Posts

මහ බැංකු අධිපති විසින් විකල්ප යෝජනාවන් ඉල්ලන්නේ ඇයි? තම ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක ද?

Image
  පසුගිය දා විද්වත් දේශනයක දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරනු ලැබූ අදහස් ඇතුලත් කෙටි වීඩියෝවක් මාධ්‍යයෙහි සංසරණය විය . එහිදී , වත්මන් අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳ ව ඔහු විසින් දැක් ‌ වූ අදහස් කිහිපයක සාරාංශය පහත දැක්වෙයි . මෙම ලිපියේ අරමුණ එම අදහස් පිළිබඳ ප්‍රතිචාරයක් ඉදිරිපත් කිරීම යි. මහ බැංකු අධිපතිගේ අදහස් ආර්ථිකය නැවත ප්‍රකෘති වී අහිමිවූ නිෂ්පාදනය නැවත ලබා ගැනීම සඳහා කොතරම් කාලයක් ගත වන්නේ ද ? යන්න තීරණය වන්නේ , වැදගත් යැයි හඳුනා ගත් ප්‍රතිසංස්කරණයන් බලධාරීන් විසින් කොතරම් සාර්ථකව ක්‍රියාත්මක කරන්නේ ද ? යන්න මත බවත් , ඒ සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව ආර්ථිකය ස්ථාවර කොට ඉදිරියට ගෙන යාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් නොලැබෙන බව . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් , ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් අරමුදල් අපට ලබා ගත හැකි වුවත් , එය තාවකාලික සහනයක් පමණක් බවත් , වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක නොකළහොත් නැවතත් එම චක්‍රයට පිවිසීම වැලැක්විය නොහැකි ...

බදු ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික මෝක්ෂය - මහ බැංකු අධිපති ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකට පවසයි.

Image
  වත්මන් ආර්ථික තත්ත්වය සහ බදු සංශෝධනය පිළිබඳ ව මහ බැංකු අධිපතිවරයා සමඟ සිදු කළ විශේෂ සාකච්ඡාව නම් වූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක විසින් මෙහෙයවන ලද නිල මාධ්‍ය වීඩියෝවක් මෑත දී යූ ටියුබ් හරහා සංසරණය වී ඇත. "බදු නැංවීම පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් කළ විශේෂ හෙළිදරවුව මෙන්න" ලෙස එය යූ ටියුබ් විසින් හඳුන්වා දී ඇත. එම වීඩියෝව දුටු විගස මට නිතැතින්ම සිහියට නැගුනේ වත්මන් මහ බැංකු අධිපති වෙත වර්ෂ 6 ක නව නිල කාලයක් සඳහා පත් කිරීමට මාසයකට පමණ පෙර මැයි මස 28 දින පෙරවරුවේ ඔහු විසින් මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු සමඟ එවක ජනාධිපති වරයා හමු වී කරන ලද සාකච්ඡාව පිළිබඳ ව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එදින සවස 3.48 ට කරනු ලැබූ විශේෂ නිල නිවේදනය යි. එහි මහ බැංකු අධිපති විසින් පහත කරුණු ජනාධිපති වරයා වෙත දැන්වූ බව සඳහන් විය. ඔහු විසින් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව සඳහන් කළ බව. උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක...

ආර්ථික අර්බුදය එන බව මහ බැංකුව නොදැක්කේ ඇයි? විමර්ශනය කරමු.

Image
එංගලන්තය සහ ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල හට ගත් 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය පිළිබඳ ව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පැවති විද්වත් සම්මන්ත්‍රණයකට සහභාගී වූ එලිසබත් රැජින විසින් එහි සිටි මහාචාර්ය වරුන්ගෙන් විමසුවේ " අර්බුදය එන බව නොදැක්කේ ඇයි ද?" යන්නය. ඊට වගකිව යුතු පිළිතුරක් දීමට එහි සිටි සම්භාවනීය මහාචාර්ය වරුන්ට නොහැකි වූ බැවින් එය අධ්‍යනය කොට වාර්තා කිරීම සඳහා ආර්ථික පර්යේෂණ කණ්ඩායමක් පත් කරන ලදි. එබැවින්, එම ප්‍රශ්නයම ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන්ගෙන් ද ඇසීමේ අසාධාරණයක් නොමැත. ඊට හේතුව, මේ දිනවල පොදුජනතාව මුහුණ දෙන ඓතිහාසික ආර්ථික අර්බුදය පිළිබඳ ව අදාළ රාජ්‍ය අධිකාරීන් සහ විවිධ විද්වත් පිරිස් විසින් විවිධ පුද්ගලයන්ට සහ රජයන්ට දොස් පැවරීම යි. සමහරු 1977 සිට අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට ද, තවත් සමහරු පසුගිය රජයට ද දොස් පැවරේ. එම පිරිස් අතර ආර්ථික අර්බුදය කලින් හඳුනා ගෙන, එය වැලැක්වීමට ක්‍රියා කළ යුතුව තිබූ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයන් ද සිටිති. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති නීති සමුදාය දෙස බලන විට, අදාළ අධිකාරීන් විසින් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කළේ...

ආර්ථික අර්බුදය මානව හිමිකම් උල්ලංඝණයක් ද? චුදිතයන්ට දඩුවම් දීමට නීතිමය පදනමක් තිබේ ද? පරීක්ෂා කරමු.

Image
මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පොදුජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටීමේ සිද්ධිය මානව හිමිකම් උල්ලංඝණය විෂයට ඇතුල් කිරීමත්, ආර්ථික අර්බුදයට හේතුව ලෙස රාජ්‍ය දුෂණය ඇතුලත් ආර්ථික අවකළමනාකරණය සැලකීමත්, ආර්ථික අර්බුදය වැලැක්වීමට ක්‍රියා කළ යුතුව තිබූ ප්‍රතිපත්ති සම්පාදකයන්ට එරෙහිව ආර්ථික අපරාධ කරුවන් ලෙස සලකා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමත් පිළිබඳ යෝජනා හෝ අදහස් ඉදිරිපත් කළ බවට වාර්තා වෙයි. මෙය මානව හිමිකම් හරහා රටේ සාර්ව ආර්ථික කළමනාකරණය කෙරෙහි ගෝලීය භූදේශපාලනය ඍජුව මැදිහත් වීමේ නව මාවතක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව, ඇමෙරිකාවේ සහ යුරෝපයේ 2007/09 මූල්‍ය අර්බුදය තුළින් හට ගත් ආර්ථික අර්බුදය හෝ වෙනත් රටවල කලින් කළට ඇති වූ ආර්ථික අර්බුදයන් හේතු කොට වර්ෂ ගණනාවක් පුරා ව්‍යාපාරයන් බංකොලොත් වීම සහ නිවාස සහ රැකියා අහිමි වීමෙන් අවතැන් වූ ජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටීම සැලකිල්ලට ගෙන එම රටවල රාජ්‍ය අධිකාරීන්ට එරෙහිව ආර්ථික අපරාධ චෝදනාවන් එල්ල කිරීමක් සිදු නොවීම යි. එසේම, ඇමෙරිකාවේ සහ යුරෝපයේ දැනට දශක හතරකින් පසුව මුහුණ දෙන ඉහළම උද්ධමන පීඩනය හේතු කොට පො...