Posts

Showing posts from June, 2023

විනිමය අනුපාතයේ කැළඹීම - ඉල්ලුම සහ සැපයුම ද? වගකීම කාගේ ද?

Image
මේ දිනවල ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බව ස්ථායිකරණය භාර ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් නිරන්තරයෙන් ජප කෙරෙන මන්ත්‍රයකි. ඊට හේතූන් ලෙස දක්වන්නේ තෙල් සහ ගෑස් පෝලිම් නැතිවීම, උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා පහළ යාම,  පොලී අනුපාතයන් පහළ යාම, විදේශ සංචිතය ඉහළ යාම සහ ආනයන සීමාවන් ලිහිල් කිරීම  යනාදිය යි. මාර්තු -අප්‍රේල් -මැයි කාලය තුළ විනිමය අනුපාතය හදිසියේ ඩොලරයක් රුපියල් 360 ක පමණ සිට රුපියල් 300 මට්ටමට වඩා වේගයෙන් පහළ යාම ද ස්ථායිකරණ සංඥාවක් ලෙස දැක්විණ. ඊට හේතුව, 2022 මාර්තු 8 දින සිට මැයි මස  ආරම්භය දක්වා කාලය තුළ විනිමය අනුපාතය රුපියල් 200 මට්ටමේ සිට රුපියල් 371 මට්ටමට 85% කින් පමණ සීග්‍රයෙන් ඉහළ යාම ආර්ථික අර්බුදයට මූලික හේතුව ලෙස සැලකුණ බැවිනි. එබැවින්, නැවත විනිමය අනුපාතය රුපියල් 300 මට්ටමට වේගයෙන් පහළ යාම ආර්ථික ස්ථායිකරණ කණ්ඩායමේ අනභිබවනීය දක්ෂකමක් ලෙස දැක්විණ.  එහෙත්, 2023 මාර්තු මස සිට මේ දක්වා විනිමය අනුපාතයේ කැලඹුම් හැසිරීම දෙස බලන විට ආර්ථිකයේ එවැනි ස්ථායිකරණයක් පවතින බව සාර්ව ආර්ථික විද්‍යා මූලධර්ම අනුව කිව නොහැකිය. මෙහිදී, ජුනි මස ආරම්භයේ රුපියල් 290 ට පමණ පහළ ගිය විනිමය

මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය උඩුයටිකුරු කිරීම - කබරගොයා තලගොයා කිරීමක් ද?

Image
  මහ බැංකුව විසින් පසුගිය මැයි 31 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 13% සහ 14% දක්වා එකවර 2.5% කින් පහළ දමමින්, මාස 17 ක් පමණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හදිසියේ උඩුයටිකුරු කොට ඇත. මෙම කෙටි ලිපියේ අරමුණ මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ව ප්‍රයෝගික අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම යි. දැඩි මූල්‍ය ප්‍රතිපත්තියෙන් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියකට මාරුවීම  මහ බැංකුව විසින් තම පුවත්පත් දැන්වීමේ කියා සිටියේ ආර්ථිකයේ මූල්‍ය තත්ත්වය ළිහිල් කිරීම සඳහා මෙසේ පොලී අනුපාතයන් පහළ දමන බව යි. එමගින්, 2022 වර්ෂයේ දී වාර්තා වූ ඓතිහාසික ආර්ථික සංකෝචනයෙන් මිදීම සඳහා මූල්‍ය වෙළෙඳපොළවල් ළිහිල්වීම තුළින් උත්තේජනයක් සැපයෙන බව දැක්විණ. මෙම මූල්‍ය ලිහිල්කරණයට හේතු ලෙස දැක්වූයේ, මේ වන විට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා උද්ධමනය පහළ යාම, උද්ධමන පීඩනය ක්‍රමයෙන් විසිරී යාම සහ උද්ධමන අපේක්ෂාවන් තවදුරටත් නැංගුරම් ලෑම යනාදිය යි. මහ බැංකු පුවත්පත් දැන්වීම දෙස බලන විට මෙම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය දැනට ආර්ථිකයේ සිදු වී ඇති ස්ථායිකරණය සතුටු දායක වන බැවින් ආර්ථික වර්ධනය නැවත අත්කර ගැනීම පිණිස යොමු වූ ලිහිල්