Posts

වයස 72 දී ආර්ථිකය සමඟ ඝාතනය වන මහ බැංකුව - පරීක්ෂණයක් නැත් ද?

Image
මෙම ලිපියේ අරමුණ වන්නේ දැනට පාර්ලිමේන්තුවේ ඇති නව මහ බැංකු පනත මගින්  ආර්ථිකය සමඟ  මහ බැංකුව ද ඝාතනය වීමට ඇති අවදානම ඉදිරිපත් කිරීම යි.  ඊට හේතුව, ආර්ථික අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස ආර්ථිකයක මුදල් ක්‍රමය/අංශය නියාමනයට මහ බැංකුව අසමත් වන විට, ආර්ථිකයේ මූර්ත අංශය හෙවත් නිෂ්පාදන අංශය ද අර්බුදයට ලක් වන බැවිනි. වත්මන් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සහ ආර්ථික පදනම  වත්මන් ශ්‍රී ලංකා මහ මහ බැංකුව 1950 අගෝස්තු මස දී පිහිටු වන ලද්දේ, 1949 මුදල් නීති පනත මගිනි. එම පනත මගින් ශ්‍රී ලංකාවේ මුදල් වටිනාකම් ඒකකය ලෙස රුපියලත්, නෛතික ගෙවුම් මාධ්‍යය ලෙස රුපියල් කාසි සහ නෝට්ටු සහ රුපියල් ඉල්ලුම් තැන්පතුත් මත පදනම් වූ දේශීය මුදල් ක්‍රමය ස්ථාපිත කොට, එය දේශීය ආර්ථිකයට යෝග්‍ය ලෙස පාලනය කිරීම සඳහා මහ බැංකුව පිහිටු වන ලදි. එසේම, මහ බැංකුවේ පාලනය මුදල් මණ්ඩලයට පවරන ලදි. ඒ අනුව ස්ථාපිත කරන ලද මුදල් ක්‍රමය මුදල්, ණය සහ වාණිජ බැංකුවලින් යුක්ත වන අතර මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු අධීක්ෂණය හරහා එය පාලනය කිරීමේ වගකීම මහ බැංකුවට පැවරිණ. මෙහි දී, ආර්ථිකයේ මුදල් පරිමාව, ණය ව්‍යාප්තිය සහ ප්‍රසාරණය සහ ව...

රාජ්‍ය ණයට දේව සාපයක් ද? ණය ප්‍රතිසැකසුම තවත් සාපයක් ද?

Image
මේ දිනවල මහ බැංකු අධිපති විසින් රාජ්‍ය ණය ප්‍රතිසැකසීම පිළිබඳ ව කෙරෙන නිර්භීත අදහස් ඇසෙන විට, මට හැඟෙන්නේ රාජ්‍ය ණයට දෙවියන්ගේ සාපය වැදුනා ද? යන්නය. ඊට හේතුව, පසුගිය දශක එක හමාරක පමණ කාලයක් පුරා, මහ බැංකුවේ විදේශ සංචිතය ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වා ගැනීම රාජ්‍ය ණය හරහා කිරීමත්, භාණ්ඩාගාර නිලධාරීන් විසින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මහ බැංකුව සපයා දෙන මුදල් භාවිතා කිරීමත් යන අමානුෂික වැරදි ය. එය "බල්ලන් මරා හෝ මුදල් ලැබෙනව නම් කමක් නැත" යන උපමාවට ගැලපෙයි. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, මහ බැංකුව විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නීති විරෝධී ලෙස රාජ්‍ය ණය කළමනාකරණය කිරීම තුළින් වත්මන් රාජ්‍ය ණය පැහැර හැරීමේ අර්බුදය හට ගත් බවට තාක්ෂණික අදහසක් ඉදිරිපත් කිරීම යි. මහ බැංකු රාජ්‍ය   ණය ක්‍රමෝපාය  ස්වෛරිත්ව බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුව නිකුත් කරනු ලැබුවේ, රාජ්‍ය ණය විනය සහ උපයෝජන කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කරමින් නොව, පොලී අනුපාතයන් සහ විනිමය අනුපාතයන් මහ බැංකුවට රිසි ලෙස පාලනය කිරීම සඳහා වූ මූල්‍ය ප...

2023 මාර්තු IMF ගිවිසුම - 1815 මාර්තු උඩරට ගිවිසුම නූතන වේශයකින් පැමිණීමක් ද? (I කොටස)

Image
පසුගිය මාර්තු 21 දින ශ්‍රී ලංකා රජය විසින් රහසේ එකඟ වී, IMF විසින් අනුමත කොට ක්‍රියාත්මක කරන ලද ණය ගිවිසුම පිළිබඳ පුවත, රට පුරා කිරිබත්, රතිඤ්ඤා සහ ට්විටර් පණිවුඩ හරහා සැමරූ බවත්, රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් එය දැනට බංකොලොත් වී ඇති ජාතියේ ගැලවුම්කරු ලෙස හඳුන්වමින් IMF වෙත ප්‍රණාමය පුද කළ බවත්, ශ්‍රී ලංකා නව ඉතිහාසයේ සටහන් වී ඇත.  මෙම ගිවිසුමේ විශේෂත්වය වනුයේ, 1965 සිට IMF ගිවිසුම් 16 ක් අත්සන් කළ ද, ඒ බව එය අත්සන් කළ අය හැර වෙනත් කිසිවෙකු දැන නොසිටිය ද, මෙම ගිවිසුම දේශපාලන නායකයන් ඇතුළු බොහෝ මහජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වීම යි. මෙය ද තවත් IMF ගිවිසුමක් බැවින් ඉන් ජාතියට ඇති වැදගත්කම හෝ  බලපෑම තීරණය වන්නේ ගිවිසුමේ ඇති කොන්දේසි ක්‍රියාත්මක වන විට ය. එහෙත්, IMF ගිවිසුම සමරන බොහෝ දෙනෙකුට එම කොන්දේසි හෝ ඉන් ජාතියට ලැබෙන අනාගත හොඳ නරක හෝ පිළිබඳ ව නිසි අවබෝධයක් තවම නොමැති බව රහසක් නොවේ. 1815 උඩරට ගිවිසුම ද එකල දේශපාලන නායකයන් සහ මහජනතාව විසින් හිස මුදුණින් පිළි ගෙන සමරන ලදි. ඊට හේතුව ලෙස, එම ගිවිසුම මගින් බ්‍රිත්‍යයන් විසින් එවක උඩරට රාජධානිය පාලනය කළ කෘර රජුගෙන් ඔවුන් මුද...

මහ බැංකු පොලී වෛරසයේ නව ප්‍රභේදය බැංකු අර්බුදයක් ද? තැන්පතු මුදල්වල ආරක්ෂාව කුමක් ද?

Image
  මේ දිනවල දියුණු වෙළෙඳපොළ ආර්ථිකයන් පවතින සංවර්ධිත රටවල් ඇතුළු ලෝකය පුරා ඉදිරියේ දී බැංකු අර්බුදයන් හට ගත හැකි බවට, මූල්‍ය විද්වතුන් විසින් නිරන්තරයෙන් අනතුරු ඇඟවීම කෙරේ. එහෙත්, මහ බැංකු සහ මුදල් බලධාරීන් විසින් පවසන්නේ, බැංකු පද්ධතිය ශක්තිමත් ( Strong ) බවත්, එය ආතතීන්ට ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්ත ( Resilient ) බවත් ය. අතීත බැංකු අර්බුදයන් දෙස බැලීමේ දී, අර්බුදයන්ට පෙර එවැනි ප්‍රකාශයන් කිරීම ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම යි. මෙම අනතුරු ඇඟවීම්වලට මූලික හේතුව, 2022 වර්ෂය ආරම්භයේ සිට මහ බැංකු විසින් වේගයෙන් පොලී අනුපාතයන් ඉහළ දමමින්, ණය සහ මුදල් ප්‍රසාරණය පහළ දැමීමට ක්‍රියා කිරීම තුළින් බැංකු ව්‍යාපාරික කටයුතු කෙරෙහි ඇති වෙමින් පවතින ආතතීන් සහ කම්පනයන් ය. දශක හතරකින් පසු මුහුණ දෙන අධිඋද්ධමනය පාලනය කිරීම සඳහා එසේ කෙරෙන බව සෑම මහ බැංකුවක් විසින් උදේ සවස ජප කරන මන්ත්‍රය වී ඇත. එබැවින්, මේ කෙටි ලිපියේ අරමුණ වන්නේ, මහ බැංකු විසින් නිසි දැනුවත් බවකින් ක්‍රියාත්මක කෙරෙන මෙවැනි මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට බැංකු අර්බුදයට පත් වීමේ දී, බැංකු තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම ද මහ බැංකු සහ රජයන්ගේ වගක...

IMF ණය සතුට - සුපුරුදු විදේශ මුදල් සූදුවට නැවත යාමේ සුදානමක් ද?

Image
පසුගිය 21 දින IMF විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් අනුමත කළ බවටත්, එහි මුල් වාරිකය වන ඩොලර් මිලියන 333 ක පමණ මුදල ඉදිරි දින කිහිපය තුළ ලැබෙන බවටත් වූ උණුසුම් පුවත  ශ්‍රී ලංකාවේ අගනගරය මෙන්ම ගම් නියංගම් පුරා ව්‍යාප්ත විය. එහි ඉතා දුක්මුසු පුවත වූයේ, සමහර මහජන කොටස් විසින් කිරිබත්, රතිඤ්ඤා සහ ට්විටර් පණිවිඩ සංග්‍රහ පවත්වමින් එය සැමරීම යි.  ඉන් බොහෝ දෙනෙකු IMF හෝ IMF ණය මුදල පිළිබඳ ව හෝ ඉන් දැනට කඩා වැටී තිබෙන ආර්ථිකයට ලැබෙන සැබෑ සෙත පිළිබඳ ව හෝ කිසිවක් දන්නා අය නොවේ. එසේම, මේ පිළිබඳ ව සැබෑ තතු හොඳින් දන්නා ඉහළ පෙළේ දේශපාලනික නායකයන් සහ මහජන ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ද අදහස් දැක්වූයේ, IMF ණය මුදල යනු වත්මන් ආර්ථික අර්බුදයෙන්  ශ්‍රී ලංකාව බේරා ගෙන, ඉදිරියේ දී ලෝකයේ ධනවත් රටක් වීමට අවශ්‍ය දේව වරම ලැබීමක් ලෙස ය. මෙහි පුදුමය වන්නේ ගෝලීය මට්ටමේ සමහර ආර්ථික විද්‍යාඥයන් පවා මෙම IMF ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන අමෘතය ලෙස දැක්වීම යි. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, IMF හෝ IMF ණය මුදල ගැන තාක්ෂණික අදහස් ඉදිරිපත් කිරීම නොව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකය...