Posts

Showing posts from August, 2023

මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයට සාර්ව ආර්ථික විද්‍යා පදනමක් තිබේ ද? නැතහොත් එය තවත් නිලධාරීවාදී පාලන මිලක් ද?

Image
මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, නුතන මුදල් ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආර්ථික සහ මූල්‍ය මූලධර්මයන් තුළ  මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයට මූලධර්මීය පදනමක් නොමැති බවත්, එහෙත්, මහ බැංකු විසින් එය ගතානුගතික නිලධාරීවාදී මෙවලමක් ලෙස භාවිතා කෙරෙන බවත්, එමගින් පොදුජන ආර්ථික ප්‍රවර්ධනයට හෝ ස්ථායිකරණයට මහ බැංකු පවසන තරම් මැජික් දායකත්වයක් හඳුනාගත නොහැකි බවත්, එය ක්‍රියාශීලී ආර්ථිකයන්හි අපේක්ෂණයන් කෙරෙහි බලපාන තවත් වෙළෙඳපොළ විචල්‍යයක් හෝ සාධකයක් පමණක් බවත්, ඉදිරිපත් කිරීම යි. එහෙත්, ආර්ථික විද්‍යා සහ බැංකු විෂය ග්‍රන්ථවල මහ බැංකුව සහ මූල්‍ය ප්‍රතිපත්තිය මාතෘකාව යටතේ මහ බැංකු පොලී අනුපාතය හෙවත් ප්‍රතිපත්ති පොලී අනුපාතය යනු මහ බැංකුවට මනාප ආකාරයට ආර්ථිකය පාලනය කිරීමට හැකි මැජික් පොල්ලක් ලෙස දැක්වෙයි. ඒ අනුව, ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීම මෙන්ම වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතය දුරස්ථ පාලකයක් මෙන් නිසැකයෙන් ක්‍රියා කෙරෙන ආකාරය ආර්ථික විද්‍යා ගුරුවරුන් සහ සිසුන් විසින් විචිත්‍ර ලෙස කටපාඩමින් ඉදිරිපත් කෙරේ.  එය විෂය නිර්දේශ සහ විභාගයන් හරහා මූල්‍ය දේව ධර්මයක් ලෙස ඔවුන්ගේ මනසෙහි ස්ථාපනය කොට ඇත

"2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය" නවතම කෘතිය - දැන් සියලුම සරසවි පොත්හල්වලින්

Image
  කර්තෘ: පී සමරසිරි,  ආර්ථික විද්‍යාව  බී.ඒ. (ගෞරව), එම්.ඒ., හිටපු මහ බැංකු  නියෝජ්‍ය අධිපති  මිල: රුපියල් 1,100 පිටු ගණන : 320 පටුන 1  වන  පරිච්ඡේදය:  ආර්ථිකයක ව්‍යුහය සහ ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගැනීම 1.     අර්බුදයට පෙර වදන 2.     ආර්ථිකයක ව්‍යුහය වෙළෙඳපොළ පද්ධතිය මගින් තීරණය වීම 3.     ආර්ථිකය සහ මුදල් 4.     ආර්ථික ව්‍යුහයෙහි රාජ්‍ය මැදිහත් වීම - සාර්ව ආර්ථිකය කළමනාකරණය 5.     ආර්ථික ස්ථායිතාවය, අස්ථායීතාවය, අර්බුදය සහ ස්ථායිකරණය 2  වන   පරිච්ඡේදය: ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට මග පෑදු ව්‍යුහාත්මක අවදානම් 1.     ශ්‍රී ලංකා ආර්ථික ව්‍යුහයෙහි මෑත කාලීන විකාශය 2.     ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ජනිත කළ ව්‍යුහාත්මක ආර්ථික අවදානම් 3.     සාර්ව ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවයන් තුළින් ව්‍යුහාත්මක අවදානම් පෝෂණය වීම 3  වන  පරිච්ඡේදය: ආර්ථික අර්බුදය පතිත වීම, පැතිරීම සහ සමාජ ආර්ථික ආදීනව 1.     ආර්ථික අර්බුදයන්ගේ පසුබිම 2.     ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පතිත වූ ආකාරය 3.     ආර්ථික අර්බුදයෙහි සමාජ ආර්ථික ව්‍යසනය 4  වන  පරිච්ඡේදය: ආර්ථික අර්බුදය කළමනාකරණ රාජ්‍ය

මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් කැපීම - බර මූල්‍ය අවියක් ද? නැත්නම් මහජනතාව රැවටීමක් ද?

Image
මහ බැංකුව විසින් පසුගිය 8 දින ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා 2% කින් පහළ දමා ඇත. ආර්ථික විද්‍යාව සහ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ යථා අවබෝධයක් නොමැති මහ බැංකුවට ආවඩන සමහර මාධ්‍යවේදීන් විසින් මෙය මහ බැංකුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා තවත් බර මූල්‍ය අවියක් අතට ගැනීමක් ලෙස හුවා දක්වා ඇත. අනෙක් බර අවිය වන්නේ මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පසුගිය මැයි 31 දින සිට මේ දක්වා දෙවරක දී 4.5% කින් (11% සහ 12% දක්වා) පහළ දැමීම යි.  මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් සහ ඔවුන්ගේ මාධ්‍ය ජාලය හුවා දක්වන්නේ, මෙම අවි තුළින් ආර්ථිකයේ පොලී අනුපාතයන් පහළ යාම සහ බැංකු ණය ප්‍රසාරණය හරහා ආර්ථිකය නැවත ක්‍රියාශීලී වී, බලා සිටිය දී වර්ධනය වන බව යි.  ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීම පිළිබඳ ව මහ බැංකුව විසින් නිකුත් කළ පහත දක්වා ඇති පුවත්පත් නිවේදනයෙන් ද එවැනි මතයක් මහජනතාව වෙත ඉදිරිපත් කොට ඇත. එහෙත්, පුවත්පත් නිවේදනයේ අඩංගු කරුණු සියල්ලම තාක්ෂණික වශයෙන් සාවද්‍ය වෙයි. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කැපීම යනු මහ බැංකුව විසින් භාවිත කෙරෙන තවත් ගෝත්‍රීය මූල්‍ය මෙවලමක් බවත්, ණය සහ