Posts

Showing posts from January, 2024

හැමදාමත් IMF පිටකවරය පමණ ද? ඇතුල් පිටුත් කියවමු. කථාන්දරය තේරුම් ගනිමු.

Image
  IMF පිටකවරය  අදාළ ප්‍රතිපත්ති අධිකාරීන් දක්වන්නේ, IMF මූල්‍ය වැඩසටහන යනු ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායිකරණය කිරීම සඳහා ඩොලර් බිලියන 3 ක පමණ IMF ණය මුදලක් සමඟ ක්‍රියාත්මක කෙරෙන ආර්ථික කළමනාකරණ වැඩසටහනක් බව යි. එබැවින්, IMF වැඩසටහනේ පිටකවරයෙන් කියන්නේ, එය IMF ඩොලර් බිලියන 3 ක ශ්‍රී ලංකා ආර්ථික ස්ථායිකරණය යන්න යි.  IMF වැඩසටහන අනුමත වී ඩොලර් මිලියන 333 ක පළමු වාරිකය ලැබෙන පුවත 2023 මාර්තු මස 20 දින වාර්තා වීමත් සමඟ සමහරු රතිංඤ්ඤා පුපුරවා කිරිබත් අනුභව කරන ලදි. එසේ කළේ ඉංග්‍රීසි බසින් රචිත IMF වැඩසටහන කියවා තේරුම් ගෙන නොව, අදාළ ප්‍රතිපත්ති අධිකාරීන් විසින් එහි පිටකවරය ප්‍රචාරනය කිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා ආර්ථිකය අස්ථායි වූ ආකාරය හෝ ආර්ථිකය මුහුණ දෙන අර්බුදය කුමක් ද? යන්න අප බොහෝ දෙනා අත් දැක තිබූ බැවින් IMF පිටකවරය පොදු මහජනයාට ඉතා ආකර්ෂණීය වූ බව කිව යුතු නැත. පිටකවරය දෙස බලා එක හඬින් IMF වැඩසටහනක් ඉල්ලූ සමහරු විසින් දැන් දැන් IMF ඇතුල් පිටු කියවමින් විවිධාකාරයේ විවේචනයන් කිරීම දැකිය හැකිය. එහෙත්, අදාළ බලධාරීන් තවමත් දක්වන්නේ එහි පිටකවරය යි. එබැවින්, ඊළඟ මැතිවරණයන්හි ඡන්දය හුදෙක් රටට IMF ද?,

මහ බැංකු අධිපතිගේ මාධ්‍ය ජවනිකාව තනතුර උල්ලංඝනයක් ද?

Image
  රජය විසින් අනුගමනය කරන වත්මන් IMF ණය වැඩසටහන මත පදනම් වූ ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ ව මෑත දී මහ බැංකු අධිපති විසින් මහ බැංකු පරිශ්‍රයේ දී පැවැත් වූ දේශනයක සඳහන් වූ කරුනුවල සාරාංශයක් පහත දැක්වෙයි. සමාජ මධ්‍යයෙහි පළ වූ එම වීඩියෝව පහත දැක්වෙයි. එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ වත්මන් අර්බුදයෙන් ආර්ථිකය සහ පොදුජනතාව ගොඩ ගැනීම සඳහා මහ බැංකු අධිපති විසින් දැක්වූ ආර්ථික කළමනාකරණ අදහස්වල කිසිම ප්‍රයෝගික වැදගත්කමක් නොමැති බවත්, එම අදහස් හුදෙක් පටු දේශපාලනික මතවාදයකට පදනම් වී ඇති බවත් ඉදිරිපත් කිරීම යි. සමස්තයක් ලෙස ගත් විට මහ බැංකු අධිපතිගේ දේශනය තුළින් ඔහු තනතුර දැරීමට නුසුදුසු පුද්ගලයෙකු බවට සනාථ වෙයි. ඊට ප්‍රධාන හේතු දෙකකි. ඔහු දැක්වූ ආර්ථික කළමනාකරණ අදහස් හුදෙක් මහජන වැදගත්කමක් නොමැති ආර්ථික මානසිකත්වයක් මිස, ඒවා ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක් කිසිම රටක රජයකට හෝ මහ බැංකුවකට නොමැති වීම. ඔහුගේ නිල විෂය පථයෙන් ඔබ්බට ගොස් ඉදිරි මැතිවරණවල දී IMF වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ව මහජනයාට උපදෙස් දීම. මෙය 2022 අප්‍රේල් 12 දි

මහ බැංකු අධිපතිගේ පරාටේ අඬහැරය - බැංකු ණය සහ මුදල් ක්‍රමය අනතුරේ ද?

Image
    මෙම ලිපිය මහ බැංකු අධිපති විසින් 2024 ජනවාරි 1 දින කඩිමුඩියේ පැවැත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ සාවද්‍ය අදහස් හෙළි කිරීම සඳහා මා විසින් මෙම වෙබ් අඩවියට නිකුත් කළ ලිපි තුනේ එකතුව යි. එය පාඨකයාගේ පහසුව සඳහා ඉදිරිපත් කෙරේ. මෙම ලිපි මගින් මහ බැංකු අධිපතිගේ සාවද්‍ය අදහස් මෙන්ම ඔහුගේ විෂය නොදැනීම ද පෙන්වා දෙයි. සමාජ මධ්‍යයෙහි පළ වූ එම වීඩියෝව පහත දැක්වෙයි. එහි දී, මහ බැංකු අධිපති විසින් බැංකු තැන්පතු, බැංකු ණය සහ ණය අයකර ගැනීම පිළිබඳ ව අදහස් දැක්වූයේ, ඊට අදාළ වත්මන් ගැටළු විසඳීම මහ බැංකුවෙන් පරිබාහිර දෙයක් බවත්, වත්මන් මහ බැංකුව යනු ඇල් වතුරත් නිවා පානය කරන අහිංසකයකු බවත් හුවා දැක්වීම පිණිස ය.  එම සම්පූර්ණ දේශනය පදනම් වූයේ, තැන්පතු හිමියන්ගේ මුදලින් බැංකු විසින් ණය දෙන බැවින්, තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බැංකු විසින් පරාටේ නෛතික බලය යොදා හිඟ ණය අය කිරීම කළ යුතු බව සාධාරණීකරණය කිරීම සඳහා ය. එහෙත්, බැංකු විසින් පරාටේ බලය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම හෝ පාර්ලිමේන්තුව විසින් බැංකු පරාටේ බලය ඉවත් කිරීම හෝ මහ බැංකුවේ කාර්යයන්ට අයත් දේවල් නොවේ. එම මාධ්‍ය දේශනය අසා සිට

අවසන් කොටස - මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීම ද?

Image
  මෙම ලිපිය මහ බැංකු අධිපති විසින් ජනවාරි 01 දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී, බැංකු විසින් පරාටේ නෛතික බලය ක්‍රියාත්මක කළ යුතු බවට කරන ලද දේශනයේ ඇතුලත් සාවද්‍ය කරුනු හෙළි කෙරෙන අවසන් ලිපිය යි. එහි පළමු ලිපි දෙක ජනවාරි 03 සහ 04 දින නිකුත් කරන ලදි (එය මෙතනින් කියවන්න) (පළමු ලිපිය)   (දෙවැනි ලිපිය) .  පසුගිය ලිපි දෙකෙන් මහ බැංකු අධිපති විසින් දැක්වූ සාවද්‍ය විෂය කරුනු 4 ක් පැහැදිලි කරන ලදි.  මෙම අවසන් කොටස මගින් මහ බැංකු අධිපති විසින් දැක්වූ තවත් අදහස් 5 ක ඇති සාවද්‍ය භාවය සහ වගකීම් විරහිත භාවය කෙටියෙන් ඉදිරිපත් කෙරේ. සමාජ මධ්‍යයෙහි පළ වූ එම වීඩියෝව පහත දැක්වෙයි. බැංකු අධිපති විසින් දැක්වූ මූලික අදහස් මෙම ලිපිය අවසානයේ සටහන් කොට ඇත. බැංකු අධිපති විසින් දැක්වූ අදහස් 5 ක සාවද්‍ය  සහ වගකීම් විරහිත  භාවය  1. කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වූ ව්‍යාපාරයන්ට මහ බැංකුවෙන් සහනයන් ලබා දීම, එනම්, චක්‍රලේකන 8 ක් බැංකු වෙත නිකුත් කිරීම, ණය ඇප ආවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සහ ණය පොලී අනුපාතයන් පහළ දමන ලෙස බැංකු වෙත නියම කිරීම යනාදිය. මෙම චක්‍රලේකනය