Posts

මහ බැංකු මහ පොලියෙන් ආර්ථිකය මහ පාරට?

Image
මෙම කෙටි ලිපියේ අරමුණ වන්නේ දැනට මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන අධික පොලී අනුපාත ප්‍රතිපත්තිය ආර්ථිකයේ උද්ධමනය පහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? යන්න මහ බැංකුව විසින් පිළි ගැනෙන මූල්‍ය ආර්ථික විද්‍යා සංකල්පය පැහැදිලි කිරීම යි.  මේ දිනවල  පැතිරෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දැකිය හැකි සටන් පාඨයක් වනුයේ රටේ දැනට පවතින අධික ණය පොලී අනුපාතයන් වහාම අඩු කරන ලෙස ය. මේ පිළිබඳ ව මාධ්‍යය විසින්  කළ විමසීමකට අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක විසින් පසුගිය පෙබරවාරි 8 දින දෙන ලද පිළිතුර වූයේ, රටේ පොලී අනුපාතයන් නියම කිරීමේ බලය මුදල් නීති පනත මගින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පවරා ඇති බැවින්, ඒ සඳහා රජයට මැදිහත් වීමට කිසිම හැකියාවක් නොමැති බව යි. එහෙත්, මෙය නිවැරදි පිළිතුරක් නොවේ.  පළමුව, මහ බැංකුව විසින් මුදල් නීති පනත යටතේ දැනට තීරණය කරන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පමණි. බැංකු ණය සහ තැන්පතු පොලී අනුපාතයන් තීරණය කරනු ලබන්නේ ඒ ඒ බැංකු විසින් ය.  දෙවනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඇතුළු රටට යෝග්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කුමක් ද? යන්න පිළිබඳ ව රජයේ මතය අනුව විධානයන් පැනවීමේ බලය ...

යෝජිත නව මහ බැංකු ස්වාධීනත්වය: මහ බැංකුව පෞද්ගලික කරණය ද?

Image
පසු ගිය දිනක මුදල් රාජ්‍ය ඇමති වරයකු විසින් මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළ බව මධ්‍යයෙහි වාර්තා විය. මෙම ලිපියේ අරමුණ එම යෝජනාවට උපකාරයක් ලෙස කෙටි විමසුමක් ඉදිරිපත් කිරීම යි. අර්බුදයක දී නීති සම්පාදකයන්ගේ ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ පොදුජනයා අර්බුදයකට මුහුණ දෙන විට, රාජ්‍ය පාලකයන් විසින් සොයන ගැලවුම් කරුවන් දෙදෙනෙකි. පළමුව, ව්‍යවස්ථාව. දෙවනුව, එවැනි අර්බුදයක් නැවතත් ඇති වීම වැලක් වීම සඳහා නව නීති පැනවීම.  මෙය නිලධාරීන් විසින් තම ඇග බේරා ගැනීම සඳහා කරන දෙයකි. ඊට හේතුව, නව නීති එන තෙක් ඔවුන්ට පහසුවෙන් සිට විශ්‍රාම යාමේ කාලය ලැබෙන බැවිනි. එහෙත්, තමන් අකමැති පුද්ගලයන් වංචා චෝදනාවන් මත අත් අඩංගුවට ගෙන නඩුවලට පැටලීම පිණිස ව්‍යාජ සාක්ෂි සැකසීම සඳහා මෙම නීති අති දක්ෂ ලෙස භාවිතා කෙරේ. වත්මන් ඓතිහාසික ආර්ථික අර්බුදයෙන් පොදුජනයා මුදවා ගැනීම සඳහා ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කොට අවසානය. එහෙත්, සමහරු ඉල්ලන්නේ නව ව්‍යවස්ථාවකි. වත්මන් ආර්ථික අර්බුදය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ වගකීම් ඉටු නොකිරීම හේතු කොට හට ගත් එකක් බව අර්බුදයේ සිද්ධි ද...

මහ බැංකුව විසින් දේශපාලනික වින්දිතයකු කළ මුදල් මුද්‍රණය - සාක්ෂි විමසමු.

Image
මේ දිනවල මහ බැංකුව විසින් උදේ සවස දේශනා පවත්වන මාතෘකා කිහිපයකි. එනම්, මුදල් මුද්‍රණය, උද්ධමනය, දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය සහතිකය, IMF ගැලවුම් පැකේජය, රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථායීකරන ලක්ෂණයන් පහළ වී ඇති බව යනාදිය යි. ඒ අතරට ඊයේ සිට 2023 අයවැය ද එක් වී ඇත. එනම්, එය ආර්ථික අර්බුදයෙන් පොදුජනතාව එගොඩ කිරීමේ ඒකායන මග ලෙස ය. මෙම මාතෘකාවලින් සමාජ මාධ්‍යය පිරී ඉතිරී ඇති අතර දිනෙන් දින නව ප්‍රවෘත්ති මැවීම් ද දැකිය හැකිය. මෙම සියළුම දේශනාවන් සහ ප්‍රවෘත්තිවලින් පෙනෙන ප්‍රධාන කරුණක් පවතී. එනම්, තම තමන්ට වරප්‍රසාද ලැබීම පිණිස මුදල් මුද්‍රණය දේශපාලනික වින්දිතයකු බවට පත් කොට ඇති බව යි. මුදල් මුද්‍රණය යන්නට වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ද අඩංගු වෙයි. ඊට හේතුව, වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය යොදවා ඇත්තේ පොලී අනුපාතය ඉහළ යාම පාලනය කරමින් රජය වෙත මුදල් මුද්‍රණය කිරීම සඳහා වන බැවිනි. මෙම ලිපියේ අරමුණ වනුයේ මුදල් මුද්‍රණය දේශපාලනික වින්දිතයකු වී ඇති බවට ඍජු සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කිරීම යි . 1.     මහ බැංකු අධිපති විසින් අයව...

මහ බැංකු අධිපති විසින් විකල්ප යෝජනාවන් ඉල්ලන්නේ ඇයි? තම ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක ද?

Image
  පසුගිය දා විද්වත් දේශනයක දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරනු ලැබූ අදහස් ඇතුලත් කෙටි වීඩියෝවක් මාධ්‍යයෙහි සංසරණය විය . එහිදී , වත්මන් අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳ ව ඔහු විසින් දැක් ‌ වූ අදහස් කිහිපයක සාරාංශය පහත දැක්වෙයි . මෙම ලිපියේ අරමුණ එම අදහස් පිළිබඳ ප්‍රතිචාරයක් ඉදිරිපත් කිරීම යි. මහ බැංකු අධිපතිගේ අදහස් ආර්ථිකය නැවත ප්‍රකෘති වී අහිමිවූ නිෂ්පාදනය නැවත ලබා ගැනීම සඳහා කොතරම් කාලයක් ගත වන්නේ ද ? යන්න තීරණය වන්නේ , වැදගත් යැයි හඳුනා ගත් ප්‍රතිසංස්කරණයන් බලධාරීන් විසින් කොතරම් සාර්ථකව ක්‍රියාත්මක කරන්නේ ද ? යන්න මත බවත් , ඒ සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව ආර්ථිකය ස්ථාවර කොට ඉදිරියට ගෙන යාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් නොලැබෙන බව . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් , ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් අරමුදල් අපට ලබා ගත හැකි වුවත් , එය තාවකාලික සහනයක් පමණක් බවත් , වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක නොකළහොත් නැවතත් එම චක්‍රයට පිවිසීම වැලැක්විය නොහැකි ...