Posts

Showing posts from July, 2023

මහ බැංකුවේ මුදල් ක්‍රියාකාරකම් - කවුරුන්ගේ යහපත සඳහා ද? පොදුජනයා ද? නැත්නම් මුදල් වෙළෙඳුන් ද?

Image
  මහ බැංකුවේ මුදල් ක්‍රියාකාරකම් ලෙස දැක්වෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය මගින් තීරණය කෙරෙන ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට  අනුරූපී ලෙස මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයන් පවත්වා ගැනීම සඳහා සිදු කෙරෙන මුදල් මුද්‍රණය යි. මෙය දේශීය විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ලෙස ප්‍රචලිත වෙයි. මෙහි දී, මහ බැංකුව විසින් සිදු කරන්නේ ඉලක්ක පොලී අනුපාතයන්ට ගැලපෙන පරිදි මුදල් වෙළෙඳපොළ හෝ බැංකු පද්ධතියෙහි ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම යි. මේ සඳහා, වත්මන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතා කෙරෙන මෙවලම් කිහිපයක් පවතී. මෙම ලිපියෙන් 2023 පළමු මාස 7 තුළ මහ බැංකු විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳ ව ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් ඉලක්ක කොට කෙටි විග්‍රහයක් ඉදිරිපත් කෙරේ. මහ බැංකු විවට වෙළෙඳපොළ මෙවලම්  නිත්‍ය තැන්පතු පහසුකම මෙය, බැංකුවලට තම එදිනෙදා අතිරික්ත අරමුදල් මුදල් එක් දිනක් සඳහා මහ බැංකුවේ තැන්පත් කිරීමේ පහසුකම යි. ඒ සඳහා මහ බැංකුව විසින් ගෙවන පොලිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) ලෙස හැඳින්වෙයි. නිත්‍ය ණය පහසුකම මෙය අරමුදල් හිඟ බැංකුවලට එක් දිනක් සඳහා රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත මහ බැංකුවෙන් ණය ලබා ගැනීමේ

නව මහ බැංකු පනත - II කොටස - නව මහ බැංකුව හෙන්ඩුව නොමැති අලියෙක් ද? මහ බැංකු අධිපතිට මහජන මුදලින් ස්වාධීන මුදල් ආණ්ඩුවක් ද? රටේ මුදල් සහ මහ බැංකුව පොදුජනයාගෙන් මුදල් ව්‍යාපාරිකයන් අතට ද?

Image
පසුගිය ජුලි මස 22 දින ඉදිරිපත් කළ මෙම ලිපියේ පළමු කොටස මගින් උද්ධමනයෙන් සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පසුගිය 20 දින පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නව පනත හරහා රජයෙන් ස්වාධීන වූ නව මහ බැංකුවක් වත්මන් රජය විසින් පිහිටුවීමේ තර්කයන් ආර්ථික විද්‍යාව අනුව පදනම් විරහිත බව පෙන්වා දෙන ලදි (එම ලිපිය මෙම ලිපිය අවසානයේ පිටපත් කොට ඇත). එබැවින්, මෙම දෙවන කොටසේ අරමුණ වනුයේ මහ බැංකුව මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් නීති පනත අවලංගු කොට, ඉදිරිපත් කොට ඇති නව මහ බැංකු පනතේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් මගින් දැනට ආර්ථික සහ මූල්‍ය අර්බුදයකට හසු වී දරිද්‍රතාවයට පත් වී ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට නොගැලපෙන මුදල් නියාමන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම හරහා ඇතිවන අවදානම් දෙකක් පෙන්වා දීම යි. ලිපියේ මාතෘකාවේ දැක්වෙන්නේ එම අවදානම් දෙක යි.  මුදල් නීති පනතේ මුදල් නියාමන ප්‍රතිපාදනයන්ගේ හරය ශ්‍රී ලංකා ආර්ථිකයට අවශ්‍ය කෝකටත් තෛලය ස්වාධීන මහ බැංකුවක් බව දක්වමින් නව මහ බැංකු පනතට දෙඅත් එසවීමට පෙර, මුදල් නීති පනත පිළිබඳ ව පූර්ණ අවබෝධයක් තිබිය යුතුය. ඊට උපකාරයක් ලෙස, ආර්ථිකයෙහි මුදල් පාලනය පිළිබඳ ව මුදල් නීති පනතේ මූලික හරය ඉතා කෙටියෙන් පහ

නව මහ බැංකු පනත - මහ බැංකු අධිපතිට මහජන මුදලින් ස්වාධීන මුදල් ආණ්ඩුවක්? රටේ මුදල් සහ මහ බැංකුව පොදුජනයාගෙන් මුදල් ව්‍යාපාරිකයන් අතට?

Image
  පාර්ලිමේන්තුවේ මාස තුනක් පමණ හිර වී තිබූ ශ්‍රී ලංකා මහ බැංකු පනත පසුගිය 20 දින අනුමත වූ බව මාධ්‍යය විසින් වාර්තා කෙරින. ඊට අනුව, පනතට පක්ෂ ඡන්ද 66 ක් ද, විපක්ෂව ඡන්ද 24 ක් ද, නොපැමිණි 133 ක් ද වෙයි. එබැවින්, එය වැඩි ඡන්ද 42 කින් හෙවත් තුනෙන් දෙකකින් සම්මත වූ බව කිව හැකිය. මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ දෙවන වරට ආර්ථිකය සහ පොදුජන ජීවන මට්ටම අර්බුදයට ඇද දැමීමට නව මහ බැංකුවට ඇති ඉහළ අවදානම හුවා දැක්වීම යි. 2022 වර්ෂය ආරම්භයේ සිට විදේශ මුදල් සහ රාජ්‍ය ණය අර්බුදය හරහා පොදුජනයා මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදය ද, මහ බැංකුවේ නීති විරෝධී සහ දුෂිත මූල්‍ය ප්‍රතිපත්ති තුළින් ඇති වූ එකකි. වත්මන් දේශීය මුදල් ක්‍රමය බිඳ දමා නව මහ බැංකුවක් පිහිටුවීමට පනතක් ඉදිරිපත් කොට අනුමත කිරීම යනු දුෂණ වැලැක්වීමේ පනතක් හෝ ඇමතිවරුන්ට හිතෙන හිතෙන විට ඉදිරිපත් කෙරෙන වෙනත් පනත් මෙන් පරිපාලන කාර්යයක් නොවේ. ඊට හේතුව, මුදල් ක්‍රමය සහ මහ බැංකුව යනු නූතන ආර්ථික සහ පොදුජන ජීවිතයේ කොඳු නාරටිය වන බැවිනි. එබැවින්, එක් එක් අයගේ හිතුමතයට කොඳු නාරටිය වෙනස් කිරීමට යාම ජාතික වශයෙන් ඉතා අවදානම්කාරී වෙයි. රටේ මුදල් ක්‍රමය සහ මහ බැංකුව

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි

Image
පිටකවරය  පටුන   පළමු පරිච්ඡේදය:  ආර්ථිකයක ව්‍යුහය සහ ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගැනීම දෙවන පරිච්ඡේදය:   ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට මග පෑදු ව්‍යුහාත්මක අවදානම් තෙවන පරිච්ඡේදය:  ආර්ථික අර්බුදය පතිතවීම, පැතිරීම සහ සමාජ ආර්ථික ආදීනව සිවුවන පරිච්ඡේදය:   ආර්ථික අර්බුදය කළමනාකරණ රාජ්‍ය ප්‍රතිපත්ති පිටු ගණන 319 මිල රුපියල් 1,100 විමසීම් - ශ්‍රීපාලි පෙරේරා, සරසවි ප්‍රකාශක කළමනාකරු, 0711999365 කතුවරයාගේ පණිවුඩය කලින් කලට රටවල ආර්ථික අර්බුදයන් හට ගැනීම ගෝලීය ආර්ථිකයට පුරුදු සිද්ධියකි. ආර්ථික අර්බුදයක් යනු වර්ෂ ගණනාවක් පුරා පොදුජන ආර්ථික සුභසාදනය අඛණ්ඩව පහළ හෙළන සමස්ත නිෂ්පාදන පරිහානියකි. ස්වාභාවික කම්පනයකින් හෝ යුද වාතාවරණයකින් හෝ හට ගන්නා ආර්ථික පසුබැසීම් ආර්ථික අර්බුදයන් ලෙස නොසැලකේ. ආර්ථික අර්බුදයක සාමාන්‍ය හඳුනා ගැනීම වනුයේ, එය ආර්ථිකයේ මූල්‍ය අංශයේ ණය දාමයෙහි හිරවීමක් කෝ කඩා වැටීමක් හේතුකොට ආර්ථිකය සංකෝචනයවීම යි. ආර්ථිකය සංකෝචනය වන්නේ ණය ප්‍රවාහය කඩා වැටීමෙනි. එය දේශීය හෝ බාහිර කම්පනයන් හේතුකොට අනපේක්ෂිත ලෙස ණය පිළිබඳ මහජන විස්වාසය කඩා වැටීමකින් සිදුවනු ඇත. ණය දාමයෙහි හිරවීමේ සිට ආර්ථිකය සංකෝ