Posts

Showing posts from February, 2023

මහ බැංකු මහ පොලියෙන් ආර්ථිකය මහ පාරට?

Image
මෙම කෙටි ලිපියේ අරමුණ වන්නේ දැනට මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන අධික පොලී අනුපාත ප්‍රතිපත්තිය ආර්ථිකයේ උද්ධමනය පහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? යන්න මහ බැංකුව විසින් පිළි ගැනෙන මූල්‍ය ආර්ථික විද්‍යා සංකල්පය පැහැදිලි කිරීම යි.  මේ දිනවල  පැතිරෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දැකිය හැකි සටන් පාඨයක් වනුයේ රටේ දැනට පවතින අධික ණය පොලී අනුපාතයන් වහාම අඩු කරන ලෙස ය. මේ පිළිබඳ ව මාධ්‍යය විසින්  කළ විමසීමකට අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක විසින් පසුගිය පෙබරවාරි 8 දින දෙන ලද පිළිතුර වූයේ, රටේ පොලී අනුපාතයන් නියම කිරීමේ බලය මුදල් නීති පනත මගින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පවරා ඇති බැවින්, ඒ සඳහා රජයට මැදිහත් වීමට කිසිම හැකියාවක් නොමැති බව යි. එහෙත්, මෙය නිවැරදි පිළිතුරක් නොවේ.  පළමුව, මහ බැංකුව විසින් මුදල් නීති පනත යටතේ දැනට තීරණය කරන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පමණි. බැංකු ණය සහ තැන්පතු පොලී අනුපාතයන් තීරණය කරනු ලබන්නේ ඒ ඒ බැංකු විසින් ය.  දෙවනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඇතුළු රටට යෝග්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කුමක් ද? යන්න පිළිබඳ ව රජයේ මතය අනුව විධානයන් පැනවීමේ බලය මුදල් නීති පනතින් ම මුදල් ඇමත