Posts

Showing posts from March, 2022

IMF, භාණ්ඩාගාරය සහ මහ බැංකු සංකල්පයන්ට මැදි වී මිරිකෙන පොදුජන ආර්ථිකය

Image
  IMF  ආර්ටිකල්  IV  උපදේශන වාර්තාව මේ දිනවල ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින්  IMF  විසින්   මාර්තු මස  25 දින ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ව නිකුත් කරන ලද 2021  වර්ෂයේ   ආර්ටිකල්   IV  උපදේශන වාර්තාව ( IMF Article IV Consultation Report) අළෙවි කරණයේ පෙරමුණ ගෙන ඇත. එසේම ,  ප්‍රධාන ධාරා සාර්ව ආර්ථික විද්‍යාවේ පෙළ පොත්වත් නොදන්නා දේශපාලනික නායකයන් පවා රජය විවේචනය කිරීමට කරුණු සොයමින්   මෙම  IMF  වාර්තාව පසු පස දිවීම නව ප්‍රවණතාවයකි. මෙම  IMF  වාර්තාව පාර්ලිමේන්තු විවාදයන්ට ගෝචර වීම ද ඓතිහාසික සිද්ධියකි. ශ්‍රී ලංකාව මේ දක්වා ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ ගැටළු විසඳීම පිණිස 1965  වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ   ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා 16 වරක්  IMF  ණය වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත. එසේම , IMF  විසින් ආර්ටිකල්  IV  උපදේශනය සාමාන්‍යයෙන් වාර්ෂිකව සිදු කෙරේ. එබැවින් ,  අතීතයේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ව මෙවැනි  IMF  වාර්තාවන් රැසක් නිකුත් කොට ඇත. ඒවා මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුගේ විශාල රහස් ලිපි ගොනු අතරේ රැඳීම සාමාන්‍ය ලක්ෂණය යි. සමහර විට ඒවා "අවශ්‍

න්‍යායාත්මක ආර්ථික ප්‍රතිපත්ති ප්‍රහාරයන්ගෙන් වින්දිත වන ශ්‍රී ලංකා පොදුජන ආර්ථිකය

Image
  මේ දිනවල ශ්‍රී ලංකාවේ උද්ධමනය සීග්‍රයෙන් ඉහළ යන බවත් , එය පොදුජන ආර්ථිකයට දැඩි පහරක් බැවින් උද්ධමනය පහළට ගෙන ඒම සඳහා සරල ආර්ථික විද්‍යා න්‍යායන් අනුව ප්‍රතිපත්ති ගත යුතු බවත් ආර්ථික වියතුන් විසින් රජයට බල කර සිටීම නිරන්තරයෙන් දැකිය හැකිය. අයවැය හිඟය සහ මුදල් මුද්‍රණය ප්‍රසාරණය මොවුන්ගේ තර්කය මූලික වශයෙන් සම්ප්‍රදායික න්‍යායාත්මක හෝ සංකල්පීය පිළි ගැනීම් දෙකක් මත පදනම් වෙයි. පළමුව රාජ්‍ය අයවැය හිඟය අධික ලෙස ඉහළ යාම තුළින් ආර්ථිකයේ සමාහාර ඉල්ලුම ඉහළ ගොස් ඉල්ලුම් අතිරික්තයක් හට ගෙන උද්ධමනය ඉහළ යන බව. දෙවනුව , අයවැය හිඟය පියවීමට අවශ්‍ය ණය ලබා ගැනීම පිණිස මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කොට තබා ගැනීම හේතුවෙන් මුදල් සැපයුම ප්‍රසාරණය වීම තුළින් ආර්ථිකයේ සමාහාර ඉල්ලුම ඉහළ ගොස් ඉල්ලුම් අතිරික්තයක් හට ගෙන උද්ධමනය ඉහළ යන බව. මෙහිදී , රජය විසින් තම අයවැය පියවීම සඳහා බැංකු පද්ධතිය තුළින් ණය ගැනීම ඉහළ යාම ද මුදල් සැපයුම ප්‍රසාරණය සඳහා ප්‍රධාන හේතුවක් වන බව දැක්වෙයි. එසේම , අයවැය ප්‍රසාරණය සහ ළිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ණය හරහා ආනයන ඉල්ලුම ඉහළ යාම තුළින් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යන අතර ඒ හේතු ක

ඩිජිටල් මුදල් ප්‍රවේශමෙන් - මූල්‍ය සාක්‍ෂරතාවය (Financial Literacy) IV කොටස

Image
  මූල්‍ය සාක්‍ෂරතාවය (Financial Literacy) IV කොටස - මුදල් ගනුදෙනු ඥාණාන්විත ලෙස කළමනාකරණය කර ගැනීමේ දැනුම වඩවා ගනිමු පසුගිය මාර්තු මස 02 දින නිකුත් ලද ලිපියෙන් පුරාණයේ සිට මුදල් පරිණාමය වී ඇති ආකාරය පැහැදිලි කරන ලදි. ඒ අනුව ,  වර්තමානයේ භාවිතා වන මුදල් රාජ්‍ය/මහ බැංකු නෝට්ටු මුදල් (කාසි ඇතුළු) (Currency Notes) ,  විද්‍යුත් මුදල් (Electronic Money) සහ ඩිජිටල්/ ක්‍රිප්ටො  මුදල් (Digital Money/Cryptocurrency) ලෙස පුළුල් කාණ්ඩ තුනක් යටතේ හඳුනා ගත හැකිය. කාසි සහ නෝට්ටු මුදල් ගනුදෙනු දෙනු කිරීම සඳහා අපි සියළු දෙනාට පුරුද්දක් පවතී. අන්ධ පුද්ගලයන්ට වුවත් භාවිතා කිරීමට හැකි වන ලෙස ඒවායේ සලකුණු පවතී. බැංකු සහ මුදල් ගනුදෙනු සඳහා බැංකු විසින් විද්‍යුත් පරිපථ/වේදිකාවන් භාවිතා කිරීම සමඟ විද්‍යුත් මුදල් බිහි විය. විද්‍යුත් මුදල් ද ඩිජිටල් හෙවත් ගිණුම් ගත ඉලක්කම් ස්වරූපයෙන් ගනුදෙනු කෙරෙන බැවින් ඩිගිටල් මුදල් කාණ්ඩය යටතේ හඳුනා ගත හැකිය. එහෙත් ,  විද්‍යුත් මුදල් ගනුදෙනු හුදෙක් රාජ්‍ය මුදල් ඒකකය පදනම් කර ගෙන ,  ඒවා නෝට්ටු මුදල්වලට 100% ක් පරිවර්තනය කළ හැකි බවට ඇති විශ්වාසය මත ක්‍රියාත්මක වන අතර එහි ගනුදෙ