Posts

Showing posts from 2022

යෝජිත නව මහ බැංකු ස්වාධීනත්වය: මහ බැංකුව පෞද්ගලික කරණය ද?

Image
පසු ගිය දිනක මුදල් රාජ්‍ය ඇමති වරයකු විසින් මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළ බව මධ්‍යයෙහි වාර්තා විය. මෙම ලිපියේ අරමුණ එම යෝජනාවට උපකාරයක් ලෙස කෙටි විමසුමක් ඉදිරිපත් කිරීම යි. අර්බුදයක දී නීති සම්පාදකයන්ගේ ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ පොදුජනයා අර්බුදයකට මුහුණ දෙන විට, රාජ්‍ය පාලකයන් විසින් සොයන ගැලවුම් කරුවන් දෙදෙනෙකි. පළමුව, ව්‍යවස්ථාව. දෙවනුව, එවැනි අර්බුදයක් නැවතත් ඇති වීම වැලක් වීම සඳහා නව නීති පැනවීම.  මෙය නිලධාරීන් විසින් තම ඇග බේරා ගැනීම සඳහා කරන දෙයකි. ඊට හේතුව, නව නීති එන තෙක් ඔවුන්ට පහසුවෙන් සිට විශ්‍රාම යාමේ කාලය ලැබෙන බැවිනි. එහෙත්, තමන් අකමැති පුද්ගලයන් වංචා චෝදනාවන් මත අත් අඩංගුවට ගෙන නඩුවලට පැටලීම පිණිස ව්‍යාජ සාක්ෂි සැකසීම සඳහා මෙම නීති අති දක්ෂ ලෙස භාවිතා කෙරේ. වත්මන් ඓතිහාසික ආර්ථික අර්බුදයෙන් පොදුජනයා මුදවා ගැනීම සඳහා ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කොට අවසානය. එහෙත්, සමහරු ඉල්ලන්නේ නව ව්‍යවස්ථාවකි. වත්මන් ආර්ථික අර්බුදය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ වගකීම් ඉටු නොකිරීම හේතු කොට හට ගත් එකක් බව අර්බුදයේ සිද්ධි දාමය

මහ බැංකුව විසින් දේශපාලනික වින්දිතයකු කළ මුදල් මුද්‍රණය - සාක්ෂි විමසමු.

Image
මේ දිනවල මහ බැංකුව විසින් උදේ සවස දේශනා පවත්වන මාතෘකා කිහිපයකි. එනම්, මුදල් මුද්‍රණය, උද්ධමනය, දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය සහතිකය, IMF ගැලවුම් පැකේජය, රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථායීකරන ලක්ෂණයන් පහළ වී ඇති බව යනාදිය යි. ඒ අතරට ඊයේ සිට 2023 අයවැය ද එක් වී ඇත. එනම්, එය ආර්ථික අර්බුදයෙන් පොදුජනතාව එගොඩ කිරීමේ ඒකායන මග ලෙස ය. මෙම මාතෘකාවලින් සමාජ මාධ්‍යය පිරී ඉතිරී ඇති අතර දිනෙන් දින නව ප්‍රවෘත්ති මැවීම් ද දැකිය හැකිය. මෙම සියළුම දේශනාවන් සහ ප්‍රවෘත්තිවලින් පෙනෙන ප්‍රධාන කරුණක් පවතී. එනම්, තම තමන්ට වරප්‍රසාද ලැබීම පිණිස මුදල් මුද්‍රණය දේශපාලනික වින්දිතයකු බවට පත් කොට ඇති බව යි. මුදල් මුද්‍රණය යන්නට වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ද අඩංගු වෙයි. ඊට හේතුව, වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය යොදවා ඇත්තේ පොලී අනුපාතය ඉහළ යාම පාලනය කරමින් රජය වෙත මුදල් මුද්‍රණය කිරීම සඳහා වන බැවිනි. මෙම ලිපියේ අරමුණ වනුයේ මුදල් මුද්‍රණය දේශපාලනික වින්දිතයකු වී ඇති බවට ඍජු සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කිරීම යි . 1.     මහ බැංකු අධිපති විසින් අයවැයට පසු දිනම තම

මහ බැංකු අධිපති විසින් විකල්ප යෝජනාවන් ඉල්ලන්නේ ඇයි? තම ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක ද?

Image
  පසුගිය දා විද්වත් දේශනයක දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරනු ලැබූ අදහස් ඇතුලත් කෙටි වීඩියෝවක් මාධ්‍යයෙහි සංසරණය විය . එහිදී , වත්මන් අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳ ව ඔහු විසින් දැක් ‌ වූ අදහස් කිහිපයක සාරාංශය පහත දැක්වෙයි . මෙම ලිපියේ අරමුණ එම අදහස් පිළිබඳ ප්‍රතිචාරයක් ඉදිරිපත් කිරීම යි. මහ බැංකු අධිපතිගේ අදහස් ආර්ථිකය නැවත ප්‍රකෘති වී අහිමිවූ නිෂ්පාදනය නැවත ලබා ගැනීම සඳහා කොතරම් කාලයක් ගත වන්නේ ද ? යන්න තීරණය වන්නේ , වැදගත් යැයි හඳුනා ගත් ප්‍රතිසංස්කරණයන් බලධාරීන් විසින් කොතරම් සාර්ථකව ක්‍රියාත්මක කරන්නේ ද ? යන්න මත බවත් , ඒ සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව ආර්ථිකය ස්ථාවර කොට ඉදිරියට ගෙන යාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් නොලැබෙන බව . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් , ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් අරමුදල් අපට ලබා ගත හැකි වුවත් , එය තාවකාලික සහනයක් පමණක් බවත් , වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක නොකළහොත් නැවතත් එම චක්‍රයට පිවිසීම වැලැක්විය නොහැකි බව

බදු ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික මෝක්ෂය - මහ බැංකු අධිපති ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකට පවසයි.

Image
  වත්මන් ආර්ථික තත්ත්වය සහ බදු සංශෝධනය පිළිබඳ ව මහ බැංකු අධිපතිවරයා සමඟ සිදු කළ විශේෂ සාකච්ඡාව නම් වූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක විසින් මෙහෙයවන ලද නිල මාධ්‍ය වීඩියෝවක් මෑත දී යූ ටියුබ් හරහා සංසරණය වී ඇත. "බදු නැංවීම පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් කළ විශේෂ හෙළිදරවුව මෙන්න" ලෙස එය යූ ටියුබ් විසින් හඳුන්වා දී ඇත. එම වීඩියෝව දුටු විගස මට නිතැතින්ම සිහියට නැගුනේ වත්මන් මහ බැංකු අධිපති වෙත වර්ෂ 6 ක නව නිල කාලයක් සඳහා පත් කිරීමට මාසයකට පමණ පෙර මැයි මස 28 දින පෙරවරුවේ ඔහු විසින් මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු සමඟ එවක ජනාධිපති වරයා හමු වී කරන ලද සාකච්ඡාව පිළිබඳ ව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එදින සවස 3.48 ට කරනු ලැබූ විශේෂ නිල නිවේදනය යි. එහි මහ බැංකු අධිපති විසින් පහත කරුණු ජනාධිපති වරයා වෙත දැන්වූ බව සඳහන් විය. ඔහු විසින් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව සඳහන් කළ බව. උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක