Posts

Showing posts from 2024

බැංකු හිඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ සහන. මහ බැංකුවට බලයක් තිබේ ද? රජයේ වගකීම කුමක් ද?

Image
  ලිපියේ අරමුණ  අද දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී, මහ බැංකුව හරහා බැංකු හිඟ ණය ගැටළුව විසඳා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් නැවත නගා සිටුවීමේ ප්‍රතිපත්තියක් රජය විසින් ඉදිරිපත් කරන ලදි. පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝව මෙතනින් බා ගන්න.  (වීඩියෝව) මෙම ලිපියේ අරමුණ වනුයේ, මහ බැංකුවේ නෛතික තත්ත්වය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව එම ප්‍රතිපතිපත්තිය ඉදිරිපත් කොට ඇති බවත්, එය අසමත් ප්‍රතිපත්තියක් බවත් පෙන්වා දීම යි. පුවත් පත් සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ මූලික කරුනු පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වී බැංකුවලට ණය ආපසු ගෙවීමේ ගැටළුවට මුහුණ පා ඇති ව්‍යාපාරයන්ට ණය ගෙවීම සහ නව ණය ගැනීම සඳහා රජය විසින් සකස් කොට ඇති සහන පැකේජයක් මහ බැංකුවට ඉදිරිපත් කොට ඇති බව. මහ බැංකුව විසින් බැකු වෙත නිකුත් කොට ඇති උපදෙස්වල ඉන් කොටසක් පමණක් අඩංගු බව. මහ බැංකුව යනු ස්වාධීන ආයතනයක් බැවින් ඉදිරියේ දී නැවත මහ බැංකුව සමඟ සාකච්චා කොට රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව. ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සමහරු විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයන්හි මුදල් ආයෝජනය කරන බව ...

ශ්‍රී ලංකා ආර්ථිකය IMF ගරාජයේ. දේශීය කාර්මිකයන්ගේ සුදුසුකම් කුමකට ද?

Image
ආර්ථිකය IMF ගරාජයට දැමීම 2022 අප්‍රේල් 8 දින එවක ජනාධිපති විසින් ලෝකයේ ඉහළම ගණයේ IMF ආර්ථික කාර්මිකයන් දෙදෙනෙකු මුදල් අමාත්‍යංශයට සහ මහ බැංකුවට  පත් කරනු ලැබුවේ, මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීමට මුහුණ දෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය ඉන් බේරා රෙපයාර් කිරීම සඳහා ය.  එහෙත්, ඔවුන් දෙදෙනා විසින් කරනු ලැබුවේ, 2022 අප්‍රේල් 12 දින රාජ්‍ය විදේශ ණය පැහැර හැර, ආර්ථිකය කඩා දමා, මහජනයා පාරට දමා, වොෂින්ටන් නුවරට ගොස්, ආර්ථිකය රෙපයාර් කිරීමට IMF ගරාජයට දැමීම යි. ඔවුන්ගේ ආර්ථික කාර්මික ඥානය වූයේ, එවක ආර්ථිකය වට්ටවා, IMF හරහා නැවත ගොඩ නැගීම යි. ඊට පසු ඔවුන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, මාස 4 ක් තුළ පැහැර හැර ඇති ණය ප්‍රතිසකසා, IMF ණය මුදලක් ගෙන, ආර්ථිකය නැවත ධාවනයට පත් කළ හැකි බව යි.  මහජනයා පීඩනයට පත් කොට, IMF ණය මුදල ලැබුණේ 2023 මාර්තු මස ය. පැහැර හරින ලද ඩොලර් බැඳුම්කර ණය ප්‍රතිසැකසීම නිම කළ බවට නිල වශයෙන් වාර්තා වූයේ අද දින ය. විදේශ නිල ණයවල ප්‍රතිසැකසීම පිළිබඳ ව අවසන් නිල නිවේදනය තවමත් නොමැත. එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ, ආර්ථිකය IMF ගරාජයේම රෙපයාර් කෙරේ නම්, දේශීය ආර්ථික කාර්මිකය...

වැල් පාලමේ අයවැය ණය මිත්‍යාව. නූතන අයවැයකින් නව පාලමක් තනා, මහජනයා එතෙර කරමු.

Image
  ලිපියේ අරමුණ මෙම ලිපියේ අරමුණ වනුයේ,  වත්මන් රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය පදනම් වන මහා මිත්‍යාවත්,  වත්මන් ආර්ථික අර්බුදයෙන් මහජනතාව ගොඩ ගැනීම සඳහා එම මිත්‍යාව දුරලා සැබෑ නව අයවැයක් සැකසීමේ අවශ්‍යතාවයත් හෙළි කිරීම යි. එබැවින්, මෙම ලිපිය මගින් නව මාදිලියේ අයවැය පදනම් වූ ආර්ථික කළමනාකරණ එළඹුමක් යෝජනා කෙරේ. අයවැය ණය මිත්‍යාව පිළිබඳ මීට පෙර නිකුත් කළ ලිපිය මෙතනින් බා ගෙන කියවන්න.  (ලිපිය) වත්මන් අයවැය  මතවාදය ලෝකය පුරා රාජ්‍ය අයවැය ලෙස සැලකෙන්නේ, මධ්‍යම රජයේ ඉදිරි වර්ෂයක් සඳහා සැකසෙන විස්තරාත්මක අයවැය ලේඛනය යි. එහි, මධ්‍යම රජයේ ආදායම, වියදම, හිඟය පියවන අරමුදල් සහ ණය ගැනීමේ සීමාව ඇතුළත් වෙයි. කිසිවෙකුත් නොකියවන ඉලක්කම් ලේඛනයන් විශාල සංඛ්‍යාවක් මෙහි අඩංගු වෙයි. බොහෝ අයවැය යනු අයවැය කථාව පමණි. සැබැවින් ක්‍රියාත්මක වන්නේ වෙනත් අයවැයකි. ලෝකය පුරා අනුගමනය කරන අයවැය මතවාදයේ ලක්ෂණ කිහිපයකි. වොෂින්ටන් සම්මුතිය සහ IMF ප්‍රමුඛ ඇමෙරිකානු ආයෝජක දාමය විසින් නියම කොට, ලෝකය පුරා නායකයන් සහ ආර්ථික විද්‍යාඥයන් මානසික අසහනයන්ට පත් වන අයවැය ඉලක්කම් හතරක් පවතී. එනම්, රාජ්‍ය ආදායම, ප...

වී/සහල් සහ විදේශ සංචිත කළමනාකරණය. පාලම හරි ද?

Image
ලිපියෙහි අරමුණ  මෙම ලිපියේ අරමුණ වනුයේ, රජය විසින් මේ දක්වා වර්ෂ 76 ක කාලයක් තිස්සේ සමාජවාදී සහ ධනවාදී යන සියළු ආකාරයේ සංකල්පයන් දරන ජාතික නායකයන් සහ ආර්ථික විද්‍යාඥයන් විසින් කළමනාකරණය කළ,  වී/සහල් සංචිතය සහ විදේශ මුදල් සංචිතය යන සාර්ව ආර්ථික මෙවලම් දෙකින්ම මේ දක්වා රජයන් අසමත් වී ඇති බවත්,  පුරුදු අසමත් ක්‍රමවේදය ඉදිරියටත් අනුගමනය කළ හොත්, රජය ඉදිරියටත් අසමත් වන බවටත් සංකල්පීය නිගමනයක් ඉදිරිපත් කිරීම යි.  සංචිතවල අරමුණ සංචිත යනු යම් භාණ්ඩයකින් හෝ සේවයකින් තොගයක් පවත්වා ගැනීම යි. රජයක් විසින් සංචිත පවත්වා ගැනීමේ අරමුණ, බොහෝ විට ඉල්ලුම් කරුවන්ට හිතකර වන ලෙස භාණ්ඩ හෝ සේවා මිල ගණන් පවත්වා ගැනීම සඳහා වෙළෙඳපොළ කෙරෙහි මැදිහත්වීමේ ප්‍රතිපත්ති මෙවලමක් ලෙස ය.  වී/සහල් සහ විදේශ සංචිතයන් සාර්ව ආර්ථික මෙවලම් ලෙස දැක්වූයේ, වී/සහල් සහ විදේශ මුදල් වෙළෙඳපොළ සහ මිල ගණන්වල ඇති ව්‍යුහාත්මක ආර්ථික වැදගත්කම හේතුවෙනි. දෙකම එක සේ වැදගත් ය. එය අවබෝධයට ආර්ථික විද්‍යා න්‍යායන් සහ ඉලක්කම් අවශ්‍ය නොවේ. එය මෑත කාලයේ දී රටේ වී/සහල් සහ ඩොලර් මිල ගණන් සහ ඉන් මහජනයා මුහුණ දෙන අමාරුකම්වලින් මනා...

විප්ලවකාරී දේශීය සැපයුම් ආර්ථිකයක්. ඊළඟ මහ මැතිවරණ සටන් පාඨය ද?

Image
  ලිපියේ අරමුණ  මෙම ලිපියේ අරමුණ වනුයේ, ඊළඟ මහ මැතිවරණ සඳහා දේශපාලනික සටන් පාඨය ලෙස 2015 වර්ෂයට පෙර මෙන් ආර්ථිකයෙහි සැපයුම් අංශය විප්ලවකාරී ලෙස නැවත නගා සිටුවීමේ තේමාවක සහ නායකයකුගේ කාලීන අවශ්‍යතාවය පෙන්වා දීම යි. එබැවින්, මෙය හුදෙක් සංකල්පීය ලිපියකි. එම අවශ්‍යතාවය පැන නැගී ඇත්තේ, 2015 සිට අනුගමනය කෙරෙන IMF සහ විදේශ වෙළෙඳපොළ ණය හරහා ආනයන මත පදනම් වූ ආර්ථිකයෙහි ඉල්ලුම් අංශය පාලනය කිරීමේ දේශපාලනික ප්‍රතිපත්තියට ඉදිරියේ දී දැඩි මහජන විරෝධය පළ වන බැවිනි. පසුගිය රජය පරාජය වූයේ ද, එම විරෝධතාවයෙහි ආරම්භය ලෙස ය. ඊට හේතුව, වත්මන් නව රජය විසින් මැතිවරණ වේදිකාවේ දී දේශීය නිෂ්පාදන සහ සැපයුම් ප්‍රවර්ධන අදහස් සහ පොරොන්දු දුන්න ද, බලයට පත් වූ විගස නව රජය ද IMF ඉල්ලුම් පාලන මතවාදයට හසු වී ඇති බැවිනි. දේශීය සැපයුම් ආර්ථිකය ප්‍රවර්ධනය - අතීත රාජ්‍ය ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට 2015 දක්වා රාජ්‍ය ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිවල ප්‍රමුඛත්වය දෙනු ලැබුවේ, දේශීය සම්පත් උපයෝජනය හරහා නිෂ්පාදනය සහ සේවා නියුක්තිය ඉහළ නැංවීම සහ එමගින් මහජනයා ප්‍රාථමික දුප්පත් ජීවන තත්ත්වයේ සිට ක්‍රමයෙන් ඉහළ ජීවන ත...

වැඩි දියුණු කළ මුදල් මුද්‍රණය. කාගේ යහපතට ද? පොදුජනයාට විකල්පයක් නැත් ද?

Image
  ලිපියෙහි අරමුණ සහ පසුබිම  මෙම කෙටි ලිපියෙහි අරමුණ, මහ බැංකුව විසින් පසුගිය නොවැම්බර් 27 දින ඉදිරිපත් කළ වැඩි දියුණු කළ නව මුදල් ප්‍රතිපත්ති මොඩලය කිසිම නවතාවයක් නොමැති එතෙක් පැවති මොඩලයම බව තහවුරු කිරීම යි. එහි පසුබිම මෙසේ ය. මහ බැංකුව විසින් මෙය මැලේසියාවේ මුදල් ප්‍රතිපත්තියට සමාන බව දැක්වීය. එහෙත්, එය අසත්‍යයක් බව මා විසින් මැලේසියාවේ මුදල් ප්‍රතිපත්තිය පසුගිය ලිපියෙන් ඉදිරිපත් කිරීමෙන් පැහැදිළි කරන ලදි. එම ලිපිය මෙතනින් බා ගෙන කියවන්න . තව ද, මහ බැංකුව විසින් දැක්වූයේ, මෙම නව ප්‍රතිපත්තිය හේතු කොට වත්මන් ආර්ථිකය මුහුණ දෙන සියළු ප්‍රශ්න විසඳී, ආර්ථිකය ස්ථායිකරණය වන බව යි. ඒ පිළිබඳ ව අගය කෙරෙන විවිධාකාර පුවත් මාධ්‍යය සිසාරා පළ වන ලදි. සමහර ආර්ථික විද්‍යඥයන් විසින් මෙම නව මුදල් ප්‍රතිපත්තිය, මෙතෙක් ලොව පහළ වූ නවීන විද්‍යාවක් ලෙස ප්‍රශංසා කරන ලදි. එහෙත්, එම අදහස් සියල්ල පදනම් විරහිත බවට මෙම ලිපියෙන් කරුනු ඉදිරිපත් කෙරේ. මෙම ලිපිය ආර්ථික විද්‍යාව අ.පො.ස.උ.පෙළ සහ උපාධි අපේක්ෂකයන්ට සහ ගුරුවරුන්ට මුදල් ප්‍රතිපත්ති පාඩම යාවත්කාලීන කර ගැනීමට ද උපකාරී වෙයි. සමස්තයක් වශයෙන්...