Posts

Showing posts from February, 2022

මූල්‍ය සාක්‍ෂරතාවය (Financial Literacy) - මුදල් ගනුදෙනු ඥාණාන්විත ලෙස කළමනාකරණය කර ගැනීමේ දැනුම වඩවා ගනිමු

Image
  IV කොටස -  20 .03.2022 ඩිජිටල් මුදල් හඳුනා ගනිමු. පසුගිය මාර්තු මස 02 දින නිකුත් ලද ලිපියෙන් පුරාණයේ සිට මුදල් පරිණාමය වී ඇති ආකාරය පැහැදිලි කරන ලදි. ඒ අනුව ,  වර්තමානයේ භාවිතා වන මුදල් රාජ්‍ය/මහ බැංකු නෝට්ටු මුදල් (කාසි ඇතුළු) (Currency Notes) ,  විද්‍යුත් මුදල් (Electronic Money) සහ ඩිජිටල්/ ක්‍රිප්ටො  මුදල් (Digital Money/Cryptocurrency) ලෙස පුළුල් කාණ්ඩ තුනක් යටතේ හඳුනා ගත හැකිය. කාසි සහ නෝට්ටු මුදල් ගනුදෙනු දෙනු කිරීම සඳහා අපි සියළු දෙනාට පුරුද්දක් පවතී. අන්ධ පුද්ගලයන්ට වුවත් භාවිතා කිරීමට හැකි වන ලෙස ඒවායේ සලකුණු පවතී. බැංකු සහ මුදල් ගනුදෙනු සඳහා බැංකු විසින් විද්‍යුත් පරිපථ/වේදිකාවන් භාවිතා කිරීම සමඟ විද්‍යුත් මුදල් බිහි විය. විද්‍යුත් මුදල් ද ඩිජිටල් හෙවත් ගිණුම් ගත ඉලක්කම් ස්වරූපයෙන් ගනුදෙනු කෙරෙන බැවින් ඩිගිටල් මුදල් කාණ්ඩය යටතේ හඳුනා ගත හැකිය. එහෙත් ,  විද්‍යුත් මුදල් ගනුදෙනු හුදෙක් රාජ්‍ය මුදල් ඒකකය පදනම් කර ගෙන ,  ඒවා නෝට්ටු මුදල්වලට 100% ක් පරිවර්තනය කළ හැකි බවට ඇති විශ්වාසය මත ක්‍රියාත්මක වන අතර එහි ගනුදෙනු පද්ධතිය ඩිජිටල් මුදල් පද්ධතියට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙයි. බැ