බයිනෑන්ස් සයිබර් ප්රහාරය සහ ක්රිප්ටෝ මුදල් අවදානම්
පසුගිය ඔක්තෝබර් 29 දින බයිනෑන්ස් නම් වූ ක්රිප්ටෝ මුදල් වෙළෙඳ හුවමාරුව (විද්යුත් වේදිකාව) වෙත සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා විය. බයිනෑන්ස් යනු ක්රිප්ටෝ මුදල් ආයෝජනය සහ වෙළෙඳාම සඳහා පිහිටුවා ඇති විද්යුත් වේදිකාවකි. එය කොටස් හුවමාරුවලට සමාන ය. මෙම සයිබර් ප්රහාරය හරහා විනාඩි 20 ක පමණ කාලය තුළ ඩොලර් බිලියන 6.3 ක් පමණ වටිනා ක්රිප්ටෝ මුදල් සොරකම් කොට ඇත. ඉන් ඩොලර් බිලියන 3 ක් පමණ වටිනා ක්රිප්ටෝ මුදල් ක්ෂණිකව සොයා ගෙන, ඒවායේ ගනුදෙනු අත්හිටුවා ඇත. එහෙත්, ඉතිරි ඩොලර් බිලියන 3.3 ක මුදල ගැන ආරංචියක් නොමැත. මෙසේ සොරකමට ලක්වූ ක්රිප්ටෝ මුදල් අතර ප්රධාන මුදල් වර්ග 10 ක් පමණ වන බව වාර්තා වෙයි. මීට පෙර ද මහා පරිමාණයේ ක්රිප්ටෝ මුදල් වංචාවන් සිදු වී ඇත. මෑතම උදාහරණය වනුයේ, බහමාස්වල ස්ථාපිත එෆ් ටී එක්ස් ක්රිප්ටෝ හුවමාරුව (FTX Exchange) පාලනය කළ සෑම් බෑන්ක්මන් ෆ්රිඩ් (Sam Bankman-Fried) විසින් තම ගනුදෙනු කරුවන් විසින් වෙළෙඳාම සඳහා තැන්පත් කොට තිබූ ඩොලර් බිලියන 8 ක් පමණ වටිනා ක්රිප්ටෝ මුදල් සොරකම් කිරීම යි. ක්රිප්ටෝ මුදල් යනු පුද්ගලික සමාගම් විසින් ආයෝජනය සඳහා නිකුත් කොට ඇති...