ආර්ථිකය ගොඩ ගැනීමට අවශ්‍ය තැන්පතු සහන ද? නැතහොත් ණය සහන ද? මහ බැංකු අධිපතිගේ මතය නිවැරදි ද?
මේ දිනවල මහ බැංකු අධිපති විසින් විවිධ මාධ්‍ය හමු සහ රැස්වීම්වල දී ප්‍රකාශ කරනු ලබන අදහස් දෙස බැලීමේ දී ඒවා බොහොමයක් මහ බැංකු කාර්යයන්ට බාහිර විෂයන් වන අතර බොහොමයක් අදහස් ආර්ථික සහ බැංකු විෂයන් තුළ පිළි ගත නොහැකි මහජනයා මුලා කිරීමට තුඩු දෙන ඒවා බව සමාජ මාධ්‍ය තොරතුරු දෙස බැලීමේ දී පෙනේ. ඒවා තුළින් දේශපාලනික වාසි ලබා ගැනීමේ උත්සාහයක් පැහැදිලිව දැකිය හැකිය. එබැවින් , ඉදිරි ලිපි කිහිපය මගින් පසුගිය දා තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය හමුවේ දී සහ කෝප් සභාවේ දී මහ බැංකු අධිපති විසින් දක්වන ලද අදහස් කිහිපයක් පිළිබඳ ව කතුවරයාගේ නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. මෙහි පළමු ලිපිය IMF ණය ප්‍රමාද වීම පිළිබඳ ව කෝප් සභාවේ හෙළි වූ කරුණු අළලා පසුගිය 27 දින මෙම වෙබ් අඩවියේ පළ කරන ලදි. මෙම ලිපියේ අරමුණ වනුයේ තරුණ ලංකික ව්‍යවසායක මණ්ඩල රැස්වීමේ දී බැංකු ණය ආපසු ගෙවීමේ සහනයක් සැපයිය නොහැකි බවට මහ බැංකු අධිපති විසින් දැක්වූ හේතුව සහ මහ බැංකුව විසින් තැන්පතු පිළිබඳ ව දරනු ලබන වත්මන් මතයේ සාවද්‍යතාවය ඉදිරිපත් කිරීම යි. ණය ආපසු ගෙවීමේ සහනයක් සැපයිය නොහැකි බවට මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස් එ...