Posts

Showing posts from March, 2023

2023 මාර්තු IMF ගිවිසුම - 1815 මාර්තු උඩරට ගිවිසුම නූතන වේශයකින් පැමිණීමක් ද? (I කොටස)

Image
පසුගිය මාර්තු 21 දින ශ්‍රී ලංකා රජය විසින් රහසේ එකඟ වී, IMF විසින් අනුමත කොට ක්‍රියාත්මක කරන ලද ණය ගිවිසුම පිළිබඳ පුවත, රට පුරා කිරිබත්, රතිඤ්ඤා සහ ට්විටර් පණිවුඩ හරහා සැමරූ බවත්, රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් එය දැනට බංකොලොත් වී ඇති ජාතියේ ගැලවුම්කරු ලෙස හඳුන්වමින් IMF වෙත ප්‍රණාමය පුද කළ බවත්, ශ්‍රී ලංකා නව ඉතිහාසයේ සටහන් වී ඇත.  මෙම ගිවිසුමේ විශේෂත්වය වනුයේ, 1965 සිට IMF ගිවිසුම් 16 ක් අත්සන් කළ ද, ඒ බව එය අත්සන් කළ අය හැර වෙනත් කිසිවෙකු දැන නොසිටිය ද, මෙම ගිවිසුම දේශපාලන නායකයන් ඇතුළු බොහෝ මහජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වීම යි. මෙය ද තවත් IMF ගිවිසුමක් බැවින් ඉන් ජාතියට ඇති වැදගත්කම හෝ  බලපෑම තීරණය වන්නේ ගිවිසුමේ ඇති කොන්දේසි ක්‍රියාත්මක වන විට ය. එහෙත්, IMF ගිවිසුම සමරන බොහෝ දෙනෙකුට එම කොන්දේසි හෝ ඉන් ජාතියට ලැබෙන අනාගත හොඳ නරක හෝ පිළිබඳ ව නිසි අවබෝධයක් තවම නොමැති බව රහසක් නොවේ. 1815 උඩරට ගිවිසුම ද එකල දේශපාලන නායකයන් සහ මහජනතාව විසින් හිස මුදුණින් පිළි ගෙන සමරන ලදි. ඊට හේතුව ලෙස, එම ගිවිසුම මගින් බ්‍රිත්‍යයන් විසින් එවක උඩරට රාජධානිය පාලනය කළ කෘර රජුගෙන් ඔවුන් මුදවා ගෙන, උ

මහ බැංකු පොලී වෛරසයේ නව ප්‍රභේදය බැංකු අර්බුදයක් ද? තැන්පතු මුදල්වල ආරක්ෂාව කුමක් ද?

Image
  මේ දිනවල දියුණු වෙළෙඳපොළ ආර්ථිකයන් පවතින සංවර්ධිත රටවල් ඇතුළු ලෝකය පුරා ඉදිරියේ දී බැංකු අර්බුදයන් හට ගත හැකි බවට, මූල්‍ය විද්වතුන් විසින් නිරන්තරයෙන් අනතුරු ඇඟවීම කෙරේ. එහෙත්, මහ බැංකු සහ මුදල් බලධාරීන් විසින් පවසන්නේ, බැංකු පද්ධතිය ශක්තිමත් ( Strong ) බවත්, එය ආතතීන්ට ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්ත ( Resilient ) බවත් ය. අතීත බැංකු අර්බුදයන් දෙස බැලීමේ දී, අර්බුදයන්ට පෙර එවැනි ප්‍රකාශයන් කිරීම ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම යි. මෙම අනතුරු ඇඟවීම්වලට මූලික හේතුව, 2022 වර්ෂය ආරම්භයේ සිට මහ බැංකු විසින් වේගයෙන් පොලී අනුපාතයන් ඉහළ දමමින්, ණය සහ මුදල් ප්‍රසාරණය පහළ දැමීමට ක්‍රියා කිරීම තුළින් බැංකු ව්‍යාපාරික කටයුතු කෙරෙහි ඇති වෙමින් පවතින ආතතීන් සහ කම්පනයන් ය. දශක හතරකින් පසු මුහුණ දෙන අධිඋද්ධමනය පාලනය කිරීම සඳහා එසේ කෙරෙන බව සෑම මහ බැංකුවක් විසින් උදේ සවස ජප කරන මන්ත්‍රය වී ඇත. එබැවින්, මේ කෙටි ලිපියේ අරමුණ වන්නේ, මහ බැංකු විසින් නිසි දැනුවත් බවකින් ක්‍රියාත්මක කෙරෙන මෙවැනි මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට බැංකු අර්බුදයට පත් වීමේ දී, බැංකු තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම ද මහ බැංකු සහ රජයන්ගේ වගකීම බ

IMF ණය සතුට - සුපුරුදු විදේශ මුදල් සූදුවට නැවත යාමේ සුදානමක් ද?

Image
පසුගිය 21 දින IMF විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් අනුමත කළ බවටත්, එහි මුල් වාරිකය වන ඩොලර් මිලියන 333 ක පමණ මුදල ඉදිරි දින කිහිපය තුළ ලැබෙන බවටත් වූ උණුසුම් පුවත  ශ්‍රී ලංකාවේ අගනගරය මෙන්ම ගම් නියංගම් පුරා ව්‍යාප්ත විය. එහි ඉතා දුක්මුසු පුවත වූයේ, සමහර මහජන කොටස් විසින් කිරිබත්, රතිඤ්ඤා සහ ට්විටර් පණිවිඩ සංග්‍රහ පවත්වමින් එය සැමරීම යි.  ඉන් බොහෝ දෙනෙකු IMF හෝ IMF ණය මුදල පිළිබඳ ව හෝ ඉන් දැනට කඩා වැටී තිබෙන ආර්ථිකයට ඉන් ලැබෙන සැබෑ සෙත පිළිබඳ ව හෝ කිසිවක් දන්නා අය නොවේ. එසේම, මේ පිළිබඳ ව සැබෑ තතු හොඳින් දන්නා ඉහළ පෙළේ දේශපාලනික නායකයන් සහ මහජන ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ද අදහස් දැක්වූයේ, IMF ණය මුදල යනු වත්මන් ආර්ථික අර්බුදයෙන්  ශ්‍රී ලංකාව බේරා ගෙන, ඉදිරියේ දී ලෝකයේ ධනවත් රටක් වීමට අවශ්‍ය දේව වරම ලැබීමක් ලෙස ය. මෙහි පුදුමය වන්නේ ගෝලීය මට්ටමේ සමහර ආර්ථික විද්‍යාඥයන් පවා මෙම IMF ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන අමෘතය ලෙස දැක්වීම යි. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, IMF හෝ IMF ණය මුදල ගැන තාක්ෂණික අදහස් ඉදිරිපත් කිරීම නොව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින්

මහ බැංකු අධිපතිගේ ස්වාධීන මහ බැංකු අඬහැරය - කුමක්, කෙසේ, කා සඳහා ද?

Image
  මේ දිනවල මහ බැංකු අධිපති විසින් තම මාධ්‍යය සහ දේශපාලනික හිතවතුන්  සමඟ එක් වී කෙරෙන ස්වාධීන මහ බැංකු අඬහැරයක් දස දෙසින් ඇසෙමින් පවතී.  වසර 73 ක් පමණ ජීවත් වූ ලෝකයේ තවමත් තරුණ මහ බැංකුවක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ ව සමාජයේ කිසිවකු හෝ මහ බැංකු අධිපතිගේ වසර 30 ක පමණ මහ බැංකු සේවා කාලය තුළ ඔහු විසින් හෝ මෙතෙක් ප්‍රශ්න කළේ නැත. එහෙත්, දැන් හීනෙන් බය වී නැගිට්ට පුද්ගලයෙකු මෙන්, ඔහු විසින් මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ව අඬහැරයක් පටන් ගෙන ඇත.  උද්ධමනය පහළ දමා වත්මන් ආර්ථික අර්බුදයෙන් රට සහ මහජනයා ගොඩ ගැනීමට ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය නිවැරදි සහ දැඩි, එහෙත් ජනප්‍රිය නොවන, තීරණයන් ගැනීම පිණිස මහ බැංකුවට ස්වාධීනත්වය අවශ්‍ය බවත්, ඒ සඳහා නව මහ බැංකු පනත ඉදිරිපත් කළ බවත්, ඔහුගේ ස්වාධීන අඬහැරයේ තේමාව වී ඇත. එහෙත්, ස්වාධීන මහ බැංකු විසින් ගෙන ඇති හෝ ගනු ලබන නිවැරදි තීරණයන් කුමක් ද? යන්න ස්වාධීන මහ බැංකු ලෙස සැලකෙන සංවර්ධිත රටවල මහ බැංකුවලින් පවා සොයා ගත නොහැකිය. උද්ධමනය පාලනය කිරීමට පූර්ණ ස්වාධීනත්වයක් ඇති මහ බැංකු පවතින එම රටවල් පවා දශක හතරකින් වාර්තා වූ ඉහළම උද්ධමනයට පසුගිය වසර පුරා

මහ බැංකු මහ පොලියෙන් බැංකු බංකොලොත් වෙයි ද? නව මහ බැකුව එය වළක්වයි ද?

Image
මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්ති යටතේ පොලී අනුපාතය ඉහළ මට්ටමක පවත්වා ගැනීම හේතු කොට, බැංකු බිඳ වැටීම් සහ බුන්වත් වීම් මෙන්ම මූල්‍ය අර්බුදයන් හට ගැනීමට ඇති දැඩි අවදානම කෙටියෙන් ඉදිරිපත් කිරීම යි. ලිපියේ පසුබිම  මෙම ලිපියට පසුබිම සැපයෙන්නේ ඇමෙරිකාවේ පසුගිය මාර්තු 8  දින සිල්වර්ගේටේ බැංකුව ද, ඊට දින දෙකකට පසුව මාර්තු 10  දින සිලිකන්වැලි බැංකුව ද තැන්පත් කරුවන් විසින් කඩිමුඩියේ මුදල් ආපසු ගැනීම හේතු කොට බිඳ වැටීමේ සිද්ධිය මගිනි. මෙය 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදයේ දී සිදු වූ ආකාරයට ඉදිරියේ දී බැංකු සහ මූල්‍ය අර්බුදයක් ලෙස ව්‍යාප්ත විය හැකි බවට අනතුරු අඟවන මූල්‍ය වෘත්තිකයන් විසින් පවසන්නේ මෙම බැංකු දෙක බිඳ වැටීමේ සහ ඉදිරි බැංකු අර්බුදයේ වගකීම ඇමෙරිකානු මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය භාර ගත යුතු බව යි.  එවැනි අර්බුදයක් හට ගැනීම නිවැරදි ලෙස පුරෝකතනය කළ නොහැකි වීමත්, එවැනි අර්බුදයන් හට ගැනීමේ අවදානම නිරන්තරයෙන් පැවතීමත්, හේතු කොට එවැනි අනතුරු සංඥාවන් නිකුත් කිරීමේ දෝෂයක් නොමැත. ඊට හේතුව, අදාළ රාජ්‍ය බලධාරීන්ගේ ඇස් ඇරවීමට ඒවා උපකාරී වන බැවිනි. ඕනෑම බැංකුවක් පවතින්