Posts

විනිමය අනුපාත දේශපාලනය සහ ආර්ථික කැරලි. ආර්ථික විද්‍යාව පිට කවරය පමණ ද?

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම  මේ දිනවල ලෝකය පුරා සංවර්ධනය වන රටවල මුදල් වේගයෙන් අවප්‍රමාණය වීමේ ආර්ථික අර්බුදයක් ව්‍යාප්ත වෙමින් පවතී. එහි මතුපිට හේතුව පසුගිය අප්‍රේල් මස සිට මැදපෙරදිග පවතින ඇමෙරිකානු යුද්ධය වුව ද, මුදල් අර්බුදය පිටුපස පාරම්පරික ආර්ථික ව්‍යුහාත්මක හේතු රැසක් පවතී. එහෙත්, රටවල ආර්ථික කළමනාකරුවන් විසින් සුපුරුදු ලෙස සැහැල්ලුවෙන් හුවා දක්වන හේතුව වනුයේ, විදේශ විනිමය වෙළෙඳපොළෙහි ක්‍රියාකාරී වී ඇති අධික සමපේක්ෂණය හෙවත් සමපේක්ෂණ පහර (Speculative Attack) යි. මෙතෙක්, බොහෝ දෙනා සිතා සිටියේ, ඉන්දියාව යනු තිරසාර දේශීය ආරක්ෂණ ප්‍රතිපත්ති මත අත්කර ගත් වේගවත් ආර්ථික වර්ධනය හරහා ඩොලර් බිලියන 720 ද ඉක්මවූ අතිවිශාල විදේශ සංචිතයක් ගොඩ නගා ගැනීම තුළින් ගෝලීය ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දෙන රටක් ලෙස ය. මෙම විදේශ සංචිතය හරහා විනිමය අනුපාතය ස්ථායිව පවත්වා ගැනීමේ හොඳ ජවයක් ඉන්දියානු මහ බැංකුවට ඇති බව පොදු පිළි ගැනීම විය.   එහෙත්, සංවර්ධනය වන රටවල මුදල් අවප්‍රමාණය වීමේ වත්මන් ගෝලීය කම්පනයෙන් ඉන්දියානු ආර්ථිකය සහ ජන ජීවිතය ද දෙදරීමට ලක් වී ඇති බව වාර්තා වෙයි. එනම්, ඉන්දියානු විදේශ ...

ක්‍රිප්ටෝ මුදල්වලින් ශ්‍රී ලංකාව ගොඩ එයි ද? නැත්නම්, එය තවත් විදේශ මුදල් උගුලක් වෙයි ද?

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම මේ දිනවල ලෝකය පුරා ක්‍රිප්ටෝ මුදල් ජනප්‍රිය කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික රැල්ලක් හට ගෙන ඇත. මෙය හුදෙක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධන රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින් ජනිත වී ඇත.  ගෝලීය මුදල් ඉතිහාසය කලින් කලට වෙළෙඳපොළවල් විසින් සොයා ගත් විවිධ මුදල් වර්ගයන්ගෙන්  විකාශය වී ඇත. පසුගිය සියවසක පමණ කාලය තුළ මුදල් ලෙස රාජ්‍ය කාසි සහ නෝට්ටු මුදල් ක්‍රමය ජනප්‍රිය වී ඇත. එහෙත්, රාජ්‍ය මුදල්වලට අභියෝගයක් ලෙස පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් දැනට ජනප්‍රිය වන අතර එය ඉදිරි සියවස තුළ රාජ්‍ය මුදල් අභාවයට යවන නව ගෝලීය මුදල බවට පත් විය හැකිය. ශ්‍රී ලංකාවේ ද යම් යම් විදේශීය ක්‍රිප්ටෝ මුදල් භාවිතා වන බවත්, එවැනි ක්‍රිප්ටෝ මුදල් රාජ්‍ය නියාමනය යටතේ ප්‍රචලිත කිරීමට රාජ්‍ය අධිකාරීන් ක්‍රියා කරන බවත්, මෑත කාලීන මාධ්‍ය වාර්තාවලින් පෙනේ. එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ගෝලීය ක්‍රිප්ටෝ මුදල්වල මූලික ස්වරූපය, අවදානම් සහ ප්‍රවණතාවය පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කොට, ශ්‍රී ලංකාව නුදුරේ දී හසු විය හැකි ක්‍රිප්ටෝ උගුල පුරෝකථනය කිරීම යි.  1950 සිට මෙතෙක් දේ...

රාජ්‍ය ණය කළමනාකරණයේ ආර්ථික සත්‍යය සහ අසත්‍යය

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  පසුගිය දා පැවති රාජ්‍ය මුදල් කාරක සභාවේ දී රාජ්‍ය ණය කළමණාකරණයේ ප්‍රධාන අපහසුකම් දෙකක් හෙළි විය (වීඩියෝව මෙතනින් නරඹන්න) . භාණ්ඩාගාරය සතු අතිරික්ත මුදල් භාවිතා කොට රාජ්‍ය ණය අවශ්‍යතාවය අඩු කළ ද, වෙළෙඳපොළ පොලී අනුපාතයන් පාලනය කළ නොහැකි වීමෙන් ණය පිරිවැය ඉහළ යන බව. සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් භාණ්ඩාගාර මෙහෙයවුම් අංශයක් නොමැති බව. එහෙත්, මෙම අදහස් හුදෙක් රාජ්‍ය මුදල් ආර්ථිකයක සැබෑ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ ව නොදැනුවත්කමේ ප්‍රතිඵලයකි. එනම්, නොයෙකුත් ඉලක්කම් මත රාජ්‍ය ණය නොතිරසාර භාවය සහ සාර්ව ආර්ථික අවදානම් පිළිබඳ නව ලිබරල් මිථ්‍යා මතවාදය පිළි ගැනීමේ ප්‍රතිඵලයකි. එබැවින්, මෙම කෙටි ලිපිය මගින් රාජ්‍ය ණය යනු අර්ථ රහිත වචනයක් බවත්, එය, හුදෙක් සාර්ව ආර්ථික අරමුණු සහ ඉලක්කයන් සඳහා රජය විසින් මුදල් මුද්‍රණය කළමනාකරණ කෙරෙන ක්‍රමවේදය බවත් හෙළි කෙරේ. මෙය නූතන රාජ්‍ය මුදල් ආර්ථිකයන් පවතින සංවර්ධිත රටවල් ඇතුළු සියළු රටවලට පොදු කථාන්දරයකි . මෙම ලිපිය රාජ්‍ය මුදල්වල සැබෑ ක්‍රියාකාරිත්වය සහ සාර්ව ආර්ථික මෙහෙවර...

පොදුජන ජීවන තත්ත්වය එසවීමට රාජ්‍ය අයවැය අසමත් ඇයි? අයවැය දෝෂය ද? මතවාද දෝෂය ද? විකල්පය කුමක් ද?

Image
ලිපියේ සාරාංශය රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් ආශ්‍රිත වියදම, බදු තුළින් වියදම පියවීම, ඒ සඳහා බදු ප්‍රමාණවත් නොවන විට අයවැය හිඟය පියවීම සඳහා ණය ගැනීම යනාදී සංකල්පයන් සහ ගණනය කිරීම්වල ආර්ථික පදනමක් නොමැත. ඊට හේතුව, ඒවා පෞද්ගලික අයවැය ආශ්‍රිත ගණනය කිරීම් වන බැවින් රජයන්ට අදාළ නොවීම යි. රටක මුදල් ක්‍රමය රජය විසින් මුද්‍රණය කෙරෙන මුදල් (රාජ්‍ය මුදල්) මත ක්‍රියාත්මක වන බැවින් නව මුදල් මුද්‍රණය කිරීම මගින් රාජ්‍ය වියදම් පියවෙයි. ආර්ථිකයට මුදල් ලැබෙන මූලය රාජ්‍ය වියදම් ය. එම මුදල්වලින් කොටසක් රජය විසින් බදු පැනවීම හරහා ආර්ථිකයෙන් ඉවත් කෙරේ. ඊට හේතුව, ඉල්ලුම පාලනය තුළින් උද්ධමනය පාලනය කිරීමත්, ආර්ථිකයට අවශ්‍ය නව රාජ්‍ය වියදම් සඳහා අවකාශය ලබා ගැනීමත් ය. රාජ්‍ය වියදම් සහ බදු ආදායම අතර හිඟය ශුද්ධ රාජ්‍ය මුදල් මුද්‍රණය යි. එබැවින්, එය, බාහිරින් ණය ලබා ගෙන පියවීමට ඇති හිඟයක් නොවේ. මුදල් මුද්‍රණය මගින් සියළු වියදම් පියවා ඇති බැවින් අයවැය හිඟය යනුවෙන් සිද්ධියක් නොමැත. රාජ්‍ය ණය යනු රජය විසින් වියදම් සඳහා මුද්‍රණය කොට ආර්ථිකයෙහි සංසරණය වන මුදල්වලින් කොටසක්, එම මුදල් හිමියන්ට පොලී ලැබෙන ආයෝජන ගිණුමකට මාරු ක...