Posts

වැටුප් දෙන්න, 20% - 21% ක වැට් තර්ජනයක් - ගැටළුව කාගෙ ද?

Image
ලිපියේ පසුබිම   මෙම ලිපිය ජුලි 8 දින ලීඩර් ප්‍රවෘත්ති වෙබ් අඩවියෙහි පළවූ "වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි !" ලිපිය හා සම්බන්ධ වෙයි.  (ලිපිය මෙතනින් කියවන්න) . එහි රාජ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් විසින් වැටුප් වර්ධකයක් ඉල්ලා කරන ලද වර්ජක ව්‍යාපාරයේ ජාතික ආදීනව පිළිබඳ ව භාණ්ඩාගාර ලේකම් ගේ ප්‍රතිචාරය වාර්තා විය. එනම්,  රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම්, වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140 ක් පමණ අවශ්‍ය බව. රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම්, වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280 ක් පමණ අවශ්‍ය බව. IMF එකඟතා අනුව මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ද අවස්ථාවක් නැති බව. එබැවින්, වර්ජක වැටුප් ඉල්ලීම් දීමට නම්, දැනට පවතින 18% ක වැට් බද්ද 20%-21% දක්වා ඉහළ නැංවීමට සිදුවන බව. මෙම ප්‍රවෘත්තිය දුටු විගස මා සිතට නැගුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා රජය විසින් ලෝකයේ ඉහළම කාණ්ඩයේ ආර්ථික විද්‍යාඥයන් පත් කරනු ලැබුවේ, එය ඉතා පහසුවෙන් වැට් බද්දෙන් සිදු කිරීමට ද? යන්නය. එසේ නම්, එය මුදල් ඇමතිට භාණ්ඩාගාර ලිපිකරුවකු මගින් වුව ද ක...

IMF ආර්ථික ස්ථායිකරණය - හුදු මතවාදයකි. විද්‍යාවක් නොවේ. ඕනෑ තරම් විකල්පයන් පවතී.

Image
ලිපියේ පසුබිම  මේ දිනවල ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දේශනයන් සහ ආර්ථික ඉලක්කම්වලින් මාධ්‍යය පිරී ඇත. එහි හරය වන්නේ, IMF ණය වැඩසටහනින් ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බව යි. සමහරුන්ට එය, කුණාටුවකට හසු වූ ගුවන් යානයක් ගුවන් නියමුවා විසින් පාලනය කොට, හදිසි ගොඩ බැස්සවීමක් වැනි විද්‍යාවකි.  ඒ බවට, උද්ධමනය, ආර්ථික වර්ධනය, පොලී අනුපාතය, විනිමය අනුපාතය, රාජ්‍ය මූල්‍ය, මුදල් මුද්‍රණය, ගෙවුම් ශේෂය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය පිළිබඳ විවිධාකාර ඉලක්කම් සහ ඉලක්කයන් ඉදිරිපත් කෙරේ. එහෙත්, IMF යනු පැරණි ආර්ථික මතවාදයක් පමණක් බවත්, ස්ථායිකරණ ඉලක්කම් යනු හුදු තාවකාලික ඉලක්කම් බවත්, ඔවුන් නොදනී. එබැවින්, මෙම ලිපිය මගින් IMF ආර්ථික ස්ථායිකරණ මතවාදය කෙටියෙන් ඉදිරිපත් කෙරේ. ආර්ථිකයේ ණය සහ නිෂ්පාදන දාමයන් බිඳී අවහිර වීම තුළින් අර්බුදයට ලක් වී ඇති පොදුජන ජීවිතය නැවත ගොඩ ගැනීම සඳහා සාර්ව ආර්ථික සැලසුම් සකස් කරන මහජන නායකයන්ට මෙම දැනුම උපකාරී වනු ඇත. එහෙත්, ඒ සඳහා එකම සැලැස්ම ලෙස IMF පුදන බැතිමතුන්ට, මින් ඵලක් නොමැති විය හැකිය. ඊට හේතුව, භක්තිකයන් යනු හුදු විශ්වාසයට අන්ධ ව...

ද්විපාර්ශවීය ණය රැවටුම - නිල ණය පැහැර හැරීමක් ද? බංකොලොත් නිලධාරීන් ඉන් ගොඩ දැමීම ද?

Image
මෙම ලිපියේ අරමුණ වන්නේ, ඊයේ (ජුනි 26 දින) නිල වශයෙන් ප්‍රකාශ කරන ලද ද්විපාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම් යනු,  රජය සහ ආර්ථිකය බංකොලොත් කමින් මුදවා ගැනීමේ ක්‍රියාවක් නොව,  මුලින් නිල නොවන ලෙස ණය පැහැර හැරීම සිදු කරන ලද බංකොලොත් නිලධාරීන් ඉන් මුදා ගැනීමේ නිල ණය පැහැර හැරීමක් බවත්,  එහි පසුපස දක්වන ආර්ථික ඉලක්කම් හුදු පරිගණක අභ්‍යාසයක් මිස, කිසිම ප්‍රයෝගික විශ්වාසයක් තැබිය නොහැකි පුරෝකතනයන් බවත්, ණය පැහැර හැර ඇති ඝානාව වැනි අනෙක් රටවල ද මීට සමාන ණය ප්‍රතිව්‍යුහගත කරණ ප්‍රගතියක් වාර්තා වන බැවින් මෙය ශ්‍රී ලංකා අධිකාරින්ගේ විශේෂ ප්‍රගතියක් නොවන බවටත්, අදහස් ඉදිරිපත් කිරීම යි.  එහෙත්, සමහර දේශපාලනික මාධ්‍යය විසින් එය ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත් බවින් මුදවා ගැනීමක් බව දක්වමින් රතිංඥා කිරිබත් සංග්‍රහයන් ද පවත්වන ලද බව වාර්තා විය. 2022 අප්‍රේල් 12 දින    නිල නොවන  ලෙස  සිදු  කළ  ණය පැහැර හැරීම  2022 අප්‍රේල් 12 දින වත්මන් මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් විසින් මෘදු ණය පැහැර හැරීම ලෙස දක්වමින් නිල නොවන ලෙස විදේශ ණය...

IMF ණයෙන් විදේශ සංචිතය ඉහළට! එය තිරසාර ද? රටට හිතවත් ද? වගකීම කාගේ ද?

Image
ලිපියේ පසුබිම දෙවන IMF ශ්‍රී ලංකා ණය උපදේශන වාර්තාව පසුගිය 12 දින IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කිරීමත්, ඒ අනුව, අද හෙට ලැබෙන ඩොලර් මිලියන 336 ක තෙවන ණය වාරිකයත්, පිළිබඳ ව සුභාශිංෂණ පණිවුඩයන් මාධ්‍යය පුරා විසිරී ඇත. එහි මූලික සතුට වන්නේ, ණය ඩොලර් මිලියන 336 මගින් මහ බැංකු විදේශ සංචිත ඉලක්කම ඉහළට එසවීම යි. රටේ විදේශ සංචිතය ලෙස සැලකෙන්නේ මහ බැංකු විදේශ සංචිතය යි. මේ දිනවල ඉහළ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මුවග රැඳි ප්‍රිය වැකිය වන්නේ, රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ඥාණාන්විත ආර්ථික ප්‍රතිපත්ති හේතු කොට ආර්ථිකය නැවත වේගයෙන් ස්ථායිකරණය වන බව යි. ඊට ඉහළින්ම දක්වන ඉලක්කම් දෙකකි.  එනම්, මේ වන විට විනිමය අනුපාතය ඩොලරය රුපියල් 300 පමණ දක්වා (2022 මැයි මස 370 සිට) පහළ යාම සහ මහ බැංකු විදේශ සංචිතය ඩොලර් බිලියන 5.4 දක්වා (2022 අප්‍රේල් මස ද්‍රවශීල සංචිතය ශුන්‍යයට ආසන්නයේ සිට) ඉහළ යාම යි. මෙම ඉලක්කම් දෙක එකිනෙකට බද්ධ ආර්ථික සිද්ධීන් දෙකකි. පසුගිය මැයි 28 දින පැවති මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති පැවසූයේ, වාහන ආනයනය ක්‍රමානුකූලව ළිහිල් කිරීම...

මහ බැංකුවට රු. බි. 766 ක ණය පාඩුවක්. මහා පරිමාණ මුදල් වංචාවක් ද? වගකීම කා අත ද?

Image
  පසුගිය 7 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ විශේෂ කරුනු තුනක් පහත දැක්වෙයි (වීඩියෝව නරඹන්න) . 2023 වර්ෂයේ දී මහ බැංකුවට රුපියල් බිලියන 114 ක පාඩුවක් සිදු වූ බව. මහ බැංකුව විසින් රජයට දී තිබූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් සිදු වූ පළමු දින පාඩුව රුපියල් බිලියන 700 කට අසන්න ප්‍රමාණයකින් මහ බැංකු මූල්‍ය වාර්තාවලට පහරක් වැදුන බව. මෙම පාඩුව යනු  මහ බැංකුව විසින් රාජ්‍ය ණය පහළ දැමීම සඳහා රජයට සහ බදු ගෙවන්නට සැපයූ මූල්‍ය වාසියක් බව. මෙම ලිපියේ අරමුණ වන්නේ  මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ දෙවැනි සහ තෙවැනි කරුනුවල අසත්‍යතාවය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ පාඩුව යනු රජයට සහ බදු ගෙවන්නට අධික පාඩුවක් සිදු කළ මුදල් වංචාවක් බව කරුනු සහිතව ඉදිරිපත් කිරීම යි. මහ බැංකුවේ අලාභය යනු අයෝග්‍ය ගිණුම්කරණ ප්‍රමිතීන් සහ මුදල් ප්‍රතිපත්ති අක්‍රමිකතාවන්හි ප්‍රතිඵලයක් බව ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරමි. ආයතනික මුදල් වංචාවන්  රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලින් වාර්තා වන මුදල් වංචාවන් ප්‍රධාන කොටස් දෙකකි. පළමුව, විවිධ ක්‍රමවේදයන් හරහා මුදල් සො...

පණ අදින මහ බැංකු ස්වාධීනත්වය. මහ වැටුප් සමඟ මරණය?

Image
  ලිපියේ පසුබිම  පසුගිය දිනක පරීක්ෂණයක් සඳහා මහ බැංකුවේ නිලධාරීන් කැඳවූ පාර්ලිමේන්තු මහජන මුදල් කාරක සභාවේ දී හෙළි වූ කරුනු දෙස බැලීමේ දී, මහ බැංකු ස්වාධීනත්වය මියැදෙමින් පවතින බව නිසැකය. සමාජ මාධ්‍යයේ සංසරණය වූ නිල වීඩියෝව මෙහි ඉදිරිපත් කරමි (වීඩියෝව මෙතනින් නරඹන්න) . එම වීඩියෝව අනුව මහ බැංකු අධිපති විසින් මුදල් කාරක සභාපති වෙත ආයාචනය කරන්නේ, ආන්දෝලනාත්මක වැටුප් මාර්තු මාසය සඳහා ද ගෙවීමට අවසර දෙන ලෙස ය. එම ආයාචනය සාධාරනීකරණය සඳහා හේතු දෙකක් ඉදිරිපත් කෙරින. එනම්, මාර්තු මාසය සඳහා වැටුප් පරිගණක ක්‍රියාවලිය ආරම්භ වී ඇති බැවින් එය ආපසු හැරවීමේ තාක්ෂණික ගැටළුව. ඉහළ යාමට පෙර පරිමාණයට වැටුප් ගෙවීමේ දී සමහර සේවකයන්ගේ වැටුප් සෘණ වැටුප් වීම. මුදල් කාරක සභාපති විසින් එම ආයාචනය ප්‍රතික්ෂේප කෙරෙන ලදි. ඊට හේතුව ලෙස දැක්වූයේ, ඒ සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය අවශ්‍ය බව යි.  එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ, මහ බැංකු අධිපති විසින් මුදල් කාරක සභාවේ දී හැසිරුණ ආකාරය අනුව මහ බැංකු ස්වාධීනත්වය සහ විද්වත්භාවය බින්දුවට බැස ඇති බවට දත්ත ඉදිරිපත් කිරීම යි (පසුගිය ලිපිය මෙතනින් කියවන්න) ...

බංකොලොත්කමට විසඳුම - පැරණි ඉල්ලුම් පාලන මොඩල ද? නව තරගකාරී ජාතික ආර්ථික මොඩලයක් ද?

Image
  ලිපියේ පසුබිම  පසුගිය දිනවල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය තුළින් උද්ධමනය මෙල්ල කොට, ආර්ථිකය ස්ථායීකරණය කළ බව යි. දැන් ඔවුන් පවසන්නේ, එම ස්ථායිකරණය තුළින් ආර්ථිකය වර්ධනය වීමට පටන් ගෙන ඇති බව යි.  මෙය බොහෝ දේශපාලනික නායකයන්ට සහ මහජනතාවට නොතේරෙන ආර්ථික විද්‍යා පාඩමකි. ඊට හේතුව, එම සමස්ත ඉල්ලුම පාලන රාජ්‍ය ප්‍රතිපත්තියෙන් පොදු මහජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටී ඇති ආකාරය යි. පසුගිය වර්ෂ කිහිපයක් පුරා රටේ පැවති දේශපාලනික අර්බුදය පසුගිය වර්ෂ දෙක තුළ තාවකාලිකව සමතයකට පත් වූ බැවින් වෙළෙඳපොළවල් පණ ගැන්වී පොදුජන ජීවිතය නැවත ආරම්භ වී ඇත. ඔවුන් කෙසේ හෝ එදිනෙදා ජීවත් වීමට මහන්සි වෙයි. එබැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පුන පුනා පවසන ආර්ථික ස්ථායිකරණය නොවේ. රටවල රජයන් විසින් තම ආර්ථිකයන් කළමනාකරණය කරනු ලබන්නේ, විවිධාකාර ආර්ථික සංකල්පයන් පදනම් කර ගෙන ය. සමස්ත ඉල්ලුම පාලනය යනු ඉන් එක් සාර්ව ආර්ථික සංකල්පයකි. එය එකම සංකල්පය නොවේ.  එබැවින්, මෙම කෙටි ලිපියේ...

මහ බැංකු අධිපති අස්විය යුත්තේ ඇයි? ස්වාධීනත්වය ගොඩ ගත හැකි ද?

Image
  ඊයේ (26.03.2024) පැවති මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී, වත්මන් මහ බැංකු වැටුප් ප්‍රතිපත්ති අර්බුදය හේතුවෙන් මහ බැංකු අධිපති ඉල්ලා අස් වේ ද? යන්න මාධ්‍ය වේදීන් ප්‍රශ්න කරන ලදි (  මාධ්‍ය වීඩියෝව මෙතනින් බලන්න)  .  ඊට මහ බැංකු අධිපතිගේ පිළිතුර වූයේ, මෙය තම සේවකයින්ට වැටුප් ලබා දීමට ක්‍රියා කිරීමේ තීරණයක් වන බැවින් ඒ මත තමා ඉල්ලා අස් නොවන බව යි. එම පිළිතුර "සමහරු විසින් කන්න ඕන වූ විට කබරගොයාත් තලගොයා කරන" බවට ප්‍රචලිත පැරණි කියමනට ගැලපෙයි. ඉල්ලා අස්වීමේ යහපාලන පදනම -  මහජන ආන්දෝලනයන් නිරාකරණය මහ බැංකු අධිපති වහාම ඉල්ලා අස්විය යුතු බවට අදහස් දැක්වෙන්නේ, මෙම වැටුප් තීරණය දූෂිත එකක් වීමත්, ඒ හරහා ඔහු විසින් මහ බැංකු ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය පාවා දීමත් හේතුවෙනි (විශේෂ ලිපිය මෙතැනින් කියවන්න) . ඊට හේතු කිහිපයකි. මෙම වැටුප් තීරණය නීති විරෝධී සහ සදාචාර විරෝධී බව මුදල් කාරක සභාව හරහා පාර්ලිමේන්තුව විසින් තීරණය කොට ඇත. ඒ පිළිබඳ වාර්තාවක් මුදල් කාරක සභාපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ අනුව, මෙම නව වැටුප් ව්‍යුහය අත්හිටු වීමටත්, මුදල් ඇමති විසින් පත් කරනු ...