Posts

Showing posts from May, 2022

ආර්ථිකය ගොඩ ගැනීමට අවශ්‍ය තැන්පතු සහන ද? නැතහොත් ණය සහන ද? මහ බැංකු අධිපතිගේ මතය නිවැරදි ද?

Image
මේ දිනවල මහ බැංකු අධිපති විසින් විවිධ මාධ්‍ය හමු සහ රැස්වීම්වල දී ප්‍රකාශ කරනු ලබන අදහස් දෙස බැලීමේ දී ඒවා බොහොමයක් මහ බැංකු කාර්යයන්ට බාහිර විෂයන් වන අතර බොහොමයක් අදහස් ආර්ථික සහ බැංකු විෂයන් තුළ පිළි ගත නොහැකි මහජනයා මුලා කිරීමට තුඩු දෙන ඒවා බව සමාජ මාධ්‍ය තොරතුරු දෙස බැලීමේ දී පෙනේ. ඒවා තුළින් දේශපාලනික වාසි ලබා ගැනීමේ උත්සාහයක් පැහැදිලිව දැකිය හැකිය. එබැවින් , ඉදිරි ලිපි කිහිපය මගින් පසුගිය දා තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය හමුවේ දී සහ කෝප් සභාවේ දී මහ බැංකු අධිපති විසින් දක්වන ලද අදහස් කිහිපයක් පිළිබඳ ව කතුවරයාගේ නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. මෙහි පළමු ලිපිය IMF ණය ප්‍රමාද වීම පිළිබඳ ව කෝප් සභාවේ හෙළි වූ කරුණු අළලා පසුගිය 27 දින මෙම වෙබ් අඩවියේ පළ කරන ලදි. මෙම ලිපියේ අරමුණ වනුයේ තරුණ ලංකික ව්‍යවසායක මණ්ඩල රැස්වීමේ දී බැංකු ණය ආපසු ගෙවීමේ සහනයක් සැපයිය නොහැකි බවට මහ බැංකු අධිපති විසින් දැක්වූ හේතුව සහ මහ බැංකුව විසින් තැන්පතු පිළිබඳ ව දරනු ලබන වත්මන් මතයේ සාවද්‍යතාවය ඉදිරිපත් කිරීම යි. ණය ආපසු ගෙවීමේ සහනයක් සැපයිය නොහැකි බවට මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස් එ

2020 දී ශ්‍රී ලංකාවට IMF ණය නොලැබුණේ ඇයි? මහ බැංකු අධිපතිගේ හෙළිදරවුව සත්‍යයක් ද?

Image
  ප සුගිය 25 දින කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ ව පරීක්ෂණය සඳහා මහ බැංකු නිලධාරීන් කැඳ වූ අතර එහි දී මහ බැංකු නිලධාරීන් විසින් කරන ලද සමහර ප්‍රකාශනයන් මේ දිනවල සමාජ මාධ්‍යය පිරී පවතී. ඒවා එම නිලධාරීන්ගේ හෙළිදරවු කිරීම් ලෙස වාර්තා කෙරේ. මෙහිදී , මෙම නිලධාරීන් පසුගිය දශක කිහිපය තුළ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය , විදේශ සංචිතය , විනිමය අනුපාතය , ජාත්‍යන්තර සෛරිත්ව බැඳුම්කර සහ රාජ්‍ය ණය කළමනාකරණය මෙන්ම IMF ණය වැඩසටහන් පිළිබඳ ව ක්‍රියාශීලී ලෙස ප්‍රතිපත්ති තීරණයන් ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ යෙදුන පිරිසක් වෙයි. එවක මහ බැංකු අධිපති වරු කිහිප දෙනෙකු සහ මුදල් මණ්ඩලය මෙහෙය වූයේ ඔවුන් වන අතර ඒ බව ඔවුන් වෙත ලැබී ඇති කඩිනම් උසස් වීම් , විදේශ පත්වීම් සහ නිල විදේශ සංචාරයන් දෙස බැලීමේ දී මනාව පැහැදිලි වෙයි. වත්මන් මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් IMF හි විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ විකල්ප විධායක අධ්‍යක්ෂක ලෙස සේවය කොට IMF විශ්‍රාමික වැටුපක් ද ලබන පුද්ගලයන් ද වෙයි. වත්මන් මහ බැංකු අධිපති යනු 2011 දී IMF සේවයේ යෙදෙන සමයේ මහ බැංකුවේ එවක පැවති පුරප්පාඩුවක් පියවීම පිණිස නියෝජ්‍ය අධිපති උ

මහ බැංකුව යනු ජාතික ආර්ථික මූල්‍ය කේන්ද්‍රය ද? නැත්නම්, ආර්ථික විහිළු මධ්‍යස්ථානයක් ද?

Image
  මෙ ම ලිපියේ අරමුණ වනුයේ පසුගිය 22 දින ලිපියෙන් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති පරිසරය තුළ වත්මන් මහ බැංකු ප්‍රතිපත්තිවලින් මෙම අවස්ථාවේ පොදුජන ආර්ථිකයට කිසිම දායකත්වයක් නොමැති බවට තාක්ෂණික කරුණු ඉදිරිපත් කිරීම යි. මහ බැංකු ප්‍රතිපත්ති පෙරවදන පසුගිය ලිපියෙන් 1950 දී මහ බැංකුව පිහිටු වීම තුළින් අපේක්ෂා කළ පොදුජන සංවර්ධන කුමක් ද ? යන්න කෙටුම්පත් කෙරින. මහ බැංකුව පිහිටුවීම තුළින් 1949 දී යටත්විජිත පාලනයෙන් නිදහස් වූ ශ්‍රී ලංකාවට නිදහස් මුදල් ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. එහි අරමුණ වූයේ මහ බැංකුව හරහා මුදල් ගනුදෙනු නියාමනය තුළින් පොදුජන සංවර්ධනය සඳහා ආර්ථිකය මෙහෙයවීම යි. එම මුදල් නියාමනය මගින් අපේක්ෂා කෙරුනේ මූලික වශයෙන් ආර්ථිකයේ මුදල් සංසරණය , පොලී අනුපාතයන් , ණය ව්‍යාප්තිය සහ විදේශ විනිමය අනුපාතයන් හරහා ආර්ථිකයේ නිෂ්පාදන සම්පත්වල පූර්ණ සංවර්ධනය දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමක නිෂ්පාදනය , සේවා නියුක්තිය සහ මූර්ත ආදායම ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම යි. මෙහිදී පිළි ගැනෙන මූලික සංකල්පය වනුයේ පොදුජන සංවර්ධන ඉලක්ක සඳහා ආර්ථිකයේ නිෂ්පාදනය , මූර්ත ආදායම , සේ