මහ බැංකු අධිපති අස්විය යුත්තේ ඇයි? ස්වාධීනත්වය ගොඩ ගත හැකි ද?

ඊයේ (26.03.2024) පැවති මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී, වත්මන් මහ බැංකු වැටුප් ප්‍රතිපත්ති අර්බුදය හේතුවෙන් මහ බැංකු අධිපති ඉල්ලා අස් වේ ද? යන්න මාධ්‍ය වේදීන් ප්‍රශ්න කරන ලදි ( මාධ්‍ය වීඩියෝව මෙතනින් බලන්න) . ඊට මහ බැංකු අධිපතිගේ පිළිතුර වූයේ, මෙය තම සේවකයින්ට වැටුප් ලබා දීමට ක්‍රියා කිරීමේ තීරණයක් වන බැවින් ඒ මත තමා ඉල්ලා අස් නොවන බව යි. එම පිළිතුර "සමහරු විසින් කන්න ඕන වූ විට කබරගොයාත් තලගොයා කරන" බවට ප්‍රචලිත පැරණි කියමනට ගැලපෙයි. ඉල්ලා අස්වීමේ යහපාලන පදනම - මහජන ආන්දෝලනයන් නිරාකරණය මහ බැංකු අධිපති වහාම ඉල්ලා අස්විය යුතු බවට අදහස් දැක්වෙන්නේ, මෙම වැටුප් තීරණය දූෂිත එකක් වීමත්, ඒ හරහා ඔහු විසින් මහ බැංකු ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය පාවා දීමත් හේතුවෙනි (විශේෂ ලිපිය මෙතැනින් කියවන්න) . ඊට හේතු කිහිපයකි. මෙම වැටුප් තීරණය නීති විරෝධී සහ සදාචාර විරෝධී බව මුදල් කාරක සභාව හරහා පාර්ලිමේන්තුව විසින් තීරණය කොට ඇත. ඒ පිළිබඳ වාර්තාවක් මුදල් කාරක සභාපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ අනුව, මෙම නව වැටුප් ව්‍යුහය අත්හිටු වීමටත්, මුදල් ඇමති විසින් පත් කරනු ...