Posts

Showing posts from December, 2025

සුළි කුණාටුවෙන් අවතැන් වූ රාජ්‍ය මුදල් බලය? මිථ්‍යා ආධාර මානසිකත්වය දුරලමු. රාජ්‍ය මුදල් බලය සහ රට එකට ගොඩ ගනිමු.

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම  පසුගිය නොවැම්බර් 27-30 කාලය තුළ පැවති සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් වෙත සහන සැලසීම සහ එම පිරිස් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නය, හුදෙක් බාහිර මුදල් ආධාර මත සිදු කිරීමට රජය සැලසුම් කරන බව පෙනේ.  ඒ බව, ඊට පහසුකම් සැලසීම සඳහා දේශීය මුදලින් සහ විදේශීය මුදල්වලින් ආධාර මුදල් රැස් කිරීම පිණිස රජය විසින් පසුගිය නොවැම්බර් 29 දින බැංකු ගිණුම් 07 ක් ප්‍රසිද්ධ කරන ලද දැන්වීමෙන් ගම්‍ය වෙයි. ඊට සියළුම පුද්ගලයන්, සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාවන් දක්වන ත්‍යාගශීලිත්වයට සහ සහයෝගයට රජයේ අවංක ස්තුතිය ද පිරිනමන ලදි (එම නිවේදනය මෙතනින් කියවන්න) (නිවේදනය) . ඊට පෙර දින රජය විසින් දැනටමත් රුපියල් බිලියන 31.2 ක රාජ්‍ය මුදල් ප්‍රතිපාදනයක් ආපදා සහන සේවා සඳහා වෙන් කොට ඇති බව ප්‍රකාශ කරන ලදි. කුණාටුවෙන් සිදු වී ඇති ජාතික විනාශය පිළිබඳ ව ඇසට පෙනෙන තොරතුරු දෙස බලන විට, මෙම රුපියල් බිලියන 31.2 ක මුදල ඉතා සොච්චමකි. එබැවින්, රජය විසින් ප්‍රජාවන් නැවත නගා සිටුවීම සඳහා දේශීය සහ විදේශීය මුදල් ආධාර ඉල්ලා ඇති බව පෙනේ. දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ මුදල් ආධාර විශේෂයෙන් ඉල්ලා ඇ...