Posts

Showing posts from November, 2023

අපි ඉගෙන ගන්නා බැංකු සහ මුදල් න්‍යායන් නිවැරදි ද? ඒවා ආර්ථික සහ මානව සංවර්ධනයට හිතකර ද?

Image
ලිපියේ පසුබිම   මුදල්වල පරිණාමය සහ සංකීර්ණත්වය පිළිබඳ ආර්ථික විද්‍යාවේ බොහෝ තොරතුරු පවතී. ඒවා බොහොමයක් මුදල් පිළිබඳ පැරණි හෙවත් සම්භාව්‍ය සාර්ව ආර්ථික මූලධර්මයන් මත පදනම් වී ඇත. එබැවින්, ශ්‍රී ලංකාව පමණක් නොව සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන්නේ එම මූලධර්මයන් තුළ ය. එහෙත්, නූතන ආර්ථිකයන් ක්‍රියාත්මක වන මුදල් සහ බැංකු පද්ධතිවල දක්නට ලැබෙන සැබෑ තොරතුරු දෙස බලන විට මුදල් පිළිබඳ එම සම්භාව්‍ය පිළිගැනීම් සියල්ලම ප්‍රයෝගික වශයෙන් සාවද්‍ය වෙයි. ලෝකයේ වත්මන් මානව සංවර්ධනය යනු පැරණි මතවාදයන් ඉවත ලා, පර්යේෂණ තුළින් විද්‍යාවේ දියුණුව හරහා කරන ලද නව නිර්මාණයන්ගේ ප්‍රතිඵලයකි. ඒ බව, ගල් යුගයේ සිටි වනචාරී ගෝත්‍රයන්ගේ ජීවන තත්ත්වය සහ වත්මන් ගෝලීයකරණය තුළ ජීවත් වන සමාජයන්හි ජීවන තත්ත්වය සැසඳීමේ දී පැහැදිලි වෙයි. පැරණි ශිෂ්ටාචාරයන්හි මුදල් සොයා ගැනීම සහ මේ දක්වා මුදල් පරිණාමය ද වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා නූතන මානව සංවර්ධනයට පදනම් වූ සාධකයක් වෙයි. එහෙත්, මුදල්වල ක්‍රියාකාරිත්වය සහ එහි මානව සංවර්ධන මෙහෙය පිළිබඳ ව නූතන පර්යේෂණාත්මක දැනුම සැලක

මිත්‍යා මූල්‍ය මතයන්ට බිලි වන 2024 අයවැය - ඊට නව මානව මූල්‍ය න්‍යායෙන් පණ දෙමු ද? නැත්නම් ආර්ථික ගාසා තීරයක ප්‍රාණ ඇපකරුවන් වෙමු ද?

Image
හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන රාජ්‍ය අයවැය යනු දේශපාලනික රජයන්ගේ ප්‍රධානම මෙවලම යි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් පවතින සංවර්ධිත මෙන්ම සංවර්ධනය වන සෑම රටකටම එය පොදු කරුණකි. දන්නා කියන සෑම පුද්ගලයෙකුම රාජ්‍ය අයවැයෙන් තම තමන්ට ලැබෙන සහනය හෝ වාසිය කුමක් ද? යන්න විමසිල්ලෙන් සිටීමේ අසාධාරණයක් නොමැත. ඊට හේතුව, රාජ්‍ය අයවැයෙන් සමස්ත ආර්ථිකයට සහ ජන ජීවිතයට කෙරෙන බලපෑම යි. එබැවින්, රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස ද හැඳින්වෙයි. එනම්, රජය විසින් විසින් සමාජයට සහ ආර්ථිකයට කෙරෙන සියළු මැදිහත්වීමේ පරිමාව සහ ගුණාත්මකභාවය අයවැයෙන් නිරූපනය කෙරෙන බැවිනි. ඊට හේතුව, රාජ්‍ය අයවැය යනු එම මැදිහත්වීමේ මූල්‍ය ප්‍රතිඵලය හෝ ප්‍රකාශනය වන බැවිනි. රාජ්‍ය මැදිහත්වීම මෙන්ම එහි මූල්‍ය ප්‍රතිඵලය ද දරන්න වෙන්නේ මහජනතාවට ය. එබැවින්, සමහරුන් අයවැයට දොස් පැවරීමත්, තවත් සමහරුන් අයවැය ප්‍රසංශා කිරීමත් සාමාන්‍ය කරුණකි. එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ 2024 රාජ්‍ය අයවැය තුළින් වත්මන් ආර්ථික අර්බුදයෙන් සහ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමේ වැඩපිළිවෙලක් මහජනයාට බලාපොරොත්තු නොවිය හැකි බවට සංකල්පීය පදනම ඉදිරිපත් කිරී

පිරමීඩ සක්විති මුදල් සොරුන්ගෙන් බේරෙමු. ඊට අත්වැලක් මෙන්න.

Image
ලිපියේ පසුබිම් කථාව  ශ්‍රී ලංකාවේ කලින් කලට ආයෝජකයන්ට මූල්‍ය වංචාවන් හේතු කොට තම මුදල් අහිමි වන බවට විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව රහසක් නොවේ. ඒවා බොහෝ විට අනවසර තැන්පතු සහ පිරමීඩ ආයෝජනයන් පිළිබඳ ව වාර්තා වෙයි. එහි නවතම වාර්තාව වන්නේ "ඔන්මැක්ස්  ඩීටී" (ONMAX DT) පිරමීඩ ජාවාරම තුළින් එහි සාමාජිකයන්ට රුපියල් කෝටි 3000 ක (රුපියල් බිලියන 30 ක්) පමණ මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව යි. පසුගිය ජුලි මාසයේ ද අනවසර මූල්‍ය ආයතනයක සිදු වූ රුපියල් කෝටි 900 ක (රුපියල් බිලියන 9 ක්) පමණ තැන්පතු වංචාවක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය. පසුගිය දා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මියයාමේ ප්‍රවෘත්තිය සමඟ ගෝල්ඩන් කී සමාගම ඇතුළු අනවසර මෙන්ම අවසර ලද මූල්‍ය ආයතනවල 2008 දී සිදු වූ තැන්පතු වංචාවන් පිළිබඳ මතකය ද අලුත් වී ඇත. එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් මුදල් වංචා හේතු කොට බංකොලොත් වූ ETI සමාගම ද මෑත කාලීන මූල්‍ය සමාගමකි. තව ද, 2016 දී එන්ට්‍රස්ට් සිකියුරිටීස් නම් වූ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ සමාගමින් රුපියල් බිලියන 10 ක පමණ මූල්‍ය වංචාවක් වාර්තා විය. 1987/88 කාලයේ දී මර්කන්ටයිල් ක්‍රෙඩිට්