Posts

Showing posts from October, 2024

රටම කැළඹු මුදල් මුද්‍රණය. කළා ද? නැත් ද? එය, කවුරුන්, කෙසේ, කා සඳහා, කළා ද?

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම  මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවේ මුදල් මුද්‍රණය සහ එය කෙරෙන ආකාරය පිළිබඳ කෙටි සටහනක් තැබීම යි. මේ දිනවල සමාජ මාධ්‍යය තුළ පැළ කොට ඇති නවතම දේශපාලනික පුවත මුදල් මුද්‍රණය යි. මෙහි මහා පුදුමය නම්, මෙම සරල වචන දෙක මගින් මහජනයා පමණක් නොව, දේශපාලන විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ මහ බැංකු නිවේදකයන් කැළඹීමට පත් වී, තම තමන්ට රිසි පරිදි විවිධාකාරයේ අර්ථ නිරූපණයන්, ආර්ථික විද්‍යා න්‍යායන්, පැහැදිළි කිරීම් සහ විවේචනයන් තරගකාරීව ඉදිරිපත් කිරීම යි. එම බොහෝ කරුනු  "යන්නෙ කොහේ ද? මල්ලෙ පොල් " පිළිතුරු ය. සමහරුන්ට මෙය "තැලෙන යකඩය දුටු විට ආචාරියා උඩ පැන පැන තලනවා" වැනි ය. තවත් සමහරුන්ට මෙය "සෝද සෝදා මඩේ එබීමේ" ක්‍රියාවක් වී ඇත.  ඊට හේතුව, මුල් දී නැගුන ප්‍රශ්නය වූයේ, මහ බැංකුව විසින් රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළා ද? යන්න යි. මුදල් මුද්‍රණය යනු මහ බැංකුවේ ඉතා සරල ප්‍රයෝගික කාර්යයකි. එය, කම්කරුවෙකුට උදැල්ලක් දී, කාණුවක් කැපිය යුතු වපසරිය නියම කළ විට, ඔහු විසින් කාණුව කැපීමේ නිරත වීම වැනි, සරල, සෘජු, ප්‍රයෝගික කාර්යයකි. එබැ...

2025 අයවැය කාට ද? IMF එකට ද? නව ක්‍රමයක පොදුජන ආර්ථිකයට ද?

Image
ලිපියෙහි පසුබිම  මෙම කෙටි ලිපියෙහි අරමුණ වනුයේ, ඡන්ද දායකයන්ට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා නව රජය විසින් තම අයවැය ප්‍රතිපත්තිය (Fiscal Policy) ක්‍රියාත්මක කළ යුතු මූලික පදනම යෝජනා කිරීම යි. එහි පසුබිම මෙසේ ය. පසුගිය රජය විසින් පාර්ලිමේන්තුව හරහා අනුමත කොට ඇති දැනට පවතින IMF අයවැය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ නැඹුරුවක් නව රජයෙන් දිස් වෙයි. එසේ පරාජය වූ රජයේ සපත්තුව පැළඳ ගත හොත්, මෙම රජයේ ආයු කාලය ඉතා කෙටි විය හැකිය.  ඊට හේතුව, නව රජයට ඡන්දය දුන් 42% න් කොටසක්, පසුගිය රජයට විරුද්ධව ඡන්දය දුන් අනෙක් 41% ට එකතු විය හැකි බැවිනි. එම දේශපාලනික අස්ථායිතාවයට නව රජය ගෙදර යැවීමට හැකියාව පවතී. නැවත එවැනි අස්ථායිතාවයකට දේශපාලන නායකයන් හැර පොදු මහජනයාගේ කිසිම කැමැත්තක නොමැත. ඊට හේතුව, ශ්‍රී ලංකාව ආර්ථික ගාසා තිරයක් බවට පත්විය හැකි බැවිනි. දැනට ක්‍රම වෙනසක් සඳහා වූ නව රජය පත් වී සති 5 ක් වුව ද, තව සති දෙකකින් පාර්ලිමේන්තු ඡන්දයට සූදානම් වුව ද, ක්‍රම වෙනසට අවශ්‍ය රජයේ අයවැය සැකසීම පිළිබඳ ව කිසිම තොරතුරක් නොමැත. පසුගිය දිනක රජයේ ඉහළ ආර්ථික උපදේශකයකු විසින් පවසන ලද්දේ, නව අයවැය 2025 ජන...

නව රජය ද මං මුළා කෙරෙන, විනිමය අනුපාතය සහ මහ බැංකු මුදල් සුදුව.

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම   මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, දැනට විනිමය අනුපාතය පහළ යන බවට පතුරුවන සමාජ මාධ්‍ය ප්‍රවෘත්තිවලින් පදනම් විරහිත ලෙස උදම් වීමෙන්, ඉදිරියේ දී නව රජය ද මං මුළා විය හැකි වීමේ අවදානම හැඟවීම යි. මෙය අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් ද හොඳින් දන්නා විෂයකි. මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඩොලරයේ විනිමය අනුපාතය කඩි මුඩියේ පහළ යාම, වත්මන් ආර්ථිකයෙහි සුවිශේෂී ලක්ෂණයකි ( පහත රූපසටහන බලන්න ). එය, හුදෙක් ගිය රජයේ IMF ආර්ථික ස්ථායිකරණ ප්‍රතිපත්තිවල සාර්ථක භාවය හුවා දැක්වීම සඳහා කළ නිර්මාණයක් මිස, නව රජයේ විශේෂ ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් නොවේ. විනිමය අනුපාතය යනු නව රජය කෙරෙහි විශ්වාසය හේතුවෙන් හැසිරෙන ආර්ථික විචල්‍යයක් ද නොවේ. එහෙත්, පසුගිය ජනාධිපති මැතිවරණ වේදිකාවේ දී ගිය රජය විසින් දැක්වූයේ, නව රජයේ විනිමය අනුපාතය රුපියල් 400 දක්වා ඉහළ යා හැකි බව යි. ඒ සඳහා ගත වන කාලයක් නොදැක්වීය. එබැවින්, එය හුදෙක් ඉදිරිපත් වූ මැතිවරණ පොරොන්දු මත සැකසුන, ආර්ථික පදනම් පුරෝකථනයකි. එහි, විනිමය අනුපාතයේ අතීත හැසිරීමේ උපනති අත්දැකීම් ද අඩංගු වෙයි. එබැවින්, පත් ...

නව රජයේ ණයත් ඉහළට? හේතුව, ඉහළ දේශීය පොලී අනුපාතයන් ද? පැරණි ණය ගෙවීම ද?

Image
ලිපියේ පසුබිම මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, නව රජයේ ණය ගැනීම ඉහළ යාමට ප්‍රධාන හේතුව, මහ බැංකුව විසින් මෑත කාලයේ දී ඉහළ දේශීය පොලී අනුපාතයන් පවත්වා ගැනීමේ සමුච්චිත බලපෑම බවට කරුනු ඉදිරිපත් කිරීම යි. මෙය, මෙම විෂය පිළිබඳ නිකුත් කළ ඉංග්‍රීසි ලිපිය ඇසුරින් සැකසී ඇත (  ඉංග්‍රීසි ලිපිය මෙතනින් කියවන්න) , නව රජය විසින් ද වැඩියෙන් ණය ගන්නා බවට කෙරෙන චෝදනාවන්ගෙන් මේ දිනවල සමාජ මාධ්‍යය පිරී ඇත. ඒ සඳහා සමහරුන් විසින් තමන්ට රිසි හේතූන් ද ඉදිරිපත් කෙරේ.  පසුගිය රජයන් විසින් ගෙන ඇති ණය ගෙවීම, පසුගිය රජයන් විසින් ණය අවභාවිතා කිරීම නිසා ණය ගෙවීම සඳහා නිසි ආදායම් නොමැතිවීම, විනිමය අනුපාතය ඉහළ යාම නිසා විදේශ ණය ගෙවීමට අවශ්‍ය රුපියල් ණය ගැනීම ඉහළ යාම යනාදිය එම හේතු අතර ඉහළින් දැකිය හැකිය. මෙය, ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් සඳහා ඉතාමත් කාලීන මාතෘකාවකි. රාජ්‍ය ණය කළමනාකරණය ණය කළමනාකරණයක මූලික අංග තුනකි. එනම්, ණය ගෙවීම, පොලී ගෙවීම සහ නව ණය ගැනීම යනාදිය යි. එබැවින්, ණය උපයෝජන කාර්යක්ෂමතාවය ණය කළමනාකරුවන් විසින් සොයා නොබැලේ.  ණය ද අයවැය ක්‍රියාවලියෙහි කොටසකි. රාජ්‍ය අයවැය තුළ ණය ගන්නේ, ...

දුෂිත පැරණි ආර්ථික ක්‍රමය සහ ඉලක්කම්. නව ක්‍රමයක් සහ ඉලක්කම් සොයමු. ක්‍රම වෙනස ඥාණාන්විතව කළමනාකරණය කරමු.

Image
  ලිපියේ පසුබිම  මෙම කෙටි ලිපියේ අරමුණ පසුගිය දශක කිහිපයක් පුරා ශ්‍රී ලංකා රජයන් විසින් අනුගමනය කරන ලද ආර්ථික ක්‍රමය සහ එහි කාර්යසාදනය ඇගයීම සඳහා ගෙන හැර දැක්වූ ඉලක්කම් පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කිරීම යි.  එය, වර්තමානයේ නව ක්‍රමයක් ඉදිරිපත් කිරීමට වෙහෙසන නායකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත්, සමහර නව නායකයන් සහ ඔවුන්ගේ උපදේශකයන් විසින් ද එම ඉලක්කම්ම කියා පෑමෙන් පෙනෙන්නේ, නව ක්‍රමයක් තවම සොයන බව යි. පැරණි ආර්ථික ක්‍රමය ආර්ථික විද්‍යාවට අනුව ආර්ථික ක්‍රමයක් යනු සීමිත සම්පත්වලින් මිනිස් වුවමනාවන් ඉටු කිරීම සඳහා කුමක්, කෙසේ, කොපමණ, කා සඳහා නිෂ්පාදනය කෙරේ ද? යන්න තීරණය කෙරෙන ක්‍රමය යි. එය, ආර්ථික විද්‍යාවේ මුල් පාඩමකින් ඉගැන් වෙයි. පැරණි ආර්ථික ක්‍රමය ලෙස ශ්‍රී ලංකාවේ දැක්වෙන්නේ, රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ රාජ්‍ය නියෝජිත වෙළෙඳපොළ ක්‍රමයකි. එනම්, ආර්ථිකය ක්‍රියාත්මක වූයේ, රජයට සම්බන්ධ පාර්ශවයන් කිහිප දෙනෙකු විසින් ප්‍රධාන නිෂ්පාදන ක්‍රියාකාරකම් පාලනය කෙරෙන වෙළෙඳපොළ ක්‍රමයකි. ලිබරල් හෝ ධනවාදී හෝ සමාජ වෙළෙඳපොළ හෝ ප්‍රජාතාන්ත්‍රික සමාජ වාදී හෝ ලෙස විවිධ දේශපාල...

රජය ණය ගැනීමේ දී මුදල් මුද්‍රණය ස්වාභාවිකයි. භූතයන් මැවීමෙන් වැළකෙමු.

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම  මෙම ලිපියේ අරමුණ වනුයේ රජය විසින් ණය ගැනීමේ දී, රටේ සංසරණය වන මුදල් ප්‍රමාණයට ඇති කෙරෙන බලපෑම කෙටියෙන් දැක්වීම යි. එය ආර්ථික විද්‍යා සිසුන්ට සහ ගුරුවරුන්ට ඉතා වැදගත් වන පාඩමකි. ලිපියේ පසුබිම මෙසේය. මේ දිනවල රජය විසින් ණය ගැනීම සහ වියදම් කිරීම පිළිබඳ ව විවිධාකාර මතවාදයන් සමාජ මාධ්‍යය පුරා පැතිරී ඇත. එම පුවත්වලින් ගම්‍ය වන්නේ, රාජ්‍ය ණය යනු අංක එකේ මහජන සතුරෙකු බව යි. එනම්, රට සහ මහජනයා මුහුණ දෙන සියළු වත්මන් කම්කටොළුවලට මුල රාජ්‍ය ණය යි.  එබැවින්, රජය විසින් ණය නොගෙන, මහජනයාගෙන් බදු අයකොට, තම වියදම් පියවා ගත යුතු බව ආර්ථික විශාරදයන් විසින් යෝජනා කෙරේ. ඔවුන්ට අනුව මහජනයාට රාජ්‍ය ණයවලට වඩා බදු හොඳ ය. මෑත දී, භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ප්‍රකාශ කොට ඇත්තේ, රජයට දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යි. ඊට හේතුව, අයවැය හිඟය පියවීම සඳහා අළුතින් මුදල් මුද්‍රණය කිරීමෙන් රජය ඉවත් වී ඇති බැවිනි ( ලිපිය මෙතනින් කියවන්න ). මෙහි අදහස දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමෙන් මුදල් සැපයුමට සහ උද්ධමනයට බලපෑමක් නොවන බව යි. එය සාවද්‍ය අදහසකි. එම ලි...