Posts

Showing posts from April, 2022

මහ බැංකු පොලිය රජය සක්විති කෙනෙක් කරයි ද? ඉන් ගැලවුමක් නැත් ද?

Image
  ස ක්විතිලා යනු අධික පොලියට ණය ගෙන එම මුදල් කාබාසීනියා කිරීම හේතු කොට ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් කඩා වැටෙන ව්‍යාපාරයන් බව මහජනයා හොඳින් දන්නා කරුණකි. මූල්‍ය විෂයෙහි පොන්සි යෝජනාක්‍රමයන් සහ සොම්බි සමාගම් ලෙස හඳුන් වන්නේ ද, මෙසේ ණය ගෙවීම සඳහා තව තවත් ණය ගැනීමෙන් යාවජීව වීමට උත්සාහ කෙරෙන, ඒ හේතු කොට බංකොලොත් සහතිකය ලියවී ඇති ව්‍යාපාරයන් ය. පසුගිය අප්‍රේල් මස 8 දින මහ බැංකුව විසින් ආර්ථිකය කඩා වැටෙද් දී, අමනෝඥ ලෙස තම පොලී අනුපාතයන් 13.5% සහ 14.5% දක්වා එක්වර 7% කින් ඉහළ දැමීම තුළින් වැදුන මරු පහරින් රජය ද සක්විති කෙනෙක් හෝ කඩා වැටෙන පොන්සි යෝජනාක්‍රමයක් බවට පත් වී ඇති බව පසුගිය සති තුන තුළ රාජ්‍ය ණය පොලී අනුපාතයන් ඉහළ ගොස් ඇති ආකාරය දෙස බැලීමේ දී මනාව පැහැදිලි වෙයි .  ඊට හේතුව ,  වත්මන් අර්බුදය තුළ නිසි ආදායම් ප්‍රවාහයක් නොමැතිව  වර්තන රාජ්‍ය වියදම් පියවීම සඳහා රජයට ඉහළ නගින පොලී අනුපාතයන් යටතේ අඛණ්ඩව බැංකු , භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා ණය ගැනීමට සිදු වීම යි. මහ බැංකුව විසින් තම පොලී අනුපාතයන් ඉහළ දැමීම කළ විට , ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ණය වෙළෙඳපොළ පොලී අනුපාතයන් සති කිහිපයක් තුළ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙන ආර්ථික ප්‍රතිපත්ති ...- එහෙත්, පොදුජනයා මහ පාරට

Image
  ධ ර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී සහ රාජ්‍ය පාලනයෙහි දී පාර්ලිමේන්තුව , ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය විසින් ගුරුකොට ගත යුතු රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම 14 ක්   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. එහෙත් , වත්මන් ආර්ථික සහ සමාජීය අර්බුදයට මුහුණ දීමට පොදුජනයාට සිදු වීම තුළින් සමස්ත රාජ්‍ය තන්ත්‍රය කෙරෙහි මහජන විශ්වාසය බිඳී යාමට හේතු වී ඇති බව රට පුරා ව්‍යාප්ත වී ඇති මහජන උද්ඝෝෂණ රැල්ලෙන් මනාව පැහැදිලි වෙයි. ඊට හේතුව , ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂාව සැපයීමට රජය අපොහොසත් වීම යි. මෙම උද්ඝෝෂණ රැල්ල සහ ඊට එරෙහිව හට ගත හැකි රාජ්‍ය මර්ධන ක්‍රියාකාරකම් තුළින් රටෙහි ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම සහ පරිපාලනය බිඳ වැටිය හැකි අතර එමගින් පොදුජන සමාජය ලෙබනනය , වෙනිසියුලාව සහ සිම්බාබ්වේ වැනි ලෝකයේ අර්බුදකාරී රටවල් අතරට පත්වීමේ දැඩි අවදානමක් පවතී. එම රටවල එම තත්ත්වය ඇති වූයේ දේශපාලනික සාධක තුළිනි. ඊට පෙර එම රටවල් ආර්ථික සංවර්ධනය සහ ජීවන තත්ත්වය අතින් ඉහළ මට්ටමක පැවතින. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් රාජ්‍ය ආර්ථික ප්‍රතිප

ඔබේ මුදල් ආයෝජන සොරුන්ගෙන් රැක ගන්නේ කෙසේ ද? - මූල්‍ය සාක්‍ෂරතාවය VI කොටස

Image
  මෙම මූල්‍ය සාක්‍ෂරතා ලිපි කලාපයේ පසුගිය V වන ලිපියෙන් අපගේ මුදල් මුහුණ දෙන උද්ධමන අවදානම පිළිබඳ ව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කෙරින. මෙම ලිපියෙන් අපගේ මුදල් ආයෝජනයේ දී මුහුණ දෙන අවදානම් පිළිබඳ ව කෙටි සටහනක් ඉදිරිපත් කෙරේ. මේ දිනවල රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතු කොට අපගේ මුදල් ආයෝජනය සඳහා පවතින ආරක්ෂාකාරී ව්‍යාපාරයන් මොනවා ද ? සහ දැනටමත් අප සතුව විවිධ ව්‍යාපාරයන් සහ මූලයන්හි සිදු කොට ඇති ආයෝජනවලට කුමක් වෙයි ද ? යන්න අප සියළු දෙනා මහත් කුතුහලයෙන් සහ භීතියකින් පසු වන බව නොරහසකි. මෙවැනි ආර්ථික අර්බුදයන් පවතින කාලවල ආරක්ෂාකාරී ආයෝජනයන් කුමක් ද ? යන්න උපදෙස් දීම ඉතා අපහසු කාර්යයකි. එහෙත් , කිසිම ආයෝජනයක් නොකොට සිටීම නූතන ව්‍යාපාරික ලෝකයට යෝග්‍ය ක්‍රියාවක් නොවේ. ඊට හේතුව , ආර්ථික සහ සමාජ අර්බුදයන්ගෙන් ගොඩ ඒම සඳහා  ආයෝජනයන්  අවශ්‍ය අතර ඒ සඳහා ඉදිරිපත් වන විවිධ පුද්ගලයන් හෝ ආයෝජකයන් සිටින බැවිනි. බිහිසුණු යුද්ධ කාලවල පවා එම කාලයේ දී අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කෙරේ. කොරෝනා වසංගත සමයේ ද  සහන ප්‍රදානය සඳහා  රජයට අවශ්‍ය ණය සැපයීම සඳහා නව ආයෝජනයන් සිදු කරන ලදි. ආයෝජනය

ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට මං පෙත් විවර කළ පොදුජන ආර්ථික නීති උල්ලංඝණය - ඔවුන්ට දෙන දඬුවම කුමක් ද?

Image
  අ ප්‍රේල් මස 7 දින ජනාධිපති විසින් නව මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් පත් කිරීම පිළිබඳ දේශපාලනික මාධ්‍යය විසින් කරනු ලැබූ   ප්‍රචාරණය අනුව පෙනුනේ, ඔවුන් දෙදෙනා පොදුජනයා මුහුණ දෙන වත්මන් රුදුරු ඓතිහාසික ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ හුදු අරමුණින් පැමිණි දේවතාවන් දෙදෙනකු ලෙස ය. මාධ්‍යය මගින් හුවා දැක්වූ ඔවුන්ගේ වෘත්තීය චරිත සහතික පත්‍ර දෙස බලන විට , පොදු ජනතාව සිතුවේ ඔවුන් දෙදෙනා විසින් මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ වසර 70 ක පමණ සිට පැවතෙන ලිපි ගොනු සහ ප්‍රතිපත්ති කලම්බනය කොට , නොබෝ දිනයකින් ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන රාජ්‍ය ණය අර්බුදය සහ විදේශ මුදල් අර්බුදය තම ග්‍රහණයට නතු කොට , පොදු ජනයාට නැවත සුපුරුදු ලෙස තම ජීවිකාව ආරම්භ කිරීමට හැකි වන ලෙස ආර්ථිකය ඉක්මනින් නැවත ස්ථායී කිරීමේ කාර්යය   සිදු කරන බව යි. නව රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සහ කාර්යසාධනය ආවේක්ෂණය සඳහා පාර්ලිමේන්තුවට යටත් නව ක්‍රමවේදයක කාලීන අවශ්‍යතාවය ඇමෙරිකානු ක්‍රමවේදය ඇමෙරිකාව වැනි රටවල එවැනි පත් කිරීම් (ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරුන් ඇතුළු) සිදු කෙරෙන්නේ , සෙනෙට් මණ්ඩලයට කැඳවා ඔවුන්ගේ චරිතය ( FBI රහස්‍ය