බැංකු හිඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ සහන. මහ බැංකුවට බලයක් තිබේ ද? රජයේ වගකීම කුමක් ද?
ලිපියේ අරමුණ අද දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී, මහ බැංකුව හරහා බැංකු හිඟ ණය ගැටළුව විසඳා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් නැවත නගා සිටුවීමේ ප්‍රතිපත්තියක් රජය විසින් ඉදිරිපත් කරන ලදි. පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝව මෙතනින් බා ගන්න. (වීඩියෝව) මෙම ලිපියේ අරමුණ වනුයේ, මහ බැංකුවේ නෛතික තත්ත්වය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව එම ප්රතිපතිපත්තිය ඉදිරිපත් කොට ඇති බවත්, එය අසමත් ප්‍රතිපත්තියක් බවත් පෙන්වා දීම යි. පුවත් පත් සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ මූලික කරුනු පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වී බැංකුවලට ණය ආපසු ගෙවීමේ ගැටළුවට මුහුණ පා ඇති ව්‍යාපාරයන්ට ණය ගෙවීම සහ නව ණය ගැනීම සඳහා රජය විසින් සකස් කොට ඇති සහන පැකේජයක් මහ බැංකුවට ඉදිරිපත් කොට ඇති බව. මහ බැංකුව විසින් බැකු වෙත නිකුත් කොට ඇති උපදෙස්වල ඉන් කොටසක් පමණක් අඩංගු බව. මහ බැංකුව යනු ස්වාධීන ආයතනයක් බැවින් ඉදිරියේ දී නැවත මහ බැංකුව සමඟ සාකච්චා කොට රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව. ඉහළ ප්රතිලාභ අපේක්ෂාවෙන් සමහරු විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රමයන්හි මුදල් ආයෝජනය කරන බව ...