Posts

Showing posts from November, 2026

රාජ්‍ය අයවැයෙහි සැබෑ ආර්ථික විද්‍යාව සහ පොදුජන යහපත

Image
මේ දිනවල රජය විසින් නොවැම්බර් මස 12 දින ඉදිරිපත් කළ 2017 රාජ්‍ය අයවැය පිළිබඳ ව කෙරෙන නොයෙකුත් ගුණ දොස් සාකච්ඡාවන් මාධ්‍යය පුරා දැකිය හැකිය. එහෙත්, ඒවා හුදෙක් දේශපාලනික අයවැය සාකච්ඡාවන් ය.  එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, රාජ්‍ය අයවැය පිළිබඳ වන දේශපාල විද්‍යා කථාවන්ට වඩා හාත්පසින් වෙනස් වූ සැබෑ ආර්ථික විද්‍යා කථාව  කෙටියෙන් ඉදිරිපත් කිරීම යි. රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් ආශ්‍රිත වියදම, බදු තුළින් වියදම පියවීම, ඒ සඳහා බදු ප්‍රමාණවත් නොවන විට අයවැය හිඟය පියවීම සඳහා ණය ගැනීම යනාදී සංකල්පයන් සහ ගණනය කිරීම්වල සාර්ව ආර්ථික පදනමක් නොමැත. ඊට හේතුව, ඒවා පෞද්ගලික අයවැය ආශ්‍රිත ගණනය කිරීම් වන බැවින් රජයන්ට අදාළ නොවීම යි. රටක මුදල් ක්‍රමය රජය විසින් මුද්‍රණය කෙරෙන මුදල් (රාජ්‍ය මුදල්) මත ක්‍රියාත්මක වන බැවින් නව මුදල් මුද්‍රණය කිරීම මගින් රාජ්‍ය වියදම් පියවෙයි. ආර්ථිකයට මුදල් ලැබෙන මූලය රාජ්‍ය වියදම් ය. මෙවර අයවැයෙහි එය රුපියල් බිලියන 7,673 කි. එම මුදල්වලින් කොටසක් රජය විසින් බදු පැනවීම හරහා ආර්ථිකයෙන් ඉවත් කෙරේ. මෙවර අයවැයෙහි එය රුපියල් බිලියන 6,180 කි. ඊට හේතුව, ඉල්ලුම පාලන...