රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කොට, දිට්වාවට වියදම් කරමු. IMF රාජ්‍ය මූල්‍ය සීමාවන්ගෙන් බේරෙමු.
ලිපියේ අරමුණ මෙම ලිපියේ අරමුණ වනුයේ, දිට්වා ආර්ථිකය ගොඩ නැගීම සඳහා ඉදිරියේ දී දැරීමට සිදු වන අතිවිශාල රාජ්‍ය වියදම් පියවීමට හැකි වන ලෙස රාජ්‍ය දේශීය ණය නැවත ප්‍රතිව්‍යුහගතකරණ ලෙස යෝජනා කිරීම යි. ඊට හේතුව, 2023/24 දී විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණයට අනුකූල ලෙස සිදු කළ දේශීය ණය ප්‍රශස්තකරණය දිට්වා සුළි සුළඟ හේතු කොට අවතැන් වීම යි. එබැවින්, මෙම යෝජනාව තුළින් IMF නව ලිබරල් ක්‍රමවේදය තුළම ආර්ථිකය නැවත ගොඩ නැගීමට උත්සාහ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. ලිපියේ පසුබිම දිට්වා ස්වාභාවික විපතින් පසු නැවත එවැනි විපතකින් බේරීම සඳහා දේශපාලන නායකයන් සහ විද්වතුන් විසින් ඉදිරිපත් කරන අදහස් අනුව ඉදිරි වසර කිහිපය තුළ ආර්ථිකය සහ ජන ජීවිතය නැවත සැකසීම අවශ්‍ය වනු ඇත. සමහරුන්ට අනුව ඉංග්‍රීසි පාලන සමයේ සිට මෙතෙක් ලබා ඇති ආර්ථික සහ පොදුජන සංවර්ධනය ස්වභාව ධර්මයට එරෙහි වූ තිරසාර නොවන සංවර්ධනයකි. මෙය ද අතිවිශාල රාජ්‍ය වියදම් සහ ණය ප්‍රසාරණයක් මත අත්කර ගෙන ඇත. එබැවින්, යෝජනා කෙරෙන පරිදි දිට්වා හානි පූරණය ඇතුළු නව නගර, යටිතල පහසුකම්, වගා, කර්මාන්ත, ගොඩනැගිලි, අපදා කළමනාකරණ ව්‍යාපෘති සඳහා අතිවිශාල ප්‍රමාණයක රාජ්‍ය ව...