වී සිටින මහජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයනය සඳහා විදේශ මුදල් ආධාර අයදින ලදි. එහෙත්, මෙතෙක් ලැබූ විදේශ මුදල් ආධාර ප්‍රමාණය ඩොලර් 110,000 ක් පමණ බව වාර්තා ව

නැග්ගුවත් , බැස්සුවත්, නිකං තිබුණත් හොඳ කියන, මහ බැංකු පොලිය - ඇලඩින්ගේ උද්ධමන පාලන පහන ද?

Image
ලිපියේ මූලික පසුබිම  මේ දිනවල මහ බැංකුව විසින් තම පොලිය පහළ දැමීම ආරම්භ කොට ඇත. එය වීර ක්‍රියාවක් ලෙස දස දෙසින් ප්‍රශංසා කෙරේ. මහ බැංකුව සහ එහි මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශ කෙරෙන්නේ, දැනට අර්බුදයට හසු වී, සංකෝචනය සහ බංකොලොත් වී ඇති ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා පොලිය පහළ දමන බව යි. මේ තුළින් බැංකු ණය පොලී අනුපාතයන් ද පහළ ගොස්, ආර්ථිකය පුරා ණය ප්‍රසාරණය දිරි ගැන්වී, නිෂ්පාදනය සහ රැකියා සැපයුම ඉහළ යන බව දැක්වෙයි. ඒ අනුව, පසුගිය මැයි මස 31 දින මහ බැංකු පොලිය 2.5% කින් පහළ දැමීම ආරම්භ කොට, මේ දක්වා අවස්ථා තුනක දී එය 5.5% කින් 10%-11% දක්වා පහළ දමා ඇත. ඉදිරියටත් එසේ කෙරෙන බවට ධනාත්මක අදහස් බොහෝ දැකිය හැකිය. එය හොඳ දෙයක් බව පැවසේ. මෙසේ මහ බැංකු පොලිය පහළ දැමීමට සිදු වී ඇත්තේ, ඊට පෙර එය අධික ලෙස ඉහළ දමා පැවති බැවිනි. 2022 අප්‍රේල් මස 8 දින එක්වර 7% කින් පොලිය ඉහළ දමන ලදි. එහි දී, මහ බැංකුව සහ එහි මාධ්‍ය ජාලය විසින් දැක්වූයේ, අධිඋද්ධමනය හේතු කොට පල්ලමට වැටෙමින් පවතින ආර්ථිකය තිරිංග දමා නවතා ගැනීමට එසේ කළ බව යි. පසුව පැවසූවේ, ඉහළ පොලී අනුපාතය මගින් ආර්ථිකය තවත් සංකෝචනය කොට උද්ධමනය පාලනය කරන බව යි.

ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයත්, හමාස් ඊශ්‍රායල ප්‍රහාරයත්, සමාන රාජ්‍ය අසමත්වීම් නොවේ ද? විමසමු.

Image
  ලිපියේ සංදර්භය  2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයත්, 2023 හමාස් ඊශ්‍රායල ප්‍රහාරයත් දෙකම රාජ්‍ය අධිකාරින්ගේ අසමත්වීමේ අවස්ථාවන් දෙකකි. රජයක් යනු මිනිස් පිරිසක් වනසතුන් මෙන් නොව ජීවත් නොවී ඔවුන්ට පොදුවේ වඩා හොඳ ආරක්ෂාව සහ සුබසාධනයෙන් යුත් ජීවන තත්ත්වයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිශ්චිත භුමි ප්‍රදේශයක සංවිධානය වී ඇති ජන නායක පිරිසකි. එම ප්‍රදේශයට රාජ්‍යයක් ලෙස ද, එම නායකත්වය යටතේ ජීවත්වන විවිධ වාර්ගික මිනිස් පිරිස ජාතියක් ලෙස ද දැක්වෙයි. එබැවින්, ඕනෑම රාජ්‍යයක ජාතික ආරක්ෂාව සහ ආර්ථික සුබසාධනය ප්‍රවර්ධනය කිරීම පිණිස නීති හෝ සම්මතයන් පැනවීමත්, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවා පද්ධතියක් පවත්වා ගෙන යාමත් දැකිය හැකිය. එය සමස්තයක් ලෙස රාජ්‍ය අධිකාරීන් ලෙස දැක්වෙයි. එහි පරිණාමය, වත්මන් ස්වරූපය සහ කාර්යක්ෂමතාවය රාජ්‍යයන් අතර බොහෝ සේ වෙනස් වෙයි. එය රාජ්‍ය අධිකාරීන් විසින් පිළිගන්නා සමාජ වටිනාකම් සහ මූලධර්මයන් මත පදනම් වෙයි. ඒ අනුව, ජාතික ආරක්ෂාව සහ ජීවන තත්ත්වය ඉහළ දමන බවට නිරන්තරයෙන් පොරොන්දු දීම ඕනෑම රාජ්‍යයක රාජ්‍ය අධිකාරීන්ගේ  සාමාන්‍ය පුරුද්දක් වී ඇත. එබැවින්, රාජ්‍යයක වෙසෙන ජනතාවගේ ජ