Posts

Showing posts from August, 2022

රාජ්‍ය අයවැය සහ මුදල් ප්‍රතිපත්ති පාඩම් පොදුජන යහපතට යොදමු. එහි ප්‍රගතිය සංවාද කරමු.

Image
මෙම මස 30 දින "ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ" මැයෙන් මහ බැංකු අධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන් සමඟ සංවාදමය වැඩසටහනක් පැවැත් වීමට නියමිත බව මාධ්‍යය වාර්තා කොට ඇත. මෙහිදී, මහ බැංකු අධිපති සහ නිලධාරීන් විසින් විස්තරාත්මක සංඛ්‍යා වගු සහ විචිත්‍ර රුපසටහන් සමඟ නොයෙකුත් ආර්ථික විද්‍යා වචන සහ සංකල්පයන් යොදා ගෙන පරිගණක ඉදිරිපත් කිරීමක් කරනු නියතය. සමහර විට එය ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා ඉංග්‍රීසි භාෂාව ද යොදා ගැනීම කළ හැකිය. මෙහිදී, ආර්ථික වශයෙන් විචක්ෂණ නොවූ රාජ්‍ය අයවැය සහ ණය හේතු කොට වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හට ගත් බවත්, අයවැය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විචක්ෂණකාරී ලෙස මහ බැංකුව විසින් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මැදි හා දිගු කාලයේ දී ආර්ථික ස්ථායීතාවයක් ඇති කළ හැකි බවත්, රජය සහ මහ බැංකුව විසින් මේ දක්වා ක්‍රියාත්මක කොට ඇති ප්‍රතිපත්තිවල සාධනීය බලපෑම් හේතු කොට ආර්ථිකය නැවත ගොඩ ඒමේ සංඥාවන් දැනටමත් පෙනෙන බවත්, දෙසැම්බර් මාසය පමණ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) සමඟ ණය වැඩසටහනක්  යටතේ නැවතත් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළට ඇතුළු