Posts

Showing posts from 2023

නව වසර ඔබේ මුදල්වලට සුභ ද? අවදානම් තිබේ ද? 2024 නව අවුරුදු පණිවුඩය.

Image
  මුදල් යනු ඉතා සංකීරණ ආර්ථික විද්‍යා විෂයකි. මෙම සංකීර්ණත්වය මූලික වශයෙන් ආර්ථිකය තුළ මුදල් ජනිතවන හෝ සැපයෙන ආකාරය, ආර්ථිකය කෙරෙහි මුදල්වල බලපෑම සහ ආර්ථිකයට හිතකර ලෙස මුදල් පාලනය කිරීම පිළිබඳ ව දැකිය හැකිය. මහ බැංකු උද්ධමන පාලන කථාන්දරය එහි එක් කොටසක් පමණි. මුදල් පිළිබඳ කෙරෙන ආගමික සහ සමාජ විග්‍රහයන් තුළින් ද මුදල් විෂය තවත් සංකීර්ණ වී ඇත.  පුද්ගලයන් විසින් තම ගනුදෙනු සඳහා මුදල් ලෙස රැස් කර ගන්නා විවිධ දේවල් හෝ මෙවලම් පවතී. එය හුදෙක් විශ්වාසය මත පදනම් වෙයි. මුදල් යන වචනය ඇසූ පමණින් අප සිහියට එන්නේ, අපට ලැබෙන සහ වියදම් කෙරෙන, මහ බැංකුව විසින් නිකුත් කොට ඇති කාසි සහ නෝට්ටු හෙවත් ව්‍යවහාර මුදල් ය. අප සැවොම අවධානය යොමු කරන්නේ එම මුදල් හොර නෝට්ටුවලින් සහ සොරුන්ගෙන් අරක්ෂා කර ගැනීමට යි. එහෙත්, ව්‍යවහාර මුදල් යනු ඉතාම ප්‍රාථමික මුදලකි. නූතන මුදල් පද්ධතිවල ගනුදෙනු කිරීමට ඉතා පහසු සහ කාර්යක්ෂම නවීන මුදල් වර්ගයන් රැසක් පරිණාමය වී ඇත. එසේම, ඒවායේ විවිධ අවදානම් ද පවතී. සාර්ව ආර්ථිකය තුළ මුදල්වල ඇති විශේෂ වැදගත්කම වන්නේ, නූතන ආර්ථිකයන්හි නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මුදල් ගනුදෙනු හරහා සිදුවන

බැංකු හිඟ ණය අර්බුදය - ණය කරුවන්ට නත්තල් සහ අවුරුදු සතුට වැසේ. ආර්ථිකය දිගු අවපාතයකට තල්ලු කෙරේ.

Image
  ලිපියේ පසුබිම  නත්තල් සහ නව අවුරුදු සමරා සතුටු විය හැක්කේ, ගෙවී යන වර්ෂය තුළ පුද්ගලයන් සහ කුටුම්බයන් ලද ආදායම් සහ ආර්ථික දියුණුව යහපත් නම් ය. එබැවින්, ලබන්නා වූ නව වසර ද ආර්ථික වශයෙන් තවත් දියුණු විය හැකි වසරක් වේවා යි ප්‍රර්ථනා කිරීම සැමගේ පුරුද්ද යි. මේ අතර, ගෙවෙන වසරේ මහජනතාවගේ සැබෑ ආර්ථික සහ ජීවන තත්ත්වය කුමක් වුව ද, මහජනයා වෙත නත්තල් සහ නව අවුරුදු සුභ පැතුම් වැපිරීමට දේශපාලන නායකයන් ද පුරුදු වී ඇත. එහෙත්, තම පණිවුඩ හරහා මහජනතාව වෙත නත්තල් සහ නව අවුරුදු සතුට නොඑන බව ඔවුන් දනී. එහෙත්, මෙම අවස්ථාවේ බහුතර ශ්‍රී ලාංකික ජනතාවට නත්තල් සහ නව අවුරුදු සතුට විඳීමටත්, 2024 වසර ඉසුරුමත් වසරක් වේවා යි පතා ගැනීමටත්, සුදුසු ආර්ථික තත්ත්වයක් නොමැති බව කිව යුතු නැත. ඊට හේතුව, 2020 වර්ෂය ආරම්භයේ සිට ගෝලීය කොරෝනා වසංගතයෙන් සහ ඒ ආශ්‍රිත ආර්ථික අර්බුදයෙන් කඩා වැටී ඇති බහුතර මහජනයාගේ ජීවන තත්ත්වය යි.  එය පැහැදිලි කිරීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එය, රැකියා හිඟය, අහස උසට නැග ඇති ජීවන වියදම, ආදායම් මාර්ග අහිමි වීම, දිනෙන් දින බදු ඉහළ යාම, රාජ්‍ය සේවාවන් පහළ යාම, ජීවත් වීමේ ගුණාත්මක භාවය පහළ බැසීම සහ තරුණ

2022 දී බංකොලොත් වූයේ මහ බැංකුව ද? රජය ද? රට ද? පරීක්ෂා කරමු.

Image
  ලිපියේ පසුබිම  2022 අප්‍රේල් මස 12 දින සිට ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති බවට නොයෙකුත් විචාරයන් දැකිය හැකිය. එහි නවතම විචාරය වන්නේ, පසුගිය දෙසැම්බර් 12 දින IMF දෙවැනි ණය වාරිකය ඩොලර් මිලියනය 337 ලැබීම නිසා රට බංකොලොත්කමෙන් එළියට එන බව යි. මෙසේ බංකොලොත් භාවය ලෙස දැක්වෙන්න්, මහ බැංකුව විසින් 2022 අප්‍රේල් 12 දින රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිටුවීම යි. එසේ දැනට ආපසු ගෙවීම පැහැර හැර ඇති ණය වාරික සහ පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක් පමණ බව දැක්වෙයි. ව්‍යාපාරයක හෝ ගෘහයක බංකොලොත් භාවය යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ, ණය ආපසු ගෙවීමට නොහැකි වීම යි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ වත්මන් බංකොලොත් භාවය ලෙස දැක්වෙන්නේ, රජයට තම විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීම යි. එහෙත්, දේශීය මුදලින් ගෙන ඇති ණය ගෙවීම අඛණ්ඩව සිදු වෙයි. මේ දක්වා සියළු රජයන් විසින් තම අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්තියේ අංගයක් ලෙස විදේශ ණය ගැනීම සහ ආපසු ගෙවීම නිසි පරිදි සිදු කොට ඇත. එය හුදෙක් ආණ්ඩුවේ දේශපාලනික නායකයන් විසින් තම හිතු මනාපයට කරන දෙයක් නොවේ. ඒ සඳහා ඉහළ පෙළේ රාජ්‍ය අධිකාරි පද්ධතියක් පවතී. එහි ප්‍රමුඛත්වය මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව යි. එබැවින්,

මුදල් මවන්නේ බැංකු ද? නැත්නම් රජය ද? මුදල් ද බංකොලොත් විය හැකි ද?

Image
පසුගිය ලිපි දෙකින් බැංකු විසින් මුදල් මවන ආකාරය පිළිබඳ මිත්‍යා කථාන්දරය සහ සත්‍ය කථාන්දරය ඉදිරිපත් කළෙමි. මිත්‍යා කථාන්දරය වන්නේ මහ බැංකු මුදල් (පදනම් මුදල්) තැන්පතු හරහා වාණිජ බැංකුවලට ලැබී, බැංකු විසින් එම තැන්පතු මුදල් ණයට දීම හරහා මුදල් මැවෙන බව යි. එසේ මුදල් මැවෙන පරිමාව මුදල් ගුණකයෙන් දැක්වෙයි. එනම්, එක් පදනම් මුදල් ඒකකයක් කොතරම් මුදල් ඒකක  ගණනක් වේ ද? යන්නයි. එහෙත්, සත්‍ය සිද්ධිය වන්නේ බැංකු විසින් ණය දීමේ දී හුදෙක් ගිණුම් සටහනක් මගින් බැංකු පොත්වල ණයක් ද, ඊට සමගාමීව තැන්පතුවක් ද, ඉලක්කම්වලින් මුදල් මවන බව යි. එය මුදල් මැවීම යි.  එහෙත්, ප්‍රයෝගිකව බලන විට ආර්ථිකයේ සංසරණය වන මුදල් යනු මහ බැංකුව, වාණිජ බැංකු සහ රජය විසින් මවන මුදල් ය. එබැවින් බැංකු මුදල් මවන බවට දැක්වෙන විග්‍රහය ද මිත්‍යා මතයකි. එබැවින්, මෙම ලිපියෙන් ආර්ථිකයෙහි සත්‍ය වශයෙන් මුදල් මැවෙන ආකාරය බැංකු පද්ධතියේ සිදුවන ගනුදෙනු හරහා පැහැදිලි කෙරේ. ශ්‍රී ලංකාවේ මුදල් ගනුදෙනු හෙවත් ගෙවුම් සහ පියවුම් පද්ධතිය පසුගිය ලිපියෙන් ඉදිරිපත් කෙරින. මහ බැංකුව විසින් මුදල්  මැවීම මුදල් මුද්‍රණය ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුව විසින් මුදල්