Posts

Showing posts from May, 2023

IMF ණය වැඩසටහනේ අන්තර්ගතය ඉගෙන ගනිමු. ආර්ථිකය ගොඩ ගනිමු.

Image
ශ්‍රී ලංකා රජය විසින් 2022 මාර්තු මස දී IMF ණය වැඩසටහනක් අයදුම් කළ අතර එය වර්ෂයකට පසුව 2023 මාර්තු 20 දින අනුමත වන ලදි. ඒ සඳහා පූර්ව කොන්දේසි රැසක් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරන ලද අතර පශ්චාත් කොන්දේසි සහ ඉලක්කයන් රාශියක් ඉදිරියේ දී ඉටු කිරීමට සිදු වනු ඇත. රාජ්‍ය අධිකාරීන් විසින් පවසන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ එකම විකල්පය මෙම IMF ණය වැඩසටහන බවත්, කොතරම් දුෂ්කරතාවන් පැමිණියත් එය ක්‍රියාත්මක කරන බවත් ය. IMF විසින් මාධ්‍යයට නිකුත් කරන ලද වාර්තාව පිටු 150 කින් යුක්ත අතර එහි ඉදිරිපත් කෙරෙන සංඛ්‍යා දත්ත සහ කරුනුවල පවතින සංකීර්ණත්වය හේතු කොට බොහෝ දෙනෙකුට එහි අන්තර්ගතය අවබෝධ කර ගැනීමට නොහැකි අතර විශේෂ අවශ්‍යතාවයක් නොමැති නම් එම වාර්තාව මුල සිට අගට කියවීමේ ද රුචියක් ද ඇති නොවනු ඇත. එහෙත්, එම වාර්තාව අනුව ශ්‍රී ලංකා පාලන ස්වෛරීත්වය කෙරෙහි දැඩි මැදිහත් වීමක් IMF විසින් සිදු කිරීමට අවසර දී ඇති බැවින් මෙම IMF ණය වැඩසටහන පිළිබඳ ව යම් දැනුමක් ලබා ගැනීම සියළු පුරවැසියන්ට ප්‍රයෝජනවත් වනු ඇත. එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ මෙම IMF ණය වැඩසටහනෙහි අන්තර්ගතය පිළිබඳ ව කෙටි සටහනක්  IMF වාර්තාව ඇසුර

මහ බැංකුව රු. බි. 235 ක ලාභ රජයෙන් සැඟවීම - මහ දවල් පොදු දේපල අපහරණයක්?

Image
  රාජ්‍ය මුදල් නීති අනුව රාජ්‍ය ව්‍යවසායන්ගේ වාර්ෂික ලාභයන් රජයේ ඒකාබද්ධ අරමුදලට යැවිය යුතුය. මෙහි දී, රජය සමඟ එකඟ වී ලාභයෙන් කොටසක් ආයතනයේ ප්‍රාග්ධනය සඳහා රඳවා ගෙන, ඉතිරිය ඒකාබද්ධ අරමුදලට දිය යුතුය. රාජ්‍ය මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් එසේ රජයට ලැබෙන ලාභාංශ කුඩා වීම යි.  බොහෝ විට නිර්මාණශීලී ගිණුම් ක්‍රමයන් හරහා රාජ්‍ය ආයතනයන් විසින් ලාභ සඟවා ගැනීම ද රහසක් නොවේ. බොහෝ ආයතනවල වාර්ෂික ගිණුම්/වාර්තාවන් ඉදිරිපත් කෙරෙන්නේ වර්ෂ ගණනාවක් ප්‍රමාද වීමෙන් පසුව ය. එබැවින්, රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් වී ඇති රාජ්‍ය ආයතන පද්ධතියක් බව රහසක් නොවේ. මහ බැංකුවේ ලාභය  පිළිබඳ මුදල් නීතිය  වෙනත් රාජ්‍ය ව්‍යවසායන් සහ ව්‍යාපාරික ආයතනයන් මෙන් නොව, මහ බැංකුව යනු රජය වෙනුවෙන් මුදල් මුද්‍රණය කිරීම මගින් වත්කම් අත් කර ගෙන ආදායම් සහ ලාභ ලැබීමට ඒකාධිකාරී බලතල සහිත එකම ආයතනය යි. පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පාලනය සඳහා මහ බැංකුව ද රාජ්‍ය ව්‍යවසායක් ලෙස සැලකෙයි. මුදල් මණ්ඩලය විසින් මහ බැංකුව කළමනාකරණය කෙරෙන අතර එහි වාර්ෂික වාර්තාව අප්‍රේල් මස 20 දාතමින් මහ බැංකු අධිපතිගේ අත්සන සහිත ලිපිය ම