මහ බැංකු පොලිය රජය සක්විති කෙනෙක් කරයි ද? ඉන් ගැලවුමක් නැත් ද?
ස ක්විතිලා යනු අධික පොලියට ණය ගෙන එම මුදල් කාබාසීනියා කිරීම හේතු කොට ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් කඩා වැටෙන ව්‍යාපාරයන් බව මහජනයා හොඳින් දන්නා කරුණකි. මූල්‍ය විෂයෙහි පොන්සි යෝජනාක්‍රමයන් සහ සොම්බි සමාගම් ලෙස හඳුන් වන්නේ ද, මෙසේ ණය ගෙවීම සඳහා තව තවත් ණය ගැනීමෙන් යාවජීව වීමට උත්සාහ කෙරෙන, ඒ හේතු කොට බංකොලොත් සහතිකය ලියවී ඇති ව්‍යාපාරයන් ය. පසුගිය අප්‍රේල් මස 8 දින මහ බැංකුව විසින් ආර්ථිකය කඩා වැටෙද් දී, අමනෝඥ ලෙස තම පොලී අනුපාතයන් 13.5% සහ 14.5% දක්වා එක්වර 7% කින් ඉහළ දැමීම තුළින් වැදුන මරු පහරින් රජය ද සක්විති කෙනෙක් හෝ කඩා වැටෙන පොන්සි යෝජනාක්‍රමයක් බවට පත් වී ඇති බව පසුගිය සති තුන තුළ රාජ්‍ය ණය පොලී අනුපාතයන් ඉහළ ගොස් ඇති ආකාරය දෙස බැලීමේ දී මනාව පැහැදිලි වෙයි . ඊට හේතුව , වත්මන් අර්බුදය තුළ නිසි ආදායම් ප්‍රවාහයක් නොමැතිව වර්තන රාජ්‍ය වියදම් පියවීම සඳහා රජයට ඉහළ නගින පොලී අනුපාතයන් යටතේ අඛණ්ඩව බැංකු , භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා ණය ගැනීමට සිදු වීම යි. මහ බැංකුව විසින් තම පොලී අනුපාතයන් ඉහළ දැමීම කළ විට , ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ණය වෙළෙඳපොළ පොලී අනුපාතය...