Posts

Showing posts from February, 2024

මුදල් මුද්‍රණ පාඩුත් ස්වාධීන ද? මහ බැංකුවට ඉහළ වැටුප්. පාඩු රජයට.

Image
  මෙම ලිපියේ අරමුණ වනුයේ මහ බැංකුව විසින් 2023 ජනවාරි මස ආරම්භයේ සිට ක්‍රියාත්මක කළ නව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය යටතේ කළ මුදල් මුද්‍රණය තුළින් මහජනයාට දැරීමට සිදු වී ඇති අලාභය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම යි. මෙම කාලය තුළ මහ බැංකුවේ මුදල් මුද්‍රණය ප්‍රධාන වශයෙන් ප්‍රතිවිකුණුම් වෙන්දේසි හරහා බැංකුවලට ලබා දුන් ණයවලින් යුක්ත විය. ඒ අනුව, එම ණය දීමේ දී සිදු වී ඇති ප්‍රතිපත්ති අක්‍රමිකතාවයන් සහ පාඩුව මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ. මේ දිනවල මහ බැංකු නව පාලක මණ්ඩලය විසින් තම මුදල් මුද්‍රණ ස්වාධීනත්වය හිස මුදුනට ගෙන, මහ බැංකු නිලධාරීන්ට ලබා දී ඇති ඉතා අධික වැටුප් වර්ධකයක් පිළිබඳ ව නිර්දය කථිකාවතක් සමාජය පුරා පැතිරී ඇත. මහ බැංකු වැටුප් ඇතුළු සියළු වියදම් රාජ්‍ය අයවැය සහ පාර්ලිමේන්තු මුදල් පාලනයෙන් පිටත වූ ස්වාධීන රාජ්‍ය මුදල් මුද්‍රණය මගින් සිදු කෙරේ. එබැවින්, මෙතරම් මුදල් මුද්‍රණ ප්‍රතිපත්ති අක්‍රමිකතාවන් සහ පාඩු පවතිද් දී, ආර්ථිකයේ සහ රජයේ බංකොලොත් භාවය ද නොසලකා, මහ බැංකු වැටුප් ඉහළ දැමීමේ සමාජ සහ ආර්ථික යෝග්‍යතාවය ප්‍රශ්න කිරීමටත්, ඉදිරියේ දී මුදල් මුද්‍රණ ප්‍රතිපත්ති අක්‍රමිකතාවන් සහ

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

Image
  මේ දිනවල මහ බැංකුවේ 70% ක පමණ අධික වැටුප් වර්ධකයක් ලබා දීමේ සාධාරණත්වය පිළිබඳ ව පාර්ලිමේන්තුවේ සහ සමාජයේ දැඩි කථිකාවතක් හට ගෙන ඇත. එය පරික්ෂා කිරීම සඳහා මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරියේ දී කැඳවන බව මුදල් රාජ්‍ය ඇමතිවරයෙකු පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කරන ලදි. එබැවින්, මෙම ලිපියේ අරමුණ එම වැටුප් වර්ධකය පිළිබඳ ව රජයට හෝ පාර්ලිමේන්තුවට කළ හැකි දෙයක් නොමැති බව සනාථ කිරීම යි. ඊට හේතුව, එය 2023 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු පනතින් ලබා දී ඇති ස්වාධීනත්වය සහ වගකීම් අනුව ඉටු කිරීමත්, මහ බැංකු ක්‍රියාකාරකම්වලට මැදිහත් වීමට එම පනත තුළ පාර්ලිමේන්තුවට හෝ රජයට විශේෂ ප්‍රතිපාදන නොමැති වීමත් ය. වැටුප් වර්ධකය පිළිබඳ ව මහ බැංකු පුවත් නිවේදනය  එහි හරය මෙසේ ය. එම පුවත් නිවේදනය පහත දැක්වෙයි. මෙය 2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැටුප් සංශෝධනය බව. ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 (2) (ආ) වගන්තිය ප්‍රකාර ව පාර්ලිමේන්තුව කමිටුවක් හරහා පාර්ලිමේන්තුවට මහ බැංකුව

බංකොලොත් වුවත් මහ බැංකු වැටුප් ඉහළට ම. වගකිව යුත්තා රජය ද? මහ බැංකුව ද? IMF එකෙන් ගොඩ යයි ද?

Image
ලිපියේ පසුබිම මේ දිනවල මහ බැංකුවේ අධික වැටුප් ඉහළ දැමීමක් පිළිබඳ ව සමාජ පවතී. විරුද්ධ පක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී දැක්වූයේ 70% ක පමණ ඉහළ වැටුප් වර්ධනයක් දී ඇති බව යි. ඊට ප්‍රතිචාර ලෙස රජය දැක්වූයේ මහ බැංකුව විසින් ආර්ථිකයට විශේෂඥ කාර්යයක් සිදු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය ආර්ථික විශේෂඥයන් රඳවා ගැනීම සඳහා ලෝකයේ අනෙක් රටවල මෙන් එවැනි ඉහළ වැටුප් තලයක් අවශ්‍ය බවත්, මෙම අවස්ථාවේ වැටුප් එසේ ඉහළ නොදමා එසේ සේවය කළ හැකි නම් හොඳ බවත්  ය.  ඊට විරුද්ධ පක්ෂයේ ප්‍රතිචාරය වූයේ, දැනට ආර්ථිකය බංකොලොත් කරපු මහ බැංකු නිලධාරීන්ගේ විශේෂඥතාවය කුමක් ද? සහ අනෙක් සියළු දෙනාට පටි තද කර ගන්නා ලෙස උපදෙස් දෙන මහ බැංකුව විසින් තම වැටුප් මෙතරම් ඉහළ දැමීමේ පදනම කුමක් ද?  යන්න ය. මෙහි දී, මගේ මතකයට නැගෙන්නේ, මෑත දී ඇමෙරිකාවේ ප්‍රධාන පරීක්ෂක වරයාගේ  (Inspector General)  කාර්යසාධනය පරික්ෂා කිරීම සඳහා සෙනට් සභාවට කැඳවා ප්‍රශ්න කිරීම යි. එහි දී, සෙනට් සභිකයකු විසින් ඇසූ ප්‍රශ්නයක් වූයේ, මහ බැංකු ඉලක්කයට වඩා උද්ධමනය ඉහළ යන විට, එය තාවකාලික එකක් බවට ප්‍රකාශ කිරීම සඳහා මහ බැංකු නිලධාරීන්ට ප්‍රසාද දීමනා/බෝනස් ගෙවීමේ පදනමක් පවතී

රාජ්‍ය ණය බිය මිත්‍යාව. නිවැරදි ණය පිටු කියවමු. ණය නොබියව යොදමු මානව සංවර්ධනයට.

Image
ණය බිය දේශපාලනය  මේ දිනවල ලෝකයේ ණය අර්බුද රැල්ලක් හට ගෙන ඇත. ශ්‍රී ලංකාව, ඝානාව, සැම්බියාව සහ ඉතියෝපියාව දැනට විදේශ ණය පැහැර හැර, ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ දේශපාලනික අභ්‍යාසයක නිරත වෙයි. තවත් රටවල් රාශියක් හතරවරම් ගසමින් ණය පැහැර හැරීම වලකාලීමේ දේශපාලනික ව්‍යායාමයක නිරතය වෙයි. මෑත අතීතයේ ණය පැහැර හැර ප්‍රතිව්‍යුහගත කළ රටවල් තවමත් ණය ආපසු ගෙවීමේ දේශපාලනික අර්බුදයෙහි ගැලී ඇත. මෙහි ණය යනු රාජ්‍ය ණය යි. රාජ්‍ය ණය යනු දේශපාලනික කරළියේ පවතින විෂයක් බැවින් රාජ්‍ය ණය ගැනීම, ගෙවීම, පැහැර හැරීම සහ ප්‍රතිව්‍යුහගත කරණය ගෝලීය භූදේශපාලනික විෂයක් වී ඇත. එබැවින්, ඒවා පිළිබඳ කථා පවත්වන්නේ දේශපාලනික නායකයන් සහ ඔවුන්ගේ ආර්ථික විද්‍යාඥයන් ය. සාමාන්‍යයෙන් සෑම රටකම රාජ්‍ය බලය දේශපාලනික කණ්ඩායම් දෙකක් අතර කලින් කලට මාරු වන බැවින් රාජ්‍ය ණය බර පිළිබඳ ව එකිනෙකාගේ අතීත රාජ්‍ය පාලනයට දොස් පැවරීම පොදු දසුනකි. එනම්, පසුගිය රජය විසින් අධික ලෙස ණය ගෙන බංකොලොත් කළ රටක් තමන්ට ලැබුන බවත්, එම ණය ගෙවීමට ණය ගැනීමට සිදු වී ඇති බවත්, බලයේ සිටින සෑම පක්ෂයකම පොදු හැසිරීම යි. සමහරුන්, රාජ්‍ය ණය හරහා මෙතෙක් ලඟා කර ගෙන ඇති මානව