IMF, භාණ්ඩාගාරය සහ මහ බැංකු සංකල්පයන්ට මැදි වී මිරිකෙන පොදුජන ආර්ථිකය
IMF ආර්ටිකල් IV උපදේශන වාර්තාව මේ දිනවල ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් IMF විසින් මාර්තු මස 25 දින ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ව නිකුත් කරන ලද 2021 වර්ෂයේ ආර්ටිකල් IV උපදේශන වාර්තාව ( IMF Article IV Consultation Report) අළෙවි කරණයේ පෙරමුණ ගෙන ඇත. එසේම , ප්‍රධාන ධාරා සාර්ව ආර්ථික විද්‍යාවේ පෙළ පොත්වත් නොදන්නා දේශපාලනික නායකයන් පවා රජය විවේචනය කිරීමට කරුණු සොයමින් මෙම IMF වාර්තාව පසු පස දිවීම නව ප්‍රවණතාවයකි. මෙම IMF වාර්තාව පාර්ලිමේන්තු විවාදයන්ට ගෝචර වීම ද ඓතිහාසික සිද්ධියකි. ශ්‍රී ලංකාව මේ දක්වා ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ ගැටළු විසඳීම පිණිස 1965 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා 16 වරක් IMF ණය වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත. එසේම , IMF විසින් ආර්ටිකල් IV උපදේශනය සාමාන්‍යයෙන් වාර්ෂිකව සිදු කෙරේ. එබැවින් , අතීතයේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ව මෙවැනි IMF වාර්තාවන් රැසක් නිකුත් කො...