Posts

Showing posts from October, 2021

Mainstream Economics cannot help the recovery and rehabilitation of the Coronavirus-hit Global Economy – The Alternative is a New-stream Economics to Revive and Redistribute Global Supply Chains

Image
  M ainstream Economics   took more than a decade to recover from the global financial crisis 2007/09 in the developed world, despite the well-known literature on business cycles, asset bubbles and busts, financial stability and monetary and fiscal prescriptions for macroeconomic stabilization. Further, the Coronavirus hit the global economy in early 2020 at the tail-end the decade-long recovery from the global financial crisis whereas same economics, i.e., concepts and prescriptions, seems to have failed to recover economies across the globe, both developed and developing, during last 20 months. Except in Malthusian Theory/Concept to deal with the population growth exceeding the food supply in the world/countries, Mainstream Economics does not cover pandemic risks and stabilization. Therefore, Mainstream Economic Prescriptions are not trust-worthy, given diverse market reactions that have been disrupting and disturbing global supply chains causing a severe loss of global economic welf

මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාරයන් කිරීමේ ආර්ථික මූලධර්මයන් - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - VI කොටස

Image
  ප සුගිය ලිපි දෙකින් කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය සුව කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාර කිරීමේ මූලධර්මයන් ඉදිරිපත් කෙරින. ඊට පෙර ලිපියෙන් රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිකාරයන්ගේ ස්වභාවය , ඒවා අතර පවතින වෙනස සහ පැවතිය යුතු සහයෝගය ඉදිරිපත් කෙරින. ඉදිරි ලිපි පෙළෙන් මූල්‍ය ප්‍රතිකාරයන් පිළිබඳ ප්‍රයෝගික දැනුම බෙදා හැරීමට බලාපොරොත්තු වෙයි. පංති කාමරය තුළ ඉගැන්වෙන මූල්‍ය ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තිය යන වචනය ඇසෙන විට ගුරුවරු සහ සිසුන් බොහෝ දෙනෙකුට පළමුව මතකයට නැගෙනුයේ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති පොලී අනුපාතයන් , ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය , විවට වෙළෙඳපොල කටයුතු , මුදල් මුද්‍රණය සහ ණය පාලනයන් ය. මේවා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයන් හෙවත් ඖෂධයන්ගෙන් කිහිපයකි. දෙවනුව මතකයට නැගෙනුයේ මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණ යි. එනම් , ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව යි. උද්ධමන ඉලක්කකරන මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස දැක්වෙන්නේ මෙය යි.   වර්තමාන උද්ධමන ඉලක්කය සංවර්ධිත රටවල 2% ක් ද, ශ්‍රී ලංකාවේ 4%-6% ක් ද, ඉන්දියාවේ 2%-6% ක් ද වෙයි. මෙහි තවත් ප්‍රභේදයක

රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් කිරීමේ ආර්ථික මූලධර්මයන් අවබෝධ කර ගනිමු - එමගින්, කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය නිෂ්ඨාවට සුව කරමු - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - V කොටස

Image
  ප සුගිය ලිපි දෙක මගින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරවල ස්වරූපය සහ ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන මූලධර්මයන් පැහැදිලි කෙරෙන ලදි. මෙම ලිපියෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරවල මූලික ආර්ථික මූලධර්මයන් සහ මැසිවිලි පිළිබඳ ව ප්‍රයෝගික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කෙරේ. ඒවා නම් , සමාහාර ඉල්ලුම , උද්ධමනය සහ රාජ්‍ය ණය තිරසරභාවය යනාදිය යි. මේ පිළිබඳ මැසිවිලි සාමාන්‍යයෙන් මූල්‍යවාදී ආර්ථික ගුරුකුලයට අයත් ආර්ථික විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කෙරෙන අතර එමගින් රාජ්‍ය වියදම් විරෝධී ගෝලීය මතවාදයක් ගොඩ නැගී ඇත . එය හුදෙක් රාජ්‍ය වියදම් ආංශීය ව්‍යුහය සහ ප්‍රතිලාභ ව්‍යුහය දෙස නොබලා සමස්ත රාජ්‍ය වියදම් සහ ණය සංඛ්‍යාවන් සහ එහි දිශානතිය මූල්‍යවාදී මූලධර්මයන් මත ඉදිරිපත් කිරීමකි. ඔවුන්ගේ සංකල්පීය පදනම වනුයේ ආර්ථිකයෙහි රාජ්‍ය අංශයේ ප්‍රමාණය අඩු කොට තරගකාරී පෞද්ගලික අංශයක් වර්ධනය කිරීමත් , ආර්ථික ස්ථායිකරණය කිරීමේ වගකීම මූල්‍යවාදී සංකල්ප මත ක්‍රියාත්මක වන මිල ස්ථායිතාවය ඉලක්ක කෙරෙන ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියකට/මහ බැංකුවට පැවරීමත් ය. එහෙත් , මෙය හුදු පැරණි සංකල්පයක් වන අතර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට සාපේක්ෂව එ

සාර්ව ආර්ථික විද්‍යාව: ජාතික ආදායම සහ උපයෝජනය, සාර්ව ආර්ථික කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතාවන් - සරසවි ආර්ථික විද්‍යා ග්‍රන්ථ කලාපයයේ 5 වැන්න නිකුත් විය

Image
කර්තෘ : පි සමරසිරි  ප්‍රකාශනය : සරසවි පොත්හල පරිච්ඡේදයන් : 08 ප්‍රධාන මාතෘකාවන් : 27 රුප සටහන් : 38 සංඛ්‍යා සටහන් : 34 පුහුණු ප්‍රශ්න: 150 පිටු ගණන : 542 මිල :  රුපියල්  900 ඉලක්ක පාඨක කණ්ඩායම : අ.පො.ස. (උ.පෙ.) නව නිර්දේශය,                             ඉහළ විභාගයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ග්‍රන්ථ කලාපයේ (5) මිල :  රුපියල් 2,900 පටුන 1    වන පරිච්ඡේදය - සාර්ව ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථිකය හඳුනා ගැනී ම            15-56 1.      සාර්ව ආර්ථික විද්‍යාව විෂය පථය ( ක්‍ෂුද්‍ර වෙළෙඳපොළෙන් සාර්ව ආර්ථිකයට , සාර්ව ආර්ථික විග්‍රහය ) 2.      සාර්ව ආර්ථිකය - නිෂ්පාදන ක්‍රියාවලිය සහ වෙළෙඳපොළ ( සාර්ව නිෂ්පාදන ක්‍රියාවලිය : ජාතික නිෂ්පාදිතය සහ උපයෝජනය , වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය සහ ක්‍රියාකාරීන් , මුදල් සහ නිෂ්පාදන ක්‍රියාවලිය , ආදායම් චක්‍රීය ප්‍රවාහය: ජාතික නිෂ්පාදිතය , ආදායම සහ වියදම ) 3.      නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ( සාධක වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම , සාධක වෙළෙඳපොළ සමතුලිතය , සංක්‍රාම ඉපයීම් සහ ආර්ථික බදු කුලිය , ශ්‍රම වෙළෙඳපොළ සහ සේවා නියුක්තිය , සාධක වෙළෙඳපොළ කෙරෙහි රාජ්‍ය මැදිහත්වීම්