Posts

Showing posts from November, 2025

දිත්වා සුළි කුණාටුවෙන් ඔබ්බට, ආර්ථික කුණාටුව. ආර්ථික කුණාටු කළමනාකරණට මෙවලම් සුදානම් කරමු.

Image
පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිත වායු ගෝලයේ හට ගත් වායු කැළඹිලි ස්වභාවය පසුව අවපීඩනය, පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතය සහ සුළි කුණාටුවක් බවට පත් වී, දැනට ශ්‍රී ලංකා ජන ජීවිතයට ඇති කෙරෙන බලපෑම පිළිබඳ තොරතුරුවලින් ජන මාධ්‍යය පිරී පවතී. එසේම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉතා කාර්යක්ෂම කාලගුණ පුරෝකථනයන් සිදු කොට ඇති බව ද වාර්තා වෙයි.  වායු අවපීඩන තත්ත්වය සහ හදිසි වැසි පිළිබඳ ප්‍රථම නිශ්චිත කාලගුණ පුරෝකථනය නිකුත් වූයේ පසුගිය 12 දින (නොවැම්බර්) ය. සුළි කුණාටු තත්ත්වය පතිත වූයේ 27 දින සවස ය. එහි රුදුරු බලපෑම 29 දින අවසානය තෙක් සිදු විය. එය, හෙට දින (30 දින) වන විට ශ්‍රී ලංකාවෙන් ඉවත් වී ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තිරයට ලඟා වන බවත්, ඊට පසුව දිවයිනේ වැසි කාලගුණයේ සැලකිය යුතු පහළ යාමක් 30 දින සිට බලපොරොත්තු වන බවටත්, කාලගුණ පුරෝකථනයක් දැනට නිකුත් වී ඇත. එහෙත්, එම පුරෝකථනයන් මත ආපදා කළමනාකරණ පෙර සූදානමක් සිදු වී නොමැති බව සුළි කුණාටුව පැතිරී ගිය ආකාරයෙන් පැහැදිළි වෙයි. සුළි කුණාටුවේ පරිමාව සහ හානිය දෙස බලන විට, ඉදිරියේ දී පතිත වන ආර්ථික කුණාටුව තුළින් රජය ද දේශපාලනික කුණා...

විදේශ ණය ගෙවීමේ ගැටළුවක් තිබේ ද? බදු ගෙවන්නන්ට බරක් වෙයි ද?

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  මේ දිනවල දේශපාලනික සහ ආර්ථික විද්වත් වේදිකාවල පවතින ජනප්‍රියම මාතෘකාව වනුයේ, 2028 සිට විදේශ ණය ගෙවන ආකාරය යි. බොහෝ දෙනෙකුට අනුව ආර්ථිකය දැන් ස්ථායිකරණය වී ඇති බැවින් රටේ ආදායමින් විදේශ ණය ගෙවිය හැකි අතර, නැවත IMF වෙත යාමේ අවශ්‍යතාවයක් නොමැත. තවත් සමහරුන්ට අනුව, IMF කොන්දේසිවලට 100% ක් අඛණ්ඩව අනුගත නොවුණ හොත්, නැවතත් ආර්ථිකය අර්බුදයට ලක් වී, ණය පැහැර හැරීමේ අවදානම පවතී. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, වත්මන් ආර්ථික ස්ථායිකරණය යනු නැවත විදේශ ණය ගැනීම හරහා ආනයන ආර්ථිකය යාවත්කාලීන කිරීම බවත්, රටේ ආදායමින් නොව, නව විදේශ ණය ගැනීම හරහා ණය ගෙවීම තුළින් විදේශ ණය යනු කිසිදා ගෙවා නිම නොකරන ණය බවත්, එසේ නව විදේශ ණය ගැනීමේ අවහිරතාවයන් මතු වුව හොත්, නැවත තාවකාලිකව විදේශ ණය පැහැර හැරීම සාමාන්‍ය ආර්ථික අවදානමක් බවත්,  වත්මන් IMF නව ලිබරල් ගෝලීය ඩොලර් දාමය තුළ රජයන් සිටින තෙක්, එවැනි ණය පැහැර හැරීමේ සිද්ධියක් ඇති නොවන බවත්,  හෙළි කිරීම යි.  එබැවින්, මහ බැංකු විදේශ සංචිතය හුවා දක්වමින් ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවත්, 2028 සිට...

නව ලිබරල් සහතිකයෙන් පිදුම් ලද 2026 අයවැය. නව ලිබරල් මිථ්‍යාව පිටු දකිමු.

Image
ලිපියෙහි අරමුණ සහ පසුබිම  IMF ආර්ථික කළමනාකරණ මොඩලයේ සිටින වත්මන් රජයේ දෙවැනි අයවැය පසුගිය නොවැම්බර් 7 දින ඉදිරිපත් වූ විගස, ඉන් උද්දාමයට පත් වූ නව ලිබරල් ආර්ථික විද්‍යාඥයන් විසින් එයට නව ලිබරල් අයවැයක් ලෙස ගෞරවය පුදන ලදි. එය හුදෙක් බංකොලොත් ශ්‍රී ලංකාව පාලනය පිළිබඳ ව IMF සහ දේශීය IMF නියෝජිතයන්ට දෙන ලද තත්ත්ව සහතිකයකි. එසේම, එය  නව සමාජවාදී රාජ්‍ය නායක පන්තිය,  මෙතෙක් කල් රට පාලනය කොට පරාජයට පත් වී ඇති නව ලිබරල් පාලක පන්තියට උසස් කිරීමකි. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, එය මිථ්‍යා මතවාදී ගෞරව සහතිකයක් බව හෙළි කිරීම යි . ඊට හේතුව, නව ලිබරල් අයවැයවල සමාජ ආර්ථික සදාචාරයක් සහ තාර්කිකත්වයක් නොමැති වීමත්, නූතන රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම්වල සැබෑ ගිණුම්කරණ සහ සාර්ව ආර්ථික පදනම පිළිබඳ දැනුමක් ඔවුන් සතු නොවීමත් ය. ඒ බව, ඔවුන් විසින් රාජ්‍ය අයවැය කළමනාකරණය මහ බැංකු මුදල් මුද්‍රණයෙන් වෙන් කොට, ආර්ථික කළමනාකරණය සහ ස්ථායිකරණයෙහි ප්‍රමුඛත්වය මහ බැංකුවට ප්‍රදානය කිරීමට උත්සාහ කිරීමෙන් මනාව පැහැදිළි වෙයි. 2026 අයවැය පිළිබඳ ව කිසිම ඉලක්කම් හෝ ගුණ දොස් විග්‍රහයක් මෙම ලිපියෙහ...