Posts

IMF ලෝක බැංකු වසන්ත රැස්වීමට යාමෙන් ශ්‍රී ලංකාවට ඵලක් වෙයි ද?

Image
IMF ලෝක බැංකු වසන්ත රැස්වීමට (Spring Meetings)යාමෙන් ලංකාවට ඵලක් වෙයි ද ? ( III කොටස) 05.05.2022 ප සුගිය අප්‍රේල් 18-22 කාලය තුළ මුදල් ඇමති , භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට සීග්‍ර මූල්‍ය උපකරණය යටතේ හදිසි ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා කිරීම සඳහා IMF ගිය බවත් , එම ණය ලබා ගැනීම සඳහා ඉන්දියානු මුදල් ඇමතිනියගේ විශේෂ අනුග්‍රහය ලැබූ බවත් මාධ්‍යය  විසින් පුන පුනා වාර්තා ලදි. සමහර මාධ්‍ය වාර්තාවන් දැක්වූයේ එම ණය සඳහා ඉන්දියාව ඇප වන බවත් ය.  IMF කළමනාකරණ අධ්‍යක්ෂක තුමිය සහ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක තුමිය සමඟ මුදල් ඇමති විසින් පැවැත් වූ ආචාර කිරීමේ හමුවීම් ද එම ණය ලබා ගැනීම සඳහා පැවැත් වූ රැස්වීම් ලෙස වාර්තා විය. ඒ හැර , ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා ඇගයීම භාරව සිටින IMF නිලධාරී කණ්ඩායම හමු වී ද ? යන්න කිසිම වාර්තාවක් පළ වූයේ නැත. මේ අතර ඉන්දියානු මුදල් අමාත්‍යංශය විසින් අප්‍රේල් මස 19 දින ට්විටර් පණිවිඩයක් හරහා දැක්වුයේ වසන්ත රැස්වීමට සහභාගී වන අතරතුර පැත්තක දී , එදින ඉන්දියානු මුදල් ඇමතිනිය විසින් ශ්‍රී ලංකා මුදල් ඇමති හමු වී , ...

විදේශ ණය පැහැර හැරීම - වැරදිකරු කවුද? දඩුවමක් තිබේ ද?

Image
  IMF විසින් මාර්තු මස 25 දින ශ්‍රී ලංකාව පිළිබඳ ව තම ආර්ටිකල් IV ඇගයුම් වාර්තාවෙන් නිර්දේශ කරනු ලැබුවේ ශ්‍රී ලංකා රාජ්‍ය ණය තත්ත්වය තිරාසාර හෝ යාවජීව නොවන බව යි. මෙය IMF ඇගයුම් වාර්තාවල නව නිර්දේශයක් නොවේ. රාජ්‍ය ණය තිරාසාර නොවීම යනු ණය සේවාකරණය හෙවත් පොලිය සහ ණය වාරික ගෙවීම දුෂ්කර තත්ත්වයක පැවතීම යි. එය වත්මන් රාජ්‍ය ආදායම් තත්ත්වය සහ නව ණය ගැනීමේ හැකියාව දුර්වල වීම හේතු කොට හට ගෙන ඇත. එය අද ඊයේ නොව පසුගිය දශක කිහිපය පුරා සිදු වූ දෙයකි. බැංකු සහ මූල්‍ය ව්‍යාපාරයන් කඩා වැටෙන්නේ ද ඔවුන්ගේ ණය තත්ත්වයේ තිරාසාර භාවය ක්‍රමයෙන් හීන වී යාමෙනි. එහෙත් , මෙවර මෙම IMF නිර්දේශය රටේ පවතින දැඩි අස්ථායී තත්ත්වයෙන් වාසි ලබා ගැනීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණයට පසුගිය දශක දෙක තුළ ක්‍රියාකාරී ලෙස සහභාගී වූ සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් ද   ආර්ථික සටන් පාඨයක් ලෙස දේශපාලනික වේදිකාවට එක් කොටස් ඇති බව දැකිය හැකිය. 2015 පෙබරවාරි සිට 2017 අගෝස්තු මස තෙක් එයට යම් දායකත්වයක් දැක්වීමට මට ද විරල අවස්ථාවක් ලැබුණ අතර මෙම කෙටි ලිපිය එම අත්දැකිම් ස්වල්පයක් මත පදනම් වෙයි. ජාත්‍යන්තර ණය උපදේශකයන් පත් කිරීම...