විදේශ මුදල් හිඟය සහ විනිමය අනුපාත ප්‍රශ්නයේ නිවැරදි සුලමුල සහ විසඳුම් හැදෑරීමට නව ආර්ථික විද්‍යා ග්‍රන්ථයක් - ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව: ගෙවුම් ශේෂය, විදේශ විනිමය සහ ප්‍රතිපත්ති

 

කර්තෘ : පි සමරසිරි 
ප්‍රකාශනය : සරසවි පොත්හල
වර්ෂය : 2021

පරිච්ඡේදයන් : 07
ප්‍රධාන මාතෘකාවන් : 25
රුප සටහන් : 07
සංඛ්‍යා සටහන් : 16
පුහුණු ප්‍රශ්න: 200
පිටු ගණන : 390
මිල : රුපියල් 575
ඉලක්ක පාඨක කණ්ඩායම : අ.පො.ස. (උ.පෙ.) නව නිර්දේශය,
                            ඉහළ විභාගයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්

ග්‍රන්ථ කලාපයේ (5) මිල : රුපියල් 2,900

පටුන

1 වන පරිච්ඡේදය - විදේශ මූල්‍ය පද්ධතිය හඳුනා ගැනීම    15-23
(විදේශ ගනුදෙනු, ජාත්‍යන්තර සංචිත මුදල්, විදේශ මූල්‍ය සේවාවන්, ගෙවුම් ශේෂ ප්‍රකාශනය)

2 වන පරිච්ඡේදය - විදේශ ගනුදෙනු, ගෙවුම් ශේෂය සහ ආර්ථිකය    24-85

1.  ගෙවුම් ශේෂ වාර්තාකරන ක්‍රමවේදය (ද්විත්ව සටහන් ගිණුම් ක්‍රමය, ගෙවුම් ශේෂ තුලන සංකල්පය, වැරදි සහ අත් හැරීම්), 24

2.    ගෙවුම් ශේෂ ප්‍රකාශනයෙහි සංයුතිය (ජංගම සහ ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම, ගෙවුම් තුලනය), 32

3.  ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ව්‍යුහය හඳුනා ගැනීම (ආර්ථික විවෘතභාවය, වෙළෙඳ ශේෂය, ජංගම ගිණුමේ ශේෂය, සමස්ත ශේෂය, විදේශ වත්කම්, ගෙවුම් ශේෂය සහ මුදල් සැපයුම, විදේශ සම්පත් පරතරය), 46

4. ආංශීය ආර්ථික අසමතුලිතාවන් සහ ගෙවුම් ශේෂය (ජාතික ආදායම සහ ආංශීය අසමතුලිතතාවන්, ආංශීය අසමතුලිතතාවන් සහ සාර්ව ආර්ථිකය), 66

5.   ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ව්‍යුහාත්මක ප්‍රවණතාවන් (වෙළෙඳ හිඟය, සේවා ගිණුමේ ශේෂය, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීය ආදායම් ගිණුම, ජංගම ගිණුමේ හිඟය, මූල්‍ය ගිණුමේ ශේෂය, සමස්ත ශේෂය, නිල විදේශ වත්කම්, විනිමය අනුපාතය, විදේශ ණය, සාර්ව ආර්ථිකය), 70


3 වන පරිච්ඡේදය - විදේශ විනිමය වෙළෙඳපොළ    86-133

1.  විදේශ විනිමය වෙළෙඳපොළ ව්‍යුහය (විදේශ විනිමය ඉල්ලුම සහ සැපයුම, විනිමය අනුපාතය, විදේශ විනිමය ඉල්ලුම සහ සැපයුම කෙරෙහි බලපාන සාධක), 87

2. විනිමය අනුපාතයේ විචලනය (මුදල් අවප්‍රමාණය, මුදල් ප්‍රතිප්‍රමාණය, මුදල් අවප්‍රමාණය කිරීම සහ ප්‍රතිප්‍රමාණය කිරීම, මුදල් අව වටිනාකමක සහ මුදල් අධි වටිනාකම, විනිමය අනුපාතයේ අධි විදීම, මුදල් අවප්‍රමාණයේ සහ ප්‍රතිප්‍රමාණයේ ආර්ථික ප්‍රතිවිපාක), 98

3. විදේශ විනිමය වෙළෙඳ උපකරණ සහ උපක්‍රම (තැන් විනිමය වෙළෙඳාම, ඉදිරි විනිමය  වෙළෙඳාම, විදේශ මුදල් හුවමාරු,, විදේශ මුදල් අනාගත ගිවිසුම්, විදේශ මුදල් මනාප ගිවිසුම්, පරස්පර වෙළෙඳාම, සමපේක්ෂණය, ආවරණය, විදේශ විනිමය වෙළෙඳපොළ සේවාවන්), 113


1.    විනිමය අනුපාතය තීරණය කෙරෙන ආර්ථික සාධක (ක්‍රය ශක්ති සාම්‍යය, උද්ධමන පරතරය, පොලී අනුපාත පරතරය, ආර්ථික වර්ධන පරතරය, මුදල් සැපයුම් වර්ධන පරතරය), 135

2.    විනිමය අනුපාත දර්ශකයන් (මූර්ත විනිමය අනුපාතය, සඵල විනිමය අනුපාතය, නාමික සඵල විනිමය අනුපාත දර්ශකය, මූර්ත සඵල විනිමය අනුපාත දර්ශකය, ශ්‍රී ලංකා මහ බැංකුවේ සඵල විනිමය අනුපාත දර්ශකයන්), 142

3.    විනිමය අනුපාත තීරණ ක්‍රමවේදයන් (පාවෙන/නම්‍ය  විනිමය අනුපාත ක්‍රමය, ස්ථාවර (පාලිත) විනිමය අනුපාත ක්‍රමය, පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමය, ශ්‍රී ලංකාවේ විනිමය අනුපාත ක්‍රමවේදයන් සැසඳීම), 149


5 වන පරිච්ඡේදය - ගෙවුම් ශේෂ ප්‍රවර්ධන ප්‍රතිපත්ති    173-241

1.   විවෘත ආර්ථික ප්‍රතිපත්ති (ජංගම ගිණුම සහ මූල්‍ය/ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම, මුදල් පරිවර්තීයතාවය, විනිමය අර්බුදයන්), 175

2. මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති (අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්ති, ආනයන ආදේශන ප්‍රතිපත්ති, විදේශ ආයෝජන ප්‍රවර්ධනය, රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයන්, මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ), 188

3.   මුදල් අවප්‍රමාණය (නම්‍යතා විග්‍රහය, අවශෝෂණ විග්‍රහය, මූල්‍යවාදී විග්‍රහය, ප්‍රතිඵල අවිනිශ්චිතභාවය), 197

4.   විනිමය අනුපාත ස්ථායිතාවය (නිල විදේශ වත්කම් සංචිතය, විනිමය අනුපාත ස්ථායිතා අධිකාරින්), 213

5.   විදේශ විනිමය පාලනය (විදේශ විනිමය පනතෙහි මූලික ප්‍රතිපාදනයන්, පොදු අවසරය ඇති ප්‍රාග්ධන ගනුදෙනු), 230


6      වන පරිච්ඡේදය - ගෙවුම් ශේෂ ප්‍රතිපත්ති අත්දැකීම්    242-312
1.    විනිමය අනුපාත ස්ථායිකරන/කලමනාකරණ ප්‍රතිපත්ති අත්දැකීම් (ශ්‍රී ලංකාව, ස්විට්සර්ලන්තය, චීනය, තුර්කිය, ලෙබනනය), 243

2.    වෙනත් ගෙවුම් ශේෂ ප්‍රතිපත්ති අත්දැකීම් (බදු සහ වෙළෙඳ ගිවිසුම් ප්‍රතිපත්ති, විනිමය පාලනයන්,  ආනයන ආදේශන සහ අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්ති), 270

3.    ගෙවුම් ශේෂ ප්‍රතිපත්ති අභියෝගයන් (දේශීය ප්‍රතිපත්ති අභියෝගයන්, ගෝලීය ආර්ථික කම්පනයන් සහ ප්‍රතිපත්ති විසඳුම්), 278


7 වන පරිච්ඡේදය - ජාත්‍යන්තර මූල්‍ය සහයෝගය    313-350

1.    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ආරම්භය සහ විකාශය, ප්‍රධාන කාර්යයන්, ණය ක්‍රමයන්, විශේෂ ගැණුම් හිමිකම් (වි.ගැ.හි.), කොටස් අයිතිය සහ පාලනය), 314

2.    ලෝක බැංකුව (ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව, බහුජාතික ආයෝජන ඇප ආවරණ ආයතනය සහ ආයෝජන ආරවුල් බේරුම් කිරීමේ ජාත්‍යන්තර ආයතනය), 331

3.    ජාත්‍යන්තර පියවුම් බැංකුව (ආයතනික ව්‍යුහය, බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව), 335

4.    ලෝක වෙළෙඳ සංවිධානය (ගැට් සම්මුතිය, ප්‍රධාන කාර්යයන්), 339

5.    ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (ආහාර සුරක්ෂණය, මූලික ක්‍රියාකාරකම්), 344

6.    මූල්‍ය පියවර කාර්ය බලකාය (ගෝලීය ප්‍රමිතීන්/සම්මතයන්, මූල්‍ය බුද්ධි ඒකක, මුදල් විශුද්ධිකරනය), 347

සංඛ්‍යා සටහන් සහ ප්‍රස්තාර පරිශිෂ්ටය     351-365
පාරිභාෂික වචන    366-373
ආදර්ශ ප්‍රශ්න
200    374-390

මෙම කතුවරයාගේ සරසවි ආර්ථික විද්‍යා ග්‍රන්ථ කලාපය

1. මූලික ආර්ථික ප්‍රශ්න සහ විකල්ප විසඳුම් ක්‍රම විග්‍රහය - 2020

2. මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව - 2020

3. ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව: ගෙවුම් ශේෂය, විදේශ විනිමය සහ ප්‍රතිපත්ති - 2021

4. ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව: පාරිභෝගික, නිෂ්පාදක සහ වෙළෙඳපොළ හැසිරීම් - 2021

5. සාර්ව ආර්ථික විද්‍යාව: ජාතික ආදායම සහ උපයෝජනය, 

    සාර්ව ආර්ථික කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතාවන් - 2021

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි