Posts

Showing posts from July, 2026

විනිමය අනුපාත දේශපාලනය සහ ආර්ථික කැරලි. ආර්ථික විද්‍යාව පිට කවරය පමණ ද?

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම  මේ දිනවල ලෝකය පුරා සංවර්ධනය වන රටවල මුදල් වේගයෙන් අවප්‍රමාණය වීමේ ආර්ථික අර්බුදයක් ව්‍යාප්ත වෙමින් පවතී. එනම්, ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යාම යි. එහි මතුපිට හේතුව පසුගිය අප්‍රේල් මස සිට මැදපෙරදිග පවතින ඇමෙරිකානු යුද්ධය වුව ද, මුදල් අර්බුදය පිටුපස පාරම්පරික ආර්ථික ව්‍යුහාත්මක හේතු රැසක් පවතී. එහෙත්, රටවල ආර්ථික කළමනාකරුවන් විසින් සුපුරුදු ලෙස සැහැල්ලුවෙන් හුවා දක්වන හේතුව වනුයේ, විදේශ විනිමය වෙළෙඳපොළෙහි ක්‍රියාකාරී වී ඇති අධික සමපේක්ෂණය හෙවත් සමපේක්ෂණ පහර (Speculative Attack) යි. මෙතෙක්, බොහෝ දෙනා සිතා සිටියේ, ඉන්දියාව යනු තිරසාර දේශීය ආරක්ෂණ ප්‍රතිපත්ති මත අත්කර ගත් වේගවත් ආර්ථික වර්ධනය හරහා ඩොලර් බිලියන 720 ද ඉක්මවූ අතිවිශාල විදේශ සංචිතයක් ගොඩ නගා ගැනීම තුළින් ගෝලීය ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දෙන රටක් ලෙස ය. මෙම විදේශ සංචිතය හරහා විනිමය අනුපාතය ස්ථායිව පවත්වා ගැනීමේ හොඳ ජවයක් ඉන්දියානු මහ බැංකුවට ඇති බව පොදු පිළි ගැනීම විය.   එහෙත්, සංවර්ධනය වන රටවල මුදල් අවප්‍රමාණය වීමේ වත්මන් ගෝලීය කම්පනයෙන් ඉන්දියානු ආර්ථ...

ක්‍රිප්ටෝ මුදල්වලින් ශ්‍රී ලංකාව ගොඩ එයි ද? නැත්නම්, එය තවත් විදේශ මුදල් උගුලක් වෙයි ද?

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම මේ දිනවල ලෝකය පුරා ක්‍රිප්ටෝ මුදල් ජනප්‍රිය කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික රැල්ලක් හට ගෙන ඇත. මෙය හුදෙක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධන රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින් ජනිත වී ඇත.  ගෝලීය මුදල් ඉතිහාසය කලින් කලට වෙළෙඳපොළවල් විසින් සොයා ගත් විවිධ මුදල් වර්ගයන්ගෙන්  විකාශය වී ඇත. පසුගිය සියවසක පමණ කාලය තුළ මුදල් ලෙස රාජ්‍ය කාසි සහ නෝට්ටු මුදල් ක්‍රමය ජනප්‍රිය වී ඇත. එහෙත්, රාජ්‍ය මුදල්වලට අභියෝගයක් ලෙස පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් දැනට ජනප්‍රිය වන අතර එය ඉදිරි සියවස තුළ රාජ්‍ය මුදල් අභාවයට යවන නව ගෝලීය මුදල බවට පත් විය හැකිය. ශ්‍රී ලංකාවේ ද යම් යම් විදේශීය ක්‍රිප්ටෝ මුදල් භාවිතා වන බවත්, එවැනි ක්‍රිප්ටෝ මුදල් රාජ්‍ය නියාමනය යටතේ ප්‍රචලිත කිරීමට රාජ්‍ය අධිකාරීන් ක්‍රියා කරන බවත්, මෑත කාලීන මාධ්‍ය වාර්තාවලින් පෙනේ. එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ගෝලීය ක්‍රිප්ටෝ මුදල්වල මූලික ස්වරූපය, අවදානම් සහ ප්‍රවණතාවය පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කොට, ශ්‍රී ලංකාව නුදුරේ දී හසු විය හැකි ක්‍රිප්ටෝ උගුල පුරෝකථනය කිරීම යි.  1950 සිට මෙතෙක් දේ...