Posts

Showing posts from September, 2022

ආර්ථික අර්බුදය එන බව මහ බැංකුව නොදැක්කේ ඇයි? විමර්ශනය කරමු.

Image
එංගලන්තය සහ ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල හට ගත් 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය පිළිබඳ ව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පැවති විද්වත් සම්මන්ත්‍රණයකට සහභාගී වූ එලිසබත් රැජින විසින් එහි සිටි මහාචාර්ය වරුන්ගෙන් විමසුවේ " අර්බුදය එන බව නොදැක්කේ ඇයි ද?" යන්නය. ඊට වගකිව යුතු පිළිතුරක් දීමට එහි සිටි සම්භාවනීය මහාචාර්ය වරුන්ට නොහැකි වූ බැවින් එය අධ්‍යනය කොට වාර්තා කිරීම සඳහා ආර්ථික පර්යේෂණ කණ්ඩායමක් පත් කරන ලදි. එබැවින්, එම ප්‍රශ්නයම ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන්ගෙන් ද ඇසීමේ අසාධාරණයක් නොමැත. ඊට හේතුව, මේ දිනවල පොදුජනතාව මුහුණ දෙන ඓතිහාසික ආර්ථික අර්බුදය පිළිබඳ ව අදාළ රාජ්‍ය අධිකාරීන් සහ විවිධ විද්වත් පිරිස් විසින් විවිධ පුද්ගලයන්ට සහ රජයන්ට දොස් පැවරීම යි. සමහරු 1977 සිට අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට ද, තවත් සමහරු පසුගිය රජයට ද දොස් පැවරේ. එම පිරිස් අතර ආර්ථික අර්බුදය කලින් හඳුනා ගෙන, එය වැලැක්වීමට ක්‍රියා කළ යුතුව තිබූ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයන් ද සිටිති. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති නීති සමුදාය දෙස බලන විට, අදාළ අධිකාරීන් විසින් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කළේ

ආර්ථික අර්බුදය මානව හිමිකම් උල්ලංඝණයක් ද? චුදිතයන්ට දඩුවම් දීමට නීතිමය පදනමක් තිබේ ද? පරීක්ෂා කරමු.

Image
මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පොදුජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටීමේ සිද්ධිය මානව හිමිකම් උල්ලංඝණය විෂයට ඇතුල් කිරීමත්, ආර්ථික අර්බුදයට හේතුව ලෙස රාජ්‍ය දුෂණය ඇතුලත් ආර්ථික අවකළමනාකරණය සැලකීමත්, ආර්ථික අර්බුදය වැලැක්වීමට ක්‍රියා කළ යුතුව තිබූ ප්‍රතිපත්ති සම්පාදකයන්ට එරෙහිව ආර්ථික අපරාධ කරුවන් ලෙස සලකා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමත් පිළිබඳ යෝජනා හෝ අදහස් ඉදිරිපත් කළ බවට වාර්තා වෙයි. මෙය මානව හිමිකම් හරහා රටේ සාර්ව ආර්ථික කළමනාකරණය කෙරෙහි ගෝලීය භූදේශපාලනය ඍජුව මැදිහත් වීමේ නව මාවතක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව, ඇමෙරිකාවේ සහ යුරෝපයේ 2007/09 මූල්‍ය අර්බුදය තුළින් හට ගත් ආර්ථික අර්බුදය හෝ වෙනත් රටවල කලින් කළට ඇති වූ ආර්ථික අර්බුදයන් හේතු කොට වර්ෂ ගණනාවක් පුරා ව්‍යාපාරයන් බංකොලොත් වීම සහ නිවාස සහ රැකියා අහිමි වීමෙන් අවතැන් වූ ජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටීම සැලකිල්ලට ගෙන එම රටවල රාජ්‍ය අධිකාරීන්ට එරෙහිව ආර්ථික අපරාධ චෝදනාවන් එල්ල කිරීමක් සිදු නොවීම යි. එසේම, ඇමෙරිකාවේ සහ යුරෝපයේ දැනට දශක හතරකින් පසුව මුහුණ දෙන ඉහළම උද්ධමන පීඩනය හේතු කොට පො

මහ බැංකු අධිපතිගේ පාර්ලිමේන්තු ආර්ථික කතිකාවත - මානසික රෝගයක් ද? නැතහොත් නොදැනුවත් කමක් ද? පරීක්ෂා කරමු.

Image
මෙම ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු අධිපති විසින් අගෝස්තු මස 30 දින සවස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ "ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි මග" මැයෙන් සිදු කරන ලද කතිකාවත තුළ කරනු ලැබූ දේශනයේ අඩංගු වූ මූලික කරනු සහ ඒ පිළිබඳ ව මාගේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීම යි. මෙහි පළමු ලිපිය සැප්තැම්බර් 6 දින මෙම වෙබ් අඩවියෙන් නිකුත් කරන ලදි. කතිකාවත ආරම්භයේ දී මහ බැංකු අධිපතිවරයා විසින් සඳහන් කරනු ලැබුවේ මෙය සංවාදශීලී කතිකාවතක් ලෙස පවත්වන බවත්, වෙනදා මෙන් නොව මන්ත්‍රීවරුන් කාරක සභා ශාලාවේ පහළ ආසනවල සිටින විට තමා එහි මුල් මේසයේ සිට මෙය සිදු කිරීම වරප්‍රසාදයක් ලෙස සලකන බවත්, මෙහිදී, තමා ආර්ථික විද්‍යාඥයෙක් ලෙස අදහස් ඉදිරිපත් කරන බවත් ය. ඔහුගේ දේශනය පවර් පොයින්ට් දර්ශනයක් (PowerPoint Presentation) හරහා සිදු කළ අතර එය මහජනයා වෙත නිකුත් කොට නොමැත. මෙම දේශනය මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු, දැනට ගෙන ඇති ප්‍රතිපත්ති සහ ඉදිරියට ගනු ලබන ප්‍රතිපත්ති පිළිබඳ ව කෙටි ඉදිරිපත් කිරීමක් විය. ඒ අනුව, දේශනයේ සාරාංශය පහත දැක්වෙන ප්‍රධාන කරුනු 17 යටතේ ඉදිරිපත් කෙරේ. මහ බැංකු අධි