Posts

Showing posts from September, 2023

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රවණතාවන් - ඉන් පොදුජන ඵලයක් තිබේ ද? පරීක්ෂා කරමු

Image
මේ දිනවල මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කිරීමත්, එමගින් ආර්ථිකය බලා සිටිය දී ගොඩ එන බවත් පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන විචිත්‍ර අදහස්වලින් මාධ්‍යය පිරී පවතී. ඊට පෙර 2022 ආරම්භයේ සිට 2023 මැයි මස පමණ දක්වා මාධ්‍යය පිරී පැවතියේ අධිඋද්ධමනකාරී පීඩනයෙන් ආර්ථිකය මුදවා ගැනීම පිණිස මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ විචිත්‍රාකාර ඉදිරිපත් කිරීම යි.  එහෙත්, ජපානය සහ චීනය හැර සියළු සංවර්ධිත රටවල් ඇතුළු ලෝකය පුරා රටවල 2022 ආරම්භයේ සිට මහ බැංකු විසින් එම රටවල් මුහුණ දෙන අධිඋද්ධමනය පාලනය කිරීම සඳහා තම මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ කථාන්දරයෙන් ගෝලීය මාධ්‍යය පිරී පවතී. එම රටවල මූල්‍ය ප්‍රතිපත්ති නුදුරු අනාගතයේ දී නැවත ළිහිල් කිරීමේ වකවානු පිළිබඳ ව ද නොයෙකුත් අදහස් ද නොඅඩුව දැකිය හැකිය. මෙසේ මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම සහ ඊට පසුව ළිහිල් කිරීමේ රටාව මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රය ලෙස දැක්වෙයි. එබැවින්, මෙම ලිපිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රය කොටස් දෙකකින් ඉදිරිපත් කෙරේ. එහි පළමු කොටස ලෙස මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රයේ ස්වරුපය එහි උපකරණ සමඟ ඉදිරිපත් කෙරේ. ඊ

ආර්ථික අඳුරෙන් ගොඩ ඒමට - ආර්ථික මූලධර්මයන් උගනිමු. ආර්ථික මිථ්‍යාවන් පිටුදකිමු. ආර්ථිකය කළමනාකරණය කරමු.

Image
  ඉහත පින්තූරය යනු මා විසින් මෑත දී රචිත ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 6 ක් පිළිබඳ ව පසුගිය සැප්තැම්බර් 5 දින ලංකාදීප පුවත්පතේ පළ වූ අළෙවි දැන්වීමේ පිටපත යි. එබැවින්, මෙම කෙටි ලිපිය මගින් එම ග්‍රන්ථයන් 6 හි විෂය කරුනු ඉදිරිපත් කොට ඇති පදනම පිළිබඳ ව පෙරවදනක් සැපයෙ යි. එය එම ග්‍රන්ථයන් පරිශීලනයේ දී  වැදගත් වනු ඇත. ආර්ථිකයක් ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? ආර්ථිකයක් යනු වෙළෙඳපොළ පද්ධතියක් සහ ඒ කෙරෙහි රජය මැදිහත්වීමක් තුළින් නිෂ්පාදන ක්‍රියාකාරකම් සිදුවන වපසරිය යි. භාණ්ඩ හා සේවාවන් සහ නිෂ්පාදන සාධක (වත්කම් සහ ණය ඇතුළුව) වෙළෙඳාම සඳහා වෙළෙඳපොළ පද්ධතිය ක්‍රියාත්මක වන අතර නූතන ගෝලීයකරණය තුළ එය දේශ සීමාවන්ගෙන් ඔබ්බට ව්‍යාප්ත වී ඇත. ගෝලීය ආර්ථිකයක් පිළිබඳ ව අප කථා කරන්නේ එබැවිනි. වෙළෙඳපොළක් යනු ඉල්ලුම්  සහ සැපයුම්  බලවේගයන් මත මිල වෙනස්වීම හරහා ඉල්ලුම් සහ සැපයුම් තුලනය වීමේ ප්‍රවණතාවක් පවතින වෙළෙඳ ක්‍රියාවලිය යි.  රාජ්‍ය මැදිහත්වීම යනු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය හරහා රජය විසින් විවිධ පරිමාණයෙන් විවිධ වෙළෙඳපොළවල සැපයුම, ඉල්ලුම සහ මිල කෙරෙහි බලපෑම තුළින් වෙළෙඳපොළ පද්ධතිය කෙරෙහි මැදිහත