Posts

Showing posts from December, 2021

ආර්ථිකයේ මිල ගණන් සහ උද්ධමනය තීරණය වන්නේ කෙසේ ද? ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට 2022 වර්ෂයේ දී රජයට හැකි වෙයි ද?

Image
  වෙළෙඳපොළ මිල ගණන් තීරණය වීම පිළිබඳ ආර්ථික විද්‍යා මුලධර්ම පසුබිම 2021 වර්ෂය අවසාන වූයේ ලෝකය පුරා රටවල භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම සහ අධික හිඟයන් පිළිබඳ මහජන මැසිවිලි රැල්ලක් සමඟය. එහෙත් , බොහෝ රටවල රජයන්ගේ සහ මහ බැංකුවල ව්‍යවස්ථාපිත අරමුණක් වනුයේ මිල ස්ථායිතාවය අරක්ෂා කිරීම යි. මෙය ගෝලීය කොරෝනා වසංගතයේ අතුරු ආර්ථික ඵලයන්ගෙන් එකක් ලෙස 2021 වසරේ දෙවන භාගය ආරම්භයේ සිට උද්ධමනය ගෝලීය වශයෙන් සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රවෘත්තිය හා සම්බන්ධ වෙයි.  උදාහරණ ලෙස 2021 නොවැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය ඇමෙරිකාවේ 6.8% ක් ද, එංගලන්තයේ 5.1% ක් ද, යුරෝපයේ 5.2% ක් ද, ජර්මනියේ 5.2% ක් ද, ශ්‍රී ලංකාවේ 11.1% ක් ද ලෙස වාර්තා වී ඇත.  මෙම උද්ධමනය ඉදිරි වර්ෂ කිහිපය තුළ තවත් ඉහළ යන බවට මහ බැංකු විසින් නිල පුරෝකතනයන් ඉදිරිපත් කොට ඇත. උද්ධමනය ලෙස මෙහිදී දැක්වෙන්නේ ආර්ථිකයේ පොදු හෝ සාමාන්‍ය මිල මට්ටම වේගයෙන් ඉහළ යාම යි. සරල සාර්ව ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකයක පොදු මිල මට්ටම එහි සමාහා . ර ඉල්ලුමේ සහ සමාහාර සැපයුමේ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් තීරණය වෙයි. ඒ අනුව , යම් කාලයක හෝ අවස්ථාවක පොදු මිල මට්ටම ඉහළ යාම ආර්

ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ රුපියලේ (ඩොලරයේ) වටිනාකමට කුමක් වෙයි ද? එය ආරක්ෂා කිරීමට මහ බැංකුවට හැකියාව පවතී ද?

Image
  වත්මන්  ශ්‍රී ලංකාවේ උග්‍ර ඩොලර් හිඟයේ  ආර්ථික  පසුබිම මේ දිනවල රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතු කොට රුපියල විදේශ විනිමය වෙළෙඳපොළේ සහ දේශීය වෙළෙඳපොළේ දිනෙන් දින කඩා වැටෙන බව නොදන්නා කෙනෙක් නැත. රුපියල විදේශ විනිමය වෙළෙඳපොළේ කඩා වැටීම යනු ඩොලරයක මිල රුපියල්වලින් අධික ලෙස ඉහළ යාම යි. එනම් , ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ යාම යි.  ඊට හේතුව ,  ආර්ථිකයේ පවතින ඩොලර් සැපයුමේ උග්‍ර හිඟය යි.  ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ යාම යනු ඩොලර්වලින් රුපියලේ වටිනාකම හෝ මිල පහළ යාම හෙවත් රුපියලකින් මිල දී ගත හැකි ඩොලර් ප්‍රමාණය පහළ යාම යි.  මෙහි අදහස  වනුයේ රුපියලෙන් විදේශ වෙළෙඳපොළවලින්  මිල දී ගත  හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ යාම යි.  දේශීය වෙළෙඳපොළේ රුපියල කඩා වැටීම යනු දිනෙන් දින ඉහළ යන බඩු මිල හෙවත් වේගවත් උද්ධමනය හේතු කොට රුපියල් ආදායමින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය දිනෙන් දින පහළ යාම යි. මෙසේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට හේතුව ද ඩොලර් හිඟය හේතු කොට ආනයනයන් සිමා කිරීම තුළින් ආනයන භාණ්ඩ හිඟයක් හට ගැනීමත් , ඩොලර් විනිමය අනුපාතය ඉහළ යාම හේතු කොට ආනයනවල දේශීය මිල ගණන් ඉහළ යාමත් ය. මෙය ආර්