කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය නිෂ්ඨාවට සුව කෙරෙන රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් කිරීමේ මූලධර්මයන් අවබෝධ කර ගනිමු - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - IV කොටස
( මෙම ලිපි කලාපයෙහි අරමුණ වනුයේ සම්මතවාදී ආර්ථික විද්‍යා න්‍යායන්ට කොටු නොවී , මෙම අවස්ථාවේ පවතින ගෝලීය කොරෝනා ආර්ථික වසංගතය වැනි කලින් කලට හට ගන්නා ආර්ථික කම්පනයන්ගෙන් පොදුජනතාව ආරක්ෂා කරමින් , ඔවුන්ගේ ජීවන තත්ත්වය අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා ගෝලීය ආර්ථිකයක් තුළ සම්පත් රැස්කිරීම සහ උපයෝජනය කිරීමේ නව්‍ය ක්‍රමවේදයන් සෙවීම පිණිස ආර්ථික විද්‍යා ගුරුවරුන් සහ සිසුන්ගේ ආර්ථික දැනුම වර්ධනය කිරීම යි. එබැවින් , පහසු අවබෝධය සඳහා ආර්ථිකයක් මිනිස් ශරීරයට උපමා කොට කලින් කලට හට ගන්නා ආර්ථික ප්‍රශ්නයන් යනු ආර්ථිකයේ විවිධ වෙළෙඳපොළ අවයවවල හට ගන්නා ආසාදනයන්ගේ රෝග ලක්ෂණයන් ලෙස සලකා එම රෝග නිධානයන් සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාරයන් කළ යුතු ආකාරය මෙහිදී විග්‍රහ කෙරේ. මෙම ලිපිය එහි IV වන ලිපිය යි.) මෙම ලිපි කලාපයේ III ලිපියෙන් කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය කුමක් ද ? යන්න සහ එයට ප්‍රතිකාර කිරීම සඳහා නව පරීක්ෂණ දත්ත සහ නව රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිකාර වට්ටෝරු අවශ්‍ය බව ඉදිරිපත් කරන ලදි. එහිදී , මුදල් යනු ආර්ථික ඉන්ද්‍රියයන් සහ ශරීරය ක්‍රියාත්මක කෙරෙන රුධිරය බවත් , කොරෝනා වෛරස් ආර්ථික ආසාත්ම...