Posts

Showing posts from April, 2024

පණ අදින මහ බැංකු ස්වාධීනත්වය? මරණය නියත යි.

Image
  ලිපියේ පසුබිම  පසුගිය දිනක පරීක්ෂණයක් සඳහා මහ බැංකුවේ නිලධාරීන් කැඳවූ පාර්ලිමේන්තු මහජන මුදල් කාරක සභාවේ දී හෙළි වූ කරුනු දෙස බැලීමේ දී, මහ බැංකු ස්වාධීනත්වය මියැදෙමින් පවතින බව නිසැකය. සමාජ මාධ්‍යයේ සංසරණය වූ නිල වීඩියෝව මෙහි ඉදිරිපත් කරමි (වීඩියෝව මෙතනින් නරඹන්න) . එම වීඩියෝව අනුව මහ බැංකු අධිපති විසින් මුදල් කාරක සභාපති වෙත ආයාචනය කරන්නේ, ආන්දෝලනාත්මක වැටුප් මාර්තු මාසය සඳහා ද ගෙවීමට අවසර දෙන ලෙස ය. එම ආයාචනය සාධාරනීකරණය සඳහා හේතු දෙකක් ඉදිරිපත් කෙරින. එනම්, මාර්තු මාසය සඳහා වැටුප් පරිගණක ක්‍රියාවලිය ආරම්භ වී ඇති බැවින් එය ආපසු හැරවීමේ තාක්ෂණික ගැටළුව. ඉහළ යාමට පෙර පරිමාණයට වැටුප් ගෙවීමේ දී සමහර සේවකයන්ගේ වැටුප් සෘණ වැටුප් වීම. මුදල් කාරක සභාපති විසින් එම ආයාචනය ප්‍රතික්ෂේප කෙරෙන ලදි. ඊට හේතුව ලෙස දැක්වූයේ ඒ සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය අවශ්‍ය බව යි.  එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ, මහ බැංකු අධිපති විසින් මුදල් කාරක සභාවේ දී හැසිරුණ ආකාරය අනුව මහ බැංකු ස්වාධීනත්වය සහ විද්වත්භාවය බින්දුවට බැස ඇති බවට දත්ත ඉදිරිපත් කිරීම යි (පසුගිය ලිපිය මෙතනින් කියවන්න) . වැටුප් පරිගණක ක්‍රියාවල

බංකොලොත්කමට විසඳුම-ඉල්ලුම් පාලනය ද? ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම ද?

Image
  ලිපියේ පසුබිම  පසුගිය දිනවල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය තුළින් උද්ධමනය මෙල්ල කොට, ආර්ථිකය ස්ථායීකරණය කළ බව යි. දැන් ඔවුන් පවසන්නේ, එම ස්ථායිකරණය තුළින් ආර්ථිකය වර්ධනය වීමට පටන් ගෙන ඇති බව යි.  මෙය බොහෝ දේශපාලනික නායකයන්ට සහ මහජනතාවට නොතේරෙන ආර්ථික විද්‍යා පාඩමකි. ඊට හේතුව, එම සමස්ත ඉල්ලුම පාලන රාජ්‍ය ප්‍රතිපත්තියෙන් පොදු මහජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටී ඇති බැවිනි. රටවල රජයන් විසින් තම ආර්ථිකයන් කළමනාකරණය කරනු ලබන්නේ, විවිධාකාර ආර්ථික සංකල්පයන් පදනම් කර ගෙන ය. සමස්ත ඉල්ලුම පාලනය යනු ඉන් එක් සාර්ව ආර්ථික සංකල්පයකි. එය එකම සංකල්පය නොවේ.  එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, එම සංකල්පයේ සාර්ව ආර්ථික විද්‍යා ස්වරුපය ඉදිරිපත් කිරීම යි. එමගින්, එම සංකල්පය කොතරම් දුරට වත්මන් බංකොලොත් ශ්‍රී ලංකා ආර්ථිකයට ගැලපේ ද? යන්න විමර්ශනයට උපකාරී වනු ඇත. එහෙත්, මෙම ලිපිය මගින් සැබෑ ලොව දත්ත විශ්ලේෂණයක් හෝ පර්යේෂණාත්මක දත්ත ඉදිරිපත් නොකෙරේ. ආර්ථික කළමනාකරණය යනු කුමක් ද? මින් අදහස් වන්