පොදුජන ආර්ථිකය බංකොලොත් කළ ස්වෛරීත්ව බැඳුම්කර (ISB) උගුලෙන් ගොඩ ඒමට හැකි ද?
මේ දිනවල දැඩි දේශපාලනික වාද විවාදවලට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ ඉදිරියේ දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ( International Sovereign Bonds ) ආපසු ගෙවීමට රජය විසින් මුහුණ දෙන මුදල් හිඟය යි. එය දෙයාකාර වෙයි. එනම් , මහ බැංකුව සතු විදේශ සංචිතය හීන වීම හේතු කොට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත නොමැති වීමත් , ඩොලර් කෙසේ හෝ සංචිතයට සපයා ගත්ත ද, ඒ සඳහා ගෙවීමට රජයට රුපියල් අරමුදල් හිඟ වීමත් ය. එබැවින්, පසුගිය ජනවාරි මස 18 දින අඛණ්ඩ රාජ්‍ය ණය ගෙවීමේ මානසික වාර්තාව පවත්වා ගැනීම සඳහා ඉතා අමාරුවෙන් ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවා දැමීම තුළින් පොදුජන ආර්ථිකය බංකොලොත් භාවයට දැමූ බව නොරහසකි. ආර්ථිකයේ හුස්ම පවත්වා ගැනීම සඳහා එය ජාත්‍යන්තර සම්මතයන් අනුව ප්‍රතිව්‍යුහගත කරන ලෙස ආර්ථික වියතුන් විසින් ඉල්ලා සිටිය ද, රාජ්‍ය ණය කළමනාකරු සහ නිල මූල්‍ය උපදේශක වන මහ බැංකුව විසින් එය නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරන ලදි. තවත් ඩොලර් මිලියන 1,000 ක බැඳුම්කරයක් පොලිය සමඟ එන ජූලි මාසයේ දී ගෙවීමට නියමිතය. මෙහිදී, අඛණ්ඩ රාජ්‍ය ණය ගෙවීමේ මානසික වාර්තාව බිඳීමට සි...