Posts

Showing posts from 2026

ආර්ථික කළමනාකරණය. ආර්ථිකය ගොඩ ගැනීමක් නොමැතිව අර්බුදයේම කැලතීම. පොදු මහජනයා යනු ප්‍රභූ යහපතට යෙදෙන වින්දිතයන් පිරිසක් ද?

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම  මේ දිනවල බොහෝ දෙනා විසින් අදහස් දක්වන්නේ, 2028 දී නැවත විදේශ ණය පැහැර හැරීමේ සහ එමගින් රජය අස්ථායී වීමේ අවදානම් පිළිබඳ ව ය. එම අදහස් හුදෙක් 2022 වර්ෂයේ ලද බියකරු ආර්ථික අර්බුද අත්දැකීම් මෙන්ම එවක පැවති ආර්ථික ව්‍යුහාත්මක අවදානම් නොවෙනස්ව පැවතීම මත ගොනු වී ඇත. එහෙත්, අදාළ ආර්ථික කළමනාකරණ අධිකාරීන් විසින් එම අදහස් එක හෙළා ප්‍රතික්ෂේප කෙරේ. ඒ සඳහා උද්ධමනය 2% මට්ටමට පහළ යාම, මහ බැංකු විදේශ සංචිතය ඩොලර් බිලියන 6.5 ඉක්මවා යාම, මහා පරිමාණයෙන් මෝටර් රථ ගෙවීමට තරම් ආනයන ප්‍රවර්ධනය සහ 2023 දී නිර්දේශිත IMF ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පොතට අනුගමනය කිරීමේ සාදනීය ප්‍රතිඵල වැනි තත්කාලීන සාධක ගෙන හැර දැක්වෙයි. සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් 2027 දී නැවත IMF ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යාම ද යෝජනා කෙරේ. එහෙත්, 2022 වර්ෂයේ පැවති ආර්ථික ව්‍යුහාත්මක අවදානම් අඛණ්ඩව පැවතීම තුළ, එම සාදනීය ප්‍රතිඵල හුදෙක් දිට්වා සුළි සුළඟ මෙන් බලා සිටිය දී ගසා ගෙන යාමේ අවදානමක් පවතින බව කිව යුතු නැත. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, මූලික ආර්ථික ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගෙන, ...

නූතන රාජ්‍ය මුදල් නොදැනුම සහ අවභාවිතය. රටවල ආර්ථික පසුබෑම සහ දිළිදුකමේ උල්පත ද?

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  ශ්‍රී ලංකා ආර්ථික විද්වතුන්ගේ සංගමය විසින් පසුගිය දිනක පැවති වාර්ෂික සමුළුවක දී, ශ්‍රී ලංකා රාජ්‍ය අයවැය හිඟය පිළිබඳ ව ත්, අයවැය හිඟය පියවීමට මුදල් අච්චු ගැසීම වැනි අහිතකර ක්‍රමවේදයන් භාවිතා කිරීමට මහ බැංකුවට අවස්ථාවක් නොමැති බවත්, සාකච්ඡා වූ බවට වාර්තා විය.  (ප්‍රවෘත්තිය) මින් ගම්‍ය වන්නේ, පුද්ගලයෙකු හෝ ව්‍යාපාරික සමාගමක් මෙන්, රජයන් ද අයවැය හිඟයන්ට මුහුණ දෙන බවත්, එම හිඟයන් බාහිර පාර්ශවයන්ගෙන් රැස් කර ගන්නා ණය මුදල්වලින් පියවන බවත්, මුදල් අච්චු ගැසීම හරහා මහ බැංකුවෙන් ද ණය ගන්නා බවත්, මහ බැංකු ණය අහිතකර ක්‍රමවේදයක් බවත් ය. මෙම පුවතින් විදහා දැක්වෙන්නේ, මෙම ආර්ථික විද්වතුන්ට නූතන රාජ්‍ය මුදල් (ෆියට් මුදල්) මත ක්‍රියාත්මක වන මුදල් ක්‍රමයන් සහ රාජ්‍ය අයවැය පිළිබඳ නිසි දැනුමක් නොමැති බවත්, ඔවුන් අතීතයේ පැවති පෞද්ගලික බැංකු නෝට්ටු මුදල් ක්‍රමයන් තුළ රජයන් විසින් අයවැය හිඟය පියවූ ආකාරය දැනුවත් පැරණි ආර්ථික විද්වතුන් බවත් ය. එය නව ලිබරල් ආර්ථික මතවාදය යි. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් තුළ,  රජයන් විසින් රාජ...

රාජ්‍ය මුදල් බලය පොදු මහජනතාවගෙන් පැහැර ගන්නා නව ලිබරල් වාදීන්. ඊට එරෙහි විප්ලවකාරී සංවර්ධන නායකයන් බිහි වෙයි ද?

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  1980 ගණන්වල ආරම්භයේ සිර වොෂින්ටන් සම්මුතිය හරහා ව්‍යාප්ත වූ නව ලිබරල් වාදය විසින් ලෝකය පුරා රටවල රාජ්‍ය අයවැය හිඟය සහ ණය මර්දනය කිරීමේ ගෝලීය ව්‍යාපාරයක් දියත් වී පවතී. එය හුදෙක් රජය යටපත් කොට, පෞද්ගලික අංශය ආර්ථිකයෙහි එන්ජිම බවට පත් කිරීමේ ව්‍යාපාරයකි. මෙය IMF සහ ලෝක බැංකු ණය කොන්දේසි හරහා දියුණු වන රටවලට ද දැඩි ලෙස පැතිරී ඇත. එහෙත්, මෙම මතවාදය හුදෙක් පසුගිය සියවස ආරම්භයේ සිට නූතන ලෝකයේ රටවල රාජ්‍ය මුදල් මත ගොඩ නගා ඇති නූතන මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන සැබෑ ආකාරය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව ගොඩ නැගී ඇත. එබැවින්, මෙම මතවාදය මහ බැංකුව විසින් රජයට පරිබාහිර ලෙස නිකුත් කිරීම, නියාමනය සහ පාලනය කෙරෙන මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන බවට විශ්වාසය මත ගොඩ නැගී ඇත. එබැවින්, මහ බැංකු ද මෙම මතවාදයේ ප්‍රධාන පාර්ශවයකි. නව ලිබරල් මතවාදය තුළින් රටවල මුදල් ක්‍රමයන් ඩොලර්කරණය කිරීමත්, එමගින්, දේශීය රාජ්‍ය  මුදල් ක්‍රමය මහා පරිමාණ ව්‍යාපාරික පංතියේ ප්‍රයෝජනය සඳහා සංකේන්ද්‍රණය කිරීමේ හෝ පැහැර ගැනීමේත් උත්සාහයක් දැකිය හැකිය.  මෙහි ප්‍රතිඵලයන් වශයෙන් රාජ්‍ය වියදම් හ...