Posts

Showing posts from June, 2022

මහ බැංකු අධිපතිගේ වසර 6 ක නව පදවි සිහිනය - ඔහු ඊට යෝග්‍ය ද? පරික්ෂා කරමු

Image
  මෙ ම මස 30 දින සේවා කාලය අවසන් වන වත්මන් මහ බැංකු අධිපති විසින් ජූලි මස 1 දින සිට නැවත වසර 6 ක නව සේවා කාලයම පුරා මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් , මාස දෙකක් සේවය කොට නික්ම යාමට නම් මෙම තනතුර භාර නොගන්නා බවත් , පසුගිය 17 දින බීබීසී මාධ්‍යය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කළ බව මාධ්‍යය විසින් වාර්තා කොට තිබිණ.  එසේම , ඔහු විසින් ඉතා කෙටි කාලයකින් ආර්ථිකය ස්ථායිකරණය කළ බැවින් ඔහු නැවතත් වසර 6 ක නව සේවා කාලයක් සඳහා පත් කළ යුතු බවට දේශීය සමාජ මාධ්‍ය රැල්ලක් ද පැතිරී ඇත. මෙම සමාජ මාධ්‍ය පෙරමුණෙහි බැංකු තැන්පතු හිමියන් සහ සමහර දේශපාලන නායකයන් විශේෂයෙන් දැකිය හැකිය. එබැවින් , මෙම ලිපියේ අරමුණ වනුයේ මේ දක්වා මාස දෙක හමාරක් පමණ වූ ඔහුගේ සේවා කාලය තුළ ඔහු විසින් කළ සහ කී දේවල් සහ ඒ හේතු කොට 2021 අවසාන කාර්තුවේ සිට අර්බුදයෙන් පෙළෙමින් පැවති ආර්ථිකය සහ පොදුජනයා තවත් බංකොලොත් තත්ත්වයට පත් කළ බවට අදාළ සාක්ෂි දෙස බැලීමේ දී , ඔහු තවත් වර්ෂ 6 ක සේවා කාලයක් සඳහා පත් කිරීම සඳහා යෝග්‍ය පුද්ගලකු නොවන බවට ලිඛිත කරනු ඉදිරිපත් කිරීම යි. මහ බැංකු අධිපති , මුදල් මණ්ඩල සාම

පොදුජන ආර්ථිකය කබලෙන් ලිපට දැමූ මහ බැංකු මූල්‍ය වාදය ඉවත ලමු. නව ආර්ථික සැත්කම් පැකේජයක් අරඹමු.

Image
මෙ ම ලිපියේ අරමුණ වනුයේ වත්මන් ආර්ථික අර්බුදයෙන් පොදුජනයා මුදා ගැනීම සඳහා පැරණි මූල්‍ය වාදය මත ගොඩ නැගී අනුගමනය කෙරෙන වත්මන් උද්ධමන පාලන මූල්‍ය ප්‍රතිපත්තිය පදනම් විරහිත බවත් , ඒ සඳහා නව ප්‍රතිපත්ති ක්‍රමවේදයක් දියත් කිරීමට අවශ්‍ය ආර්ථික දැක්ම යෝජනා කිරීමත් ය. වත්මන් ගෝලීය උද්ධමන රැල්ල 2021 තෙවන කාර්තුවේ සිට පැතිරෙන ගෝලීය උද්ධමන රැල්ලේ වේගය පිළිබඳ ව මේ වන විට රජයන් , මහ බැංකු , ව්‍යාපාරික ප්‍රජාව සහ කුටුම්බ ප්‍රජාව වික්ෂිප්ත වී ඇති බව නොරහසකි. මෙය සංවර්ධිත රටවල් මුණ දෙන දශක හතරක ඉහළම උද්ධමනය ලෙස වාර්තා වෙයි. එහෙත් , මෙය ආර්ථික ඉතිහාසයෙහි ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආර්ථික විද්‍යාඥයන්ට පළපුරුදු ඉල්ලුමෙන් තල්ලු වූ උද්ධමනයක් නොවේ. මෙය කොරෝනා වසංගතයෙන් තල්ලු වූ සැපයුම් සංසිද්ධියක් බවට විවාදයක් නොමැත. එනම් , කොරෝනා වසංගතය මර්ධනය සඳහා සමාජයන් සහ රටවල් අගුළු දැමීම තුළින් ගෝලීය සැපයුම් ජාලයන් කඩා වැටීම සහ අවහිර වීම හේතු කොට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ සංසිද්ධියකි. වසංගතයෙන් පසු ජන සමාජයන් සහ රටවල් විවෘත කෙරෙන විට ඉල්ලුම ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වීම තුළින් කොරෝනා ආර්ථික අවපාතයෙන් යටපත් වූ

මහ බැංකු ස්වාධීනත්වය - කුමක්, කෙසේ, කා සඳහා ද? සත්‍යය සොයමු....

Image
  මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා (චීනයේ හැර) අධි උද්ධමන රැල්ල පාලනය කිරීම සඳහා මුදල් මුද්‍රණය පහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මහ බැංකුවලට ස්වාධීනත්වය දිය යුතු බවට මත වාදයක් පැතිරෙමින් පවතී. ඇමෙරිකානු ජනාධිපති විසින් ද මෑතක දී සඳහන් කළේ මහ බැංකුවේ ස්වාධීනත්වයට ගරු කරන බවත් , උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ කාර්යයක් බවත් ය. ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා සහ අගමැති වරයා ද දේශපාලනික ඇගිලි ගැසීම් වලක්වා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන බව ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය පුවත් මේ දිනවල පැතිරෙන බව දැකිය හැකිය. එබැවින් , මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු ස්වාධීනත්වය යනු ප්‍රයෝගික වැදගත් කමක් නොමැති දේශපාලන සහ ආර්ථික විද්‍යාඥයන් කණ්ඩායමක   මානසික සංකල්පයක් බවට පර්යේෂණාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම යි. මහ බැංකු ස්වාධීනත්වයේ නව දුමාරය ලෝකය පුරා මුදල් මුද්‍රණය , උද්ධමනය සහ මහ බැංකු ස්වාධීනත්වය ගැන සාමාන්‍යයෙන් කථා පවත්වන්නේ රජයට විරුද්ධ දේශපාලන නායකයන් සහ පැරණි මූල්‍යවාදී සංකල්පය පිළි ගන්නා ආර්ථික විද්‍යාඥයන් විසිනි. ඔවුන් කියන්නේ උද්ධමනය හට ගන්නේ රජයට ණය දීම සඳහා